හිරෝෂිමා ,නගසාකි න්‍යෂ්ටික බෝම්බ ඛේදවාචකයේ 80 වසරක මතකය සමරන මොහොතේ 21 සියවසේ ලෝකයමසජීවීව නරඹන මානව ඛේදවාචකය ” ගාසා හි පලස්තීන මානව සංහාරය.

“ස්වීට්සර්ලන්තය මේ මොහොතේ සිය ඓතිහාසික යුතුකමක් සහ වගකීමක් උල්ලංඝනය කරමින්සිටී. ස්වීට්සර්ලන්තය යනු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිර් මාතෘ හෙන්රි ඩූනන්ට්ගේ රටයි. ඔහු තම සොහොනෙන් නැගිටිනවා විය හැකියි. එසේම එය මානුශීය නීතී ක්‍රියාත්මක වන රටක්. සියවස් දෙකක යුද්ධයෙන් මිනිසුන් අඩුවෙන් දුක්වීඳීම සදහා කැපවූ රටක් . වර් තමානයේ නිල ස්විට්සර්ලන්තය තම මානූශීයවාදී ඉතිහාසයටත් , එහි මානූශීය වාදී ජනතාවටත් කෙල ගසමින් සිටී. එය ලැජ්ජා සගගතයි “

ගාසා සහ ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් අත්පත්කරගත් බටහිර ඉවුර ආදී ප්‍රදේශ පිලිබද සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ෆැන්සිස්කා අල්බයිනිස් එසේ පැවසුවේ පසුගිය ජූලී මාසයේ ස්වීට්සර්ලන්තයේ බර් න් විශ්ව විද්‍යාලයේ ඇය සහ ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම් කමරආඩ් සහභාගී වීමට නියමිතව තිබූ ” ගාසා හී යුද්ධය ගැන සාකච්චාවකට ” විශ්ව විද්‍යාල බලධාරීන් විසින් අවසර නොදුන් අවස්ථාවේ  ඒ පිලිබදව Republic online මැගසීනය සමග සම්මුඛ සාකච්චාවකදීයි ඇය එසේ පැවසූවේ. (www.republik.ch/2025/07/03/callamard-albanese-die-schweiz-spuckt-auf-ihre-geschicht)

පසුගිය අගෝස්තු 9 දා (2025.08.09 ) ස්වීට්සර්ලන්තයේ Museum Henry Dunant පරිශ්‍රයට ජනතාව එක්වූයේ නගසාකී වෙත ඇමරිකන් න්‍යෂ්ටික බෝම්බය හෙලා සිදුකල මානව ඛේදවාචකයට වසර 80 ක් පිරීම නිමිත්තෙන් ඒ ගැන සැමරීමට. එදින එම සැමරුමේ විශේෂ ආරාධිතයා වූයේ ස්වීට්සර්ලන්තයේ ජපාන තානාපති Bern Yoshinori Fujiyama මහතායි.

Appenzell Ausserrhoden ප්‍රාන්තයේ දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් ඊට සම්බන්ධ වී සිටියහ  . එහි එම සිහිකිරීම සිදුකිරීමට විශේෂ හේතුවක් වූයේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිර් මාතෘ හෙන්රි මෙන්ම පලමු නොබේල් සාම ත්‍යාගය ලාභීයා ඩුනාට් ජීවත්වූ නිවස එය වීමය  ( එය වර් තමානයේ හෙන්රි ඩුනාට් අනුස්මරණ කෞතුකාගාරය වෙයි).

තවද නගසාකී න්‍යෂ්ටික බෝම්බයෙන් විනාශ වූ දේවස්ථානයකට විනාශ නොවී තිබී සොයාගත් ඝාන්ඨාරයේ අනු පිටපතක් එහි සවිකර ඇත. න්‍යෂ්ටික අවි හරණය ලොවට වැදගත් වනුයේ එයින් කිසිදු රටකට  ආරක්ෂාව ලැබිය නොහැකි වන නිසාවෙන් ය.න්‍යෂ්ටික අවි ලෝකයට විනාශය මිස ආරක්ෂාව ගෙන නොදේ.

පිලිගැනීමේ කතාව හෙන්රි ඩුනාට් කෞතුකාගාර සංගමයේ  සභාපති Andreas Ennulat විසින් සිදුකල අතර සභාව ඇමතු සෙසු අය වූයේ Marianne Kürsteiner (ippnw Schweiz) සමාජ වගකීම සහ න්‍යෂ්ටික යුද්ධ වැළැක්වීම සඳහා වෛද්‍යවරු Robert Diethelm  Heiden මහ නගර සභාවේ සභාපති සහ සාමය සඳහා නගරාධිපතිවරු වෙනුවෙන්  Mayors සහ Hansueli Reutegger (Landammann AR) වීය .

එසේම Florian Eblenkamp (ICAN)විසින් ආරාධිත කතාව සිදුකල අතර එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම පිළිබඳ මහජන ඡන්දයක් දිනවීමේ වැදගත්කමද එහිදී අවධාරණය කලේය.

www.icanw.org/new_swiss_initiative_calls_for_popular_vote_on_un_nuclear_weapons_ban_treaty

හිරෝෂිමා , නගසාකී මානව  ඛෙදවාචකයයේ 80 වැනි වසර සිහිකරන මේ මෙහොතේ, මුලු ලෝකයම 21 සියවසේ මානව ඛේදවාචකයක් සජීවීව නරබමින් සිටී. ඒ ඊශ්‍රායල් -ඇමරිකන් පැසිස්ට් සංධානය පලස්තීන ජනයාට එරෙහිව ගාසා හී ගෙනයන වාර් ගික සංහාරයයි.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මහලේකම් Agnès Callamard ගාසා හී පලස්තීන ජන සංහාරය මෙසේ කියා සිටී. ” අපි නව යුගයකට පිවිසෙමින් සිටිමු. ගාසා තීරය අපේ මනුෂ්‍යත්වයේ සුසාන භූමියකි, පලස්තීනුවන්ට සුසාන භූමියකි, ජාත්‍යන්තර මානුෂීය නීතියේ සුසාන භූමියකි. අපි ලොව පුරා විකාශනය වන අවමංගල්‍යයක් නරඹමින් සිටිමු. ජාත්‍යන්තර මානුෂීය නීතිය වළලන රටවල් එසේ කරන්නේ දැනුවත්වය”

ලෝකයේ කිසිදු මානව නීතියකට සම්මුතියකට ගරු නොකර ගෙන යන එම ජන සංහාරය නතර කිරීමට ලෝකයේ බලවතුන් යැයි කියාගන්නා වුන්ට නොහැකිවී ඇත.

එම ජන සංහාරයට එරෙහීව ලෝකයෙන් නැගී එන විරෝධය සහ පිලිකුල හමුවේ දැන් දැන් සුළං හමන දිසාව වෙනස් වෙමින් පවතින නමුත් , පලස්තීන ජන සංහාරය නතරකර , යුද්ධයෙන් තොරව පලස්තීනුවන්ට නිදහස සහ ඊශ්‍රායල් වැසියන්ට ආරක්ෂාව සැලසෙන දේශපාලන විසදුමකට ඊශ්‍රායල් පැසිස්ට් ආන්ඩුව රැගෙන ඒමේ බලපැම කල හැක්කේ ලොව පුරා සිටින කම්කරු – පීඩිත ජනයාට පමනයි. 

සරත් මද්දුමගේ විසිනි

Loading

Related posts