Saturday, August 8

Sinhala

ආදර ප්‍රගීත්, 
Sinhala, Sri Lanka

ආදර ප්‍රගීත්, 

මම ඔයාට අන්තිමට ලියපු ලියූ ලියුමේදී කිව්වා ඔයාට ඊලඟට මම කියන්නම් මානව හිමිකම් කොමිසමේදි මොනවාද වුනේ කියලා.  ඔයා දන්නවනේ මම ඒ කාලෙ වනවිට ශ්‍රී ලංකා මානව කොමිසම කියන්නේ මොකක්ද කියල වත් දැනගෙන හිටියේ නැහැ.මම යන එන තැන්වල සිටි බොහෝ දෙනා කිව්වා මානව හිමිකම් කොමිසමටත් ඔයාව අතුරුදන්කිරීම සම්බන්ධව පැමිණිලි කරන්න කියලා. ඉතින් මම 2010 පෙබරවාරි 02දා මානව හිමිකම් කොමිසමට ගියා පැමිණිල්ලක් කරන්න. ගාමිණි මල්ලියි, කොළඹ සංවිධානයක වැඩ කරන නීතිඥවරියකුයි මේ ගමනට සම්බන්ධ වුණ.   මට එතනදිත් හෝමාගම පොලිසියේදී වගේම සිද්ධියකටයි මුහුණදීමට සිද්ධ වුණේ.මතක විදියට එතන හිටපු නිලධාරියා සමගි පෙරේරා කියලා කෙනෙක්. එයා කිව්වා මේ අතුරුදහන් වෙච්ච මිනිස්සු ගැන මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කරන්න බැහැ කියලා. ඒ ගැන මම නම් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒත් මාත් එක්ක ගිය ඒ නීතිඥවරිය නම් එහි  නීතිමය තත්ත්වය ග...
මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Politics, Sinhala, Sri Lanka, World

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනයයි ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.  ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි  ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති පසුබිමක එහි සිට වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ සංහාරයේ ග...
හිරෝෂිමා ,නගසාකි න්‍යෂ්ටික බෝම්බ ඛේදවාචකයේ 80 වසරක මතකය සමරන මොහොතේ 21 සියවසේ ලෝකයමසජීවීව නරඹන මානව ඛේදවාචකය ” ගාසා හි පලස්තීන මානව සංහාරය.
Politics, Sinhala

හිරෝෂිමා ,නගසාකි න්‍යෂ්ටික බෝම්බ ඛේදවාචකයේ 80 වසරක මතකය සමරන මොහොතේ 21 සියවසේ ලෝකයමසජීවීව නරඹන මානව ඛේදවාචකය ” ගාසා හි පලස්තීන මානව සංහාරය.

"ස්වීට්සර්ලන්තය මේ මොහොතේ සිය ඓතිහාසික යුතුකමක් සහ වගකීමක් උල්ලංඝනය කරමින්සිටී. ස්වීට්සර්ලන්තය යනු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිර් මාතෘ හෙන්රි ඩූනන්ට්ගේ රටයි. ඔහු තම සොහොනෙන් නැගිටිනවා විය හැකියි. එසේම එය මානුශීය නීතී ක්‍රියාත්මක වන රටක්. සියවස් දෙකක යුද්ධයෙන් මිනිසුන් අඩුවෙන් දුක්වීඳීම සදහා කැපවූ රටක් . වර් තමානයේ නිල ස්විට්සර්ලන්තය තම මානූශීයවාදී ඉතිහාසයටත් , එහි මානූශීය වාදී ජනතාවටත් කෙල ගසමින් සිටී. එය ලැජ්ජා සගගතයි "ගාසා සහ ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් අත්පත්කරගත් බටහිර ඉවුර ආදී ප්‍රදේශ පිලිබද සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ෆැන්සිස්කා අල්බයිනිස් එසේ පැවසුවේ පසුගිය ජූලී මාසයේ ස්වීට්සර්ලන්තයේ බර් න් විශ්ව විද්‍යාලයේ ඇය සහ ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම් කමරආඩ් සහභාගී වීමට නියමිතව තිබූ " ගාසා හී යුද්ධය ගැන සාකච්චාවකට " විශ්ව විද්&...
ආසියා කොමියුනය සමග ශ්‍රිනාත් පෙරේරා Part 1
Politics, Sinhala, Uncategorized

ආසියා කොමියුනය සමග ශ්‍රිනාත් පෙරේරා Part 1

එක්සත් සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතීඥ ශ්‍රිනාත් පෙරේරා සහෝදරයා සමඟ ආසියානු කොමියුනයේ ශ්‍රි ලංකා කොමියුන් කමිටු සභික දොන් සමන්ත සහෝදරයා 2025 අගෝස්තු 5 වන දින පැවැත්වූ දේශපාලන සංවාදය https://youtu.be/lysvwnrHpOk?si=IpUaxbkHTHP3pZP_ https://youtu.be/feRgZp-iBLI?si=AXC7zOojuTFJmy2v https://youtu.be/SpJr7jZ4sY8?si=G8p2EmxTGGRkKZjn https://youtu.be/VMU_EnBszOg?si=VyAaoKfK7WIvSRLu
“මේක ඩොලර් නිසා පිස්සු වැටුණු ආණ්ඩුවක්“
Politics, Sinhala

“මේක ඩොලර් නිසා පිස්සු වැටුණු ආණ්ඩුවක්“

ඉෂංඛා සිංහආරච්ච සහෝදරිය මෙම ලිපිය ආසියා කොමියුනය වෙත (asiacommune22@gmail.com) 2025 මැයි 11 වන දින යොමු කරන ලදී. තව දුරටත් මෙහි කාලීන වැදගත්කම සලකා බලා අද දිනද කොමියුනය මෙය නැවත පල කරන්නෙමු. එම ජනතාවගේ ස්වයං කොමියුන් පාලනයක් වෙනුවෙන් එක්සත්ව සටන් කිරීමට අපි යෝජනා කරමු ! මැයි දිනය සමරන්න දිවයිනේ හතර කොණින් කම්කරුවන්  කොළඹට රැස්වෙන කොට මන්නාරමට එකතු වුනු ගොවි ජනයා  මැයි පෙළපාලියක් හා රැස්වීමක් පැවැත්වීය. ඉකුත් වසරේ ඇඹිලිපිටියෙන් ඇරඹි ගොවි මැයි දිනය  මෙවර මන්නාරමේ දී පැවැත්වුනේ දෙවනවරටය.“සූරාකෑමට,පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, කිරිගොවීන්ට අමතරව ධීවරයන්,වතු කම්කරුවන් හා ආදී වාසින් ද එක්ව සිටියේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ හවුල් කරුවන් ලෙසය. ``ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරීත්වය`` හා සෙසු ගොවි සංවිධාන මෙය සංව...
ආදර ප්‍රගීත්,
Sinhala, Sri Lanka

ආදර ප්‍රගීත්,

එදා අන්තිම ලිපිය ලිව්වේ අක්ෂි රෝහලේ   නැවතුතන පළමු දවසේ. දැන් ඇහේ තත්වය නම් සෑහෙන්න දුරට යහපත්. ඒත් හෙදිය දීපු පිළිපැදිය යුතු විනය නීති වලින් කන් දෙක පිරිලා.  මම එදා නැවැත්තුවේ 2010/01/25 හෝමාගම පොලීසියෙන් පිටවුණ තැනින්. ගාමිණී මල්ලිත් එක්ක පොලීසියෙන් පිටවෙලා ආපසු ගෙදරට ආවා.  ගෙදරට එනවාත් එක්කම සිරස මාධ්‍යයෙ මල්ලිලා දෙතුන් දෙනෙක් ගෙදරට ආවා. ජීවිතේ පළමු වතාවට කැමරාවක් ඉදිරියේ කතා කළා. ඒකත් ඔයා වෙනුවෙන් එදා ලොකු පුතා සංජයත් කතා කළා. ඔයා දන්නවනේ ඒ අවුරුද්දෙ තමයි ලොකු පුතා සාමාන්‍ය පෙළ ලියන්න නියමිතව හිටියෙ. එදා එයා කියපු වචන සියල්ල මේ මොහොතේ මගේ මතකයේ නැහැ ඒත් එදා එයා කියුවේ  “මගේ තාත්තා වරදක් කරලා නැහැ.කරුණාකර ඔහු ගෙදර එවන්න.” තව ක්‍රීඩා වලදි වංචා කරන එක වැරදියි වගේ අදහසකුත් කිව්ව වගේ මතකයි. මේ වෙනකොට මම දහස් ගණන් කැමරා ඉදිරිපිට කතා ...
Toggle Dark Mode