හේගල්ගේ අපෝහක විඥානවාදය
ජෝජ් හේගල්ගේ (1770-1831) 'ආත්මයේ සංසිද්ධි විද්‍යාව' (The Phenomenology of Spirit – 1807) කෘතිය, මූලික සංවේදී අත්දැකීම්වල (sensory experiences) සිට පරම දැනුම (absolute knowing) දක්වා ආත්මීය විඥානය නිරීක්ෂණය කරන කෘතියකි. ආත්මීය අවබෝධය තුළින් මානව ඥානය මතු වන ආකාරය පෙන්වන සාධක විශාල ප්‍රමාණයක් එම කෘතිය තුළ සාකච්ඡා කරයි. 'ආත්මයේ සංසිද්ධි විද්‍යාව' යන නමින් "ආත්මීය ප්‍රවාහයක් ලෙස" ඓතිහාසික අවධීන් හරහා විඥානයේ ඇති වන පරිණාමය ගැනද එම කෘතිය තුළ සාකච්ඡාවට බඳුන් කරයි.
හේගල්ගේ 'තමන්-තුළම-පැවැත්ම' (being-in-itself) යන සංකල්පය එම කෘතියේ දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රස්තූතයකි. එය බාහිර මැදිහත්වීමකින් ස්වයං-අන්තර්ගතය (self-contained), ක්ෂණික පැවැත්මකින් වෙන් කර හඳුනාගන්නා ඥානයේ අවධියක් බව පෙන්වා දෙයි. එම මතය හේගල්ගේ අපෝහක විඥානවාදී දර්ශනයේ ප්‍රධානම සංඝටකය...








