Sunday, August 9

Sinhala

සරල භාෂාවෙන් මාක්ස්වාදී පාරිභාශිත වචන – නීමේෂ් දේවන්ග.
Sinhala

සරල භාෂාවෙන් මාක්ස්වාදී පාරිභාශිත වචන – නීමේෂ් දේවන්ග.

මාක්ස්වාදය ඉගෙන ගැනිමෙදී එදිනෙදා භාව්තා කරන සංකිර්ණ වචන කිහිපයකි **මෙය පාරිභාෂික වචන  ලෙස හදුන්වයී**මෙය සරල භාෂවෙන් තෙරුම් ගෙන දී ඇත ගොඩක් සහෝදරයාන්ගේ ඉල්ලිම පරිදී.. *අමුර්තය*• Abstraction - වස්තුවල හෝ ඒවා අතර සබඳතාවල ඇතැම් ගුණාංග නොසලකා හරිමින් තනි ගුණයක් හෝ සම්බන්ධයක් ගැන අවධාරණය කිරිම. *අදේවවාදය* -- Atheism - භූතයින්, දෙවියන් සහ පරලොව ප්‍රතික්ෂේපකරන සහ සියලු ආකාරයේ ආගම් අතහැරදමන දාර්ශනික හා විද්‍යාත්මක මත පද්ධතියකි. *අඥෙයවාද* - Agnosticism - ලෝකය දැනගැනීමේ හැකියාව අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ධර්මයකි. *අද්වෛතවාදය* - Monism - පවත්නා සියල්ලෙහි යටින් ඇති මූලධර්මය එකම මූලාශ්‍රයක් බව, එනම් ද්‍රව්‍යය හෝ  අධ්‍යාත්මය (දෙවියන්) බව පිළිගන්නා ධර්මයකි. *උපයෝගිතාවාදය*;-Pragmatism සත්‍ය යනු  උපයෝගිත...
යුක්තිය මෙහෙයුම තරුණයෙකුගේ වෘෂණ කෝෂයකුත් ගලවා ගනී.
Sinhala

යුක්තිය මෙහෙයුම තරුණයෙකුගේ වෘෂණ කෝෂයකුත් ගලවා ගනී.

අනුරාධපුර මැදවච්චිය විරාල්මුරිප්පුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මාර්තු (07) වනදා තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා ඔහුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කර ඇත. මෙම සැත්කම සිදු කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසිනි. මැදවචිචිය විරාල්මුරිප්පුව ප්‍රදේශයේ තරුණයන් දෙදනෙක් ගමන් කළ ඩිමෝ ලොරිය හරස් කර නතර කළ ,පොලිස් යතුරු පැදියකිිින් පැමිණි නිලධාරීන් දෙදනෙකු, එම ලොරියේ සිටි තරුණයන් දෙදනාට ලොරියෙන් ඇද අමානුෂික ලෙස පහර දී ඇත. එක් තරුණයෙකුගේ වෘෂණ කෝෂ ප්‍රදේශයට සහ පිට පහර දී ඇති අතර අනෙක් තරුණයාට බිම දමාගෙන පහර දී ඇත. පසු බෙල්ට් එකකින් ‌අත් දෙක බැද එම ‌ලොරියේම දමාගෙන පොලිසියට රැගෙනවිත් තිබෙි. ලොරියේ රැගෙන ආ තරුණයන් දෙදනා කුඩුවට දමා ඇත. පොලිසියට රැගෙන ගිය පසුත් එක් තරුණයෙකුට පොල්ලකින් පහර දී තිබෙි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ ලොරිය පොලිස් අණ නොතකා ධ...
ධනේෂ්වර වෙළෙද පළ කඩා වැටෙන මොහොතක, නිර්ධන පන්තිය යළි ස්ථාපිත වේද ?
Sinhala

ධනේෂ්වර වෙළෙද පළ කඩා වැටෙන මොහොතක, නිර්ධන පන්තිය යළි ස්ථාපිත වේද ?

සමාජ ක්‍රමය යම් නිශ්චිත මොහොතක කඩාගෙන වැටීම ධනේෂ්වර ක්‍රමයට නෛසර්ගිකව අදාළ ලක්ෂණයකි. එය සිදුවන්නේ තවදුරටත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම තුල්‍යතාවකින් යුතුව නිදහස් වෙළෙද පළට කළ නොහැකිවිට ය. එම කඩා වැටීම තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම තවදුරටත් කරගෙන යෑම සදහා වෙළෙද පළ ස්ථාවර කර ගැනීමට ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය වේ. ඒ සදහා වැඩ කරන ජනතාව මූලික කර ගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් හා බෙදාහැරීමක් අවශ්‍ය බව මාක්ස්වාදයේ කිය වේ.  පීඩිතයන් සහ වැඩ කරන ජනතාව කාල්මාක්ස් තම දැනුම් පද්ධතිය ලොවට ප්‍රකාශ කරන විට "වැඩ කරන ජනතාව" ලෙස හැදින්වූයේ පීඩිතයන් ය. එනම් නිර්ධන පන්තියේ ජනතාව ය. එනම් ජීවත්වීම සදහා ශ්‍රමය අළෙවි කිරීම හැර වෙනත් වත්කමක් නොතිබුණ ජන කොටස ය.  වැටුප් ලබන අතර මැදි පංතිය ...
පැරිස් කොමියුනයේ සහ පළමු කම්කරු රාජ්‍යයේ විප්ලවවාදී කම්කරුවන්ට රතු ආචාරය!
Sinhala

පැරිස් කොමියුනයේ සහ පළමු කම්කරු රාජ්‍යයේ විප්ලවවාදී කම්කරුවන්ට රතු ආචාරය!

මීට වසර 153 කට පෙර, 1871 මාර්තු 18 වන දින පැරිස් කොමියුනය ආරම්භ විය. මාස දෙකහමාරක් තිස්සේ කම්කරුවන් ඉතිහාසයේ ප්‍රථම වතාවට, මිලියන දෙකක ජනගහනයක් සිටින නගරයක විශාල  බලයක් අත්හදා බැලීය. මෙම සති කිහිපයෙන් පසු ලෙයින් ගිලී ගිය කොමියුනය පළමු අත්දැකීම ලෙසත් කම්කරු පන්තියේ බලය කුමක් විය හැකිද යන්න පිළිබඳ උදාහරණයක් ලෙසත් පවතිනු ඇත. https://www.youtube.com/watch?v=xBq6YaK7GqU ASIACOMMUNE.ORG...
“කුහකකම්”
Sinhala

“කුහකකම්”

ඉන්දියාව වෙත යොමුවීම දේශපාලන සංවර්ධනයක් සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජ.වි.පෙ.) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. එම "කුහක ප්‍රකාශනයේ" කුහකකම් වර්ග තුනක් හා ගතිකත්වය ගැන ඔහු කතාකරනවා. කුහකකමින් තොරව සටහන කියවද්දී ගතිකත්වය ගැන කුහක ප්‍රශ්න කීපයක් මතුවුනා. ඒගැන කතා කරන්නට පෙර අපි හඳුන්නෙත්තිගේ "කුහක ප්‍රකාශනය" බලමු. "අනුර සහෝදරයා ඉන්දියාවේ ගිය ගමන ගැන දැන් විවිධ මත දැක්වීම් සංවාදයන් ඇතිවෙලා, ඒක දේශපාලන සංවර්ධන පැත්තෙන් හොඳ දෙයක්, මේ ඒ ගැන නෙමෙයි ! ඒ හරහා මතු වී තිබෙන කුහකකම්- hypocrisy -වර්ග ගැනයි ! එකක් සාමාන්‍ය මනුෂ්‍යයාට දැනෙන පුද්ගල කුහකකම (personal hypocrisy) වීරවංශට දැනිලා තියෙන්නෙ ඒක ! අඩේ මමත් ජවිපෙ හිටිය නම් මටත් යන්න තිබුණු ගමනක් නේද ? මේකා මේ ගිහ...
රාජ්‍යය බල යන්ත්‍රානුසාරයෙන් අපි දන්නවා ප්‍රතිවාදීන් මෙල්ල කරන්න. (ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත)
Sinhala

රාජ්‍යය බල යන්ත්‍රානුසාරයෙන් අපි දන්නවා ප්‍රතිවාදීන් මෙල්ල කරන්න. (ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත)

"මේ ගානට කිව්වාම ඇතිනේ" ඥානසිරි කොත්තිගොඩ. ජාතික ජන බලවේගයේ (NPP) නායකයෙක්වන කුරගමගේ දොන් ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන මණ්ඩල සභිකයාගේ වීඩියෝ කතාබහක් පසුගිය දිනක අහන්නට ලැබුණා. ඔවුන් රාජ්‍ය බලය ලබාගත්තාට පසු ප්‍රතිවාදීන් මර්ධනය කොට ඉදිරි ආර්ථික සැලැස්ම ගෙනියන්නේ කොහොමද කියල යම් හෙළිදරව්වක් මේ වීඩියෝ කතාබහේදී සිදුකරනවා. ප්‍රතිවාදීන් මර්ධනය කිරීමේ විධික්‍රමය පිළිබඳ පූර්ණ සැලැස්ම නොකියා "මේ ගානට කිව්වාම ඇතිනේ" යි කියමින් ඒ ප්‍රමානයට කිව්වාම සිංහල කාටත් වැටහෙන බව ඔහු තහවුරු කරනවා. ලාල්කාන්ත මේ නොකියා කියන්නේ බොහෝ සිංහල බෞද්ධයන් මර් ධනය ආශක්තවූවන් හා ඒවායේ දිග පළල ගැන මනා අවබෝධයක් තිබෙනා බව. නමුත් මට හිතෙන්නේ ඒ ගානට කිව්වට මදියි කියලා. ඒ නිසා ලාල්කාන්ත නොකියන මර්ධන න්‍යාය, මර් ධනය ලක්වන්නේ කවුරුන්දැයි විමසා බලන්න ඕන. ඒ වෙනුව...
පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sinhala, Sri Lanka

පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

17.03.2022 මාධ්‍ය නිවේදනයයි  පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් -  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජාතික රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ පාරමී නිලේප්ති රණසිංහට නැවත සේවයට නොපැමිණෙන ලෙස එහි පාලනාධිකාරියේ උපදෙස් මත යැයි පවසමින්, වැඩසටහන් නිෂ්පාදකවරු දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට සටහනක්ද එක් කර තිබේ. ඉහළින් ලැබුණු උපදෙස් මත රිවි දින අරුණැල්ල ඇතුළු වැඩසටහන්වල පූරක කාර්යයට මින් ඉදිරියට ඇගේ සේවය අනවශ්‍ය යැයි නිෂ්පාදකවරු පැවසූ බව සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළ විමසීමකට පිළිතුරු දුන් පාරමී නිලේප්ති පැවසුවාය. ඇය වැඩිදුරටත් පැවසුවේ, තමන් පළ කරන ෆේස්බුක් සටහන් මගින් ජනාධිපතිවරයා සහ රජය විවේචනය කෙරෙන නිසා රූපවාහිනියේ සේවයට යොදා නොගන්...
Toggle Dark Mode