සරල භාෂාවෙන් මාක්ස්වාදී පාරිභාශිත වචන – නීමේෂ් දේවන්ග.

මාක්ස්වාදය ඉගෙන ගැනිමෙදී එදිනෙදා භාව්තා කරන සංකිර්ණ වචන කිහිපයකි

**මෙය පාරිභාෂික වචන  ලෙස හදුන්වයී**මෙය සරල භාෂවෙන් තෙරුම් ගෙන දී ඇත ගොඩක් සහෝදරයාන්ගේ ඉල්ලිම පරිදී..

*අමුර්තය*• Abstraction – වස්තුවල හෝ ඒවා අතර සබඳතාවල ඇතැම් ගුණාංග නොසලකා හරිමින් තනි ගුණයක් හෝ සම්බන්ධයක් ගැන අවධාරණය කිරිම.

*අදේවවාදය* — Atheism – භූතයින්, දෙවියන් සහ පරලොව ප්‍රතික්ෂේපකරන සහ සියලු ආකාරයේ ආගම් අතහැරදමන දාර්ශනික හා විද්‍යාත්මක මත පද්ධතියකි.

*අඥෙයවාද* – Agnosticism – ලෝකය දැනගැනීමේ හැකියාව අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ධර්මයකි.

*අද්වෛතවාදය* – Monism – පවත්නා සියල්ලෙහි යටින් ඇති මූලධර්මය එකම මූලාශ්‍රයක් බව, එනම් ද්‍රව්‍යය හෝ  අධ්‍යාත්මය (දෙවියන්) බව පිළිගන්නා ධර්මයකි.

*උපයෝගිතාවාදය*;-Pragmatism

සත්‍ය යනු  උපයෝගිතාවයයි

(ප්‍රයෝජනවත්කමයයි.) පිළිගැනීමේ

ප්‍රතිපත්තිය මත පදනම් වු 

, සමකාලීන ධනේෂ්වර දර්ශනවාදයේ, මනෝමූල-විඥානවාදී ප්‍රවණතාවයකී ප්‍රයෝජනවත්කම යනු, පුද්ගලයාගේ මනොමුල 

වුවමනාවන් සපුරාලීම වශයෙන් සලකනු ලැබේ. අද  උපයෝගිතාවාදයේ ප්‍රකාශකයින්ට චාර්ල්ස් පියර්ස්,විලියම් ජේම්ස් සහ ජෝජ් ඩෙවි අයත් වෙති.

*ඓතිහාසීය භෞතිකවාදය* – Historical Materialism – මාක්ස්-ලෙනින්වාදයේ සංයුක්ත කොටසකි, ඒ සමඟම පොදු සමාජ විද්‍යාත්මක න්‍යායයකි. සමාජයේ කාර්යය සහ වර්ධනය මෙහෙයවන පොදු සහ විශේෂ නියමයන් ගැන විද්‍යාවකි. එය අත්‍යවශයෙන්ම, දයලෙක්තික

භෞතිකවාදයට ආවේනිකවූ මූලධර්ම, සමාජ ප්‍රපංච ක්ෂේත්‍රයට අදාළ කිරීමය.

*ක්‍රමය (විධිය)*- Method

* සත්‍යය සෙවීමේ අරමුණ

සහිතව, ප්‍රපංච විමර්ශනය කිරීමේ මාධ්‍යයකි. මාක්ස්වාදී දර්ශනය දයලෙක්තිකවාදී ක්‍රමයක් අනුගමනය කරයි.

*ඥානවිභාගය*-

Gnoseology (Epistemology) • දනුම පිළිබඳ ධර්මයකි දර්ශනවාදයේ මුලික ප්‍රශ්නයේ දෙවනි අංශයයී.

*ආධානග්‍රාහය (පොතේගුරුවාදය)*- Dogmatism – මූර්ත  තත්ත්වයන්ගේ විද්‍යාවේ සහ ව්‍යවහාරයේ අවශ්‍යතා නොසලකා වෙනස් කළ නොහැකි සංකල්ප සහ සූත්‍ර මත පදනම් වූ චින්තන ක්‍රමයකි.

*ආත්මමාත්‍රවාදය (ස්වසන්තානමාත්‍රවාදය) – Solipsism* -මනෝමූල විඥානවාදී න්‍යායයකි. මෙම න්‍යායයට අනුව, අත්මය  පමණක් පවතින අතර වාස්තවික ලොකයට පවතින්නෙ තනිකරම පුද්ගලයාගේ මනස තුළ පමණකි. 

*ද්වෛතවාදය – Dualism* – ද්‍රව්‍ය සහ සිත ස්වාධීන මූල ධර්ම දෙකක් වශයෙන් සලකන ධර්මයකි.

**දර්ශනවාදයේ පක්ෂවාදිත්වය – Partisanship in Philosophy* දර්ශනවාදයේ වාස්තවික සාමජ පංති නැඹුරුවකී.ප්‍රධාන දර්ශනික ප්‍රවනාතවල අරගලය සහා ප්‍රගතිශීලී හා ප්‍රතිගාමි සාමජ බලවෙග අරගලය අතර සම්බන්ධතවයකි.

**දයලෙක්තික භෞතිකවාදය – Dialectcal Materialism* විද්‍යාත්මක ලෝක දෘෂ්ටියකි. මාක්ස් – ලෙනින්වාදයේ සංයුක්ත කොටසකි.

හා සොබාදහමේ, සමාජයේ චින්තනයේ වර්ධනය පාලනය වන නියමයන් ප්‍රජානනය

කිරිමේ පොදු (විශ්වීය) ක්‍රමයයි.

*දයලෙක්තිකය – Dialectics -* සොබාදහමේ, සමාජයේ සහ චින්තනයේ වර්ධන පිළිබඳ විද්‍යාවයි. එය වස්තු සහ ප්‍රපංච සියලු අංශවලින් පරීක්ෂාකර බලයි.පාරභෞතිකවාදයේ

විරුද්ධ පැත්තය.

**දර්ශනවාදයේ මූලික නොහොත් ප්‍රාථමික ප්‍රශ්නය* Fundamental or basic Question of Philosophy* – මෙය විඥානය සහ සත්තාව, චින්තනය සහ ද්‍රව්‍යය, සොබාදහම් අතර සම්බන්ධතාවය පිළිබඳ ප්‍රශ්නයයි. මෙය අංශ

දෙකකින් සත්භාව විචාරාත්මක සහ ඥානවිභාගමය යන අංශ දෙකෙන්-සමන්විතය.

*දෘෂ්ටිවේදය* Ideologyදාර්ශනික, දේශපාලනික, ආගමික – සදාචාරමය සහ සෞන්දර්ය විද්‍යාත්මක මත පද්ධතියකි. මෙය අවසාන විශ්ලේෂණයේදී සමාජ පංතිවල වුවමනාවන් ප්‍රකාශ කරයි.

.

*දේවවාදය – Deism*- ලෝකයේ අපුද්ගල ප්‍රාථමික හේතුව වශයෙන් දෙවියන්ගේ පැවැත්ම කෙරෙහි විශ්වාසය. ලෝකයට මැවීමෙන් පසු. දෙවියෝ එය තනිව ක්‍රියාත්මක වීමට අතහැර ගිය බව විශ්වාස කෙරේ.

*දෛවවාදය – Fatalism* – ලෝකයේ සියලුම ක්‍රියාදාම ආරම්භයේදීම උත්තරීතර බලයක් හෝ ඉරණම හෝ දෛවය විසින් පූර්වයෙන් නිශ්චය කරනු ලැබ ඇතැයි කියන ධර්මයකි.

*ද්‍රව්‍ය – Matter* – විඥානයෙන් පරිබාහිරව සහ ස්වාධීනව පවත්නාවූද, විඥානය විසින් පරාවර්තනය ලබන්නාවූද වාස්තවික යථාර්තයයි.

*ද්‍රව්‍යජීප්වවාදය – Hylozoism*- සියලුම ද්‍රව්‍යයන් සජීවීයයි කියන උගැන්වීමකි.

.

*නියමය (නියාමය)Law* ප්‍රපංචවල අභ්‍යන්තර අත්‍යාවශ්‍ය, ස්ථාවර, පුනරාවර්තී සහ අවශ්‍ය අන්තර් සම්බන්ධයකි. වාස්තවික නියමයන් ප්‍රජානනය කිරීම සියලු විද්‍යාවන්ගේ ප්‍රධාන පරමාර්ථයයි.

*පංති, සමාජ – Classes, Social* – ඉතිහාසමය වශයෙන් නිර්ණය වන සමාජීය නිෂ්පාදන ක්‍රමයක තමන් දර නස්ථානයට අනුව සහ නිෂ්පාදන මාධ්‍යයට ඇති ස්වකීය සම්බන්ධතාවය අනුව එකක් තවෙකකින් වෙනස්වන විශාල ජන කණ්ඩායම්.

*පරාවර්තනය – Reflection*- අන්‍යෙනය අන්තර්ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් ස්වකීය ව්‍යුහය තුළ වෙනත් වස්තුවල විශේෂතා ප්‍රතිනිර්මාණය කිරීමට වස්තු සතුව

ඇත්තාවූ නිසග ගුණාංගයකි. පරාවර්තනය සජීවි සහ අජිවි සොබාදහම තුළ ‘මෙන්ම, සමාජයේද, එහි උසස් ස්වරූපය සත්තා විඥානය තුළද නිරීක්‍ෂණය කෙරේ.

*පාරභෞතිකවාදය*

*Metaphysics* දයලෙක්තිකයට

ප්‍රතිවිරුද්ධ වූ, චින්තනයේ අවිද්‍යාත්මක ක්‍රමයකි. වස්තු සහ ප්‍රපංච නිර්විකෘති(වෙනස්නොවන) සහ එකිනෙකින් ස්වාධීන ඒවා වශයෙන් පාරභෞතිවාදය සලකයි.

*ප්‍රතිවිරෝධය, දයලෙක්තික*- Contradication, Dialectical ඕනෑම චලිතයක, වර්ධනයක අභ්‍යන්තර මූලාශ්‍රයක් ප්‍රතිවිරෝධයන් පිළිබඳ න්‍යායය දයලෙක්තිකයෙහි

න්‍යෂ්ටිකය වේ.

*බහුත්වවාදය – Pluralism* – ලෝකය පදනම්වී ඇත්තේ එකිනෙකට සම්බන්ධ නැති භූතාර්ථයන් පද්ධතියකට අනුවයයි කියන ධර්මයකි. අද්වෛතවාදයේ විරුද්ධ

පැත්තය.

*භෞතිකවාද Materialism* – විඥානවාදයට ප්‍රතිවිරුද්ධ ප්‍රධාන දාර්ශනික ප්‍රවනතාවයකි. භෞතිකවාදය, ද්‍රව්‍යය ප්‍රාථමික බවත් අධ්‍යාත්මය (විඥානය) ද්විතීය බවත් කියා සිටියි. ස්වයංසිද්ධ, පාරභෞතිකවාදී සහ ග්‍රාම්‍ය (අසැබි)   යනුවෙන් භෞතිකවාදයේ වර්ග ඇත. එහි උසස්ම ස්වරූපය දයලෙක්තික හා ඓතිහාසීය භෞතිකවාදයයි,

මෙම සොබාදහම, සමාජය සහ මිනිසා පිළිබඳ සංගත භෞතිකවාදී මතයක් සහ මාක්ස් ලෙනින්වාදයේ සංයුක්ත කොටසක් වේ.

*මනෝමූල – Subjective* – මිනිස් විඥානයට පරාධීනවූ එය මත රඳා පවතින.

*මානවවාදය Humanism* –

පුද්ගලයෙකු වශයෙන් මිනිසාගේ ගෞරවය, සීමානොකරන ලද වර්ධනය සහ ප්‍රීතිය සඳහා ඔහුට ඇති අයිතිය ගරුකිරීම මත පදනම්

වු ඉතිහාසමය වශයෙන් වෙනස්වන මත පද්ධතියකි. මිනිසාගේ සුභසිද්ධිය සමාජ ප්‍රපංච තක්සේරු කිරීමේ එකම මිනුම් දණ්ඩ වශයෙන් මානවවාදය විශ්වාස කරයි.

*මාක්ස්-ලෙනින්වාදය – Marxism – Leninism* – මාක්ස් සහ එංගල්ස් විසින් නිර්මාණය කරන ලද සහ ලෙනින් විසින් නිර්මාණාත්මක ලෙස වර්ධනය කරන ලද විද්‍යාත්මක වූ දාර්ශනික, ආර්ථික සහ සමාජ-දේශපාලන මත පද්ධතියකි.

මාක්ස්වාදය 19 වෙනි සියවසේ මැදභාගයේ බිහිවූ අතර, කම්කරු පංතියේ මූලික වූවමනාවන් ප්‍රකාශ කරයි.

*යථානුභූතවාදය* (ඉන්ද්‍රියානුභූතවාදය)

-Positivism ධනේශ්වර දර්ශනවාදයේ වාස්තවික – විඥානවාදී ප්‍රවනතාවකි. එය භෞතිකවාදය සහ විඥානවාදය අතර අරගලයට ඉහළින්” සිටිනු ඇති විද්‍යාත්මක දර්ශනවාදයක් නිර්මාණය කිරීම සිය අරමුණ වශයෙන් ඉදිරිපත් කරයි. යථානුභූතවාදය අවධි කීපයක් පසුකර ගොස් ඇත. අද එය රූඩොල්ප් කාර්නැප්, බර්ට්‍රන්ඩ් රසල්හාන්ස්

රයිහන්බාහ් සහ වෙනත් අය විසින් නියෝජනය කරනු ලැබේ.

*වාස්තවික – Oblective* – මිනිස් විඥානයෙන් ස්වාධීනව පවත්නා

*විඥානවාදය – Idealism* – දර්ශනවාදයේ මූලික ප්‍රශ්නයට ප්‍රවේශවීම අතින් භෞතිකවාදයට හාත්පසින්ම විරුද්ධ දාර්ශනික ප්‍රවනතාවකි. එය විඥානය(අධ්‍යාත්මය) ප්‍රාථමික බව කියන මූලධර්මයෙන් ආරම්භවෙයි. අයෙකු මනෝමූල සහ වාස්තවික විඥානවාදය අතර වෙනස අඳුනාගත යුතුය. පළමුවැන්න ලෝකය පෞද්ගලික විඥානයේ පදනම මත අවබෝධකර ගනියි. දෙවැන්න, යථාර්ථයේ පදනම්

අද්‍රව්‍යමය ආත්මයක්, එක්තරා ආකාරයක උත්තර පුද්ගල මනසක් හෝ දෙවියෙක් යයි විශ්වාස කරයි.

*විතණ්ඩවාදය – Sophistry*-

 හිතාමතාම බොරු තර්ක යොදාගැනීම, එනම්, විවාදයේදී හෝ තර්කණයේදී මතුපිටින් සත්‍ය සේ පෙනෙන ව්‍යාජ තර්ක යොදා ගැනීම ව්තන්ඩවාදයයී.නුතන ජතිකවාදිනුත් ව්තාන්ඩවාදි තර්ක ගෙන එයී..

*විද්‍යාත්මක විධිවිද්‍යාව (ක්‍රමවේදය) – Methodology* ව්ද්‍යාත්මක 

ප්‍රජානනයේ සහ ලෝකයේ පරිවර්තනය කිරිමේ ක්‍රමය පිළිබඳ ධර්මයකි.

*ස්වේච්ඡාවාදය Voluntarism* – ලෝකයේ පවත්නා සියල්ලෙහි ප්‍රධාන පදනම කැමැත්ත (අභිමතය) වශයෙන් සලකන විඥානවාදී දාර්ශනික ප්‍රවනතාවයකි.

*සත්භාව විචාරය* – Ontology – පොදුවේ සත්තාව පිළිබඳ ධර්මය. දර්ශනවාදයේ මූලික ප්‍රශ්නයේ පළමුවන අංශය.

*සත්‍යය – Truth* – චින්තනය තුළ යථාර්ථය නිවැරදි ලෙස පිළිබිඹුවීම (පරාවර්තනය), අවසාන, විශ්ලේෂණයේදී ව්‍යවහාරය මගින් එය සත්‍යාපනය කෙරේ.

*සංශයවාදය – Scepticisn* – වාස්තවික යථාර්තය දැන ගැනීමේ හැකියාව පිළිබඳ සැක පහළකරන ධර්මයකි. සංගීත සංශයවාදය අඥෙයවාදයෙන් වෙනස්වන්නේ අල්ප වශයෙනි.

*සාපේක්‍ෂතාවාදය* Relativismමානව දැනුමේ

සාපේක්ෂතාව,සම්මුතිවාදිත්වය, සහ මනෝමූලත්වය පිළිබඳ විඥානවාදී න්‍යායයකි.

*සාංදෘෂ්ටිකවාදය – Existentialism* – සමකාලීන ධනේශ්වර දර්ශනවාදයේ මනෝමූල – විඥානවාදී ප්‍රවනතාවයකි. මෙහි ආරම්භකයෝ මිනිසාට එරෙහිව සමාජයත්, දාර්ශනික දැනුමට එරෙහිව විද්‍යාවත් පරාස්ථාපනය කරති.

*සාරසංග්‍රහවාදය – Eclecticism* – විවිධ සහ ඇතැම්විට විරුද්ධ දාර්ශනික මතවල හිතාමතා සිදුකරන ලද අවුල්ජාලයකි, මිශ්‍රණයකි.

“*සකල දේශ වාසි නිර්ධනයනී එක්වියව්*”

සටහන :-නීමේෂ් දේවන්ග.

Loading