14SepNo Comments
ලස්සන සාපේක්ෂයි ……..
මට හිතෙන විදියට ලස්සන සාපේක්ෂයි. එකිනෙකා දකින , සිතන සහ එකිනෙකාට දැනෙන හැටියට ලස්සන නිර්වචනය වෙයි.
වරක් අප්‍රිකානු කතක් ලෝක රූ රැජින තරඟයකින් ජය ගැනීම ගැන එම තරඟයට සහභාගී වූ සෙසු තරඟකාරීනීයන්ට වඩා විස්ෂෝප වූයේ ඇතැම් ලංකාවේ ගැහැණුන් යැයි මට මතකයක් ඇත.
එසේ වුයෙ රූමත් බව පිලිබද එවුන්ගේ පැන්ටසියට ඇය නොගැලපෙන නිසා විය හැක. අදුරු සම් තියෙන බොහෝ අය තමන්ට තමන්වත් හදුනාගැනීමට නොහැකිවන සේ පොටෝ එඩිට් කරන්නේ ඒ පැන්ටසිය නිසාය. එහි වරදක් නැත . ඒවා ඉතා අවිහිංසක ආශාවන් වෙයි.
පාර්ලිමේන්තු මංත්‍රී වරියකට මංත්‍රී වරයකු කැත ගැහැණියක් යැයි කීම අරබයා අගමැතිනිය පාර්ලිමේන්තුවේ බොහෝ දේ කියනු ඇසුනි.
කිසිවෙකුට ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුම උපහාසයට හෝ අපහාසයට ලක්කිරීමේ අයිතියක් නැත. එවැනි දෙයකින් අනෙකාගේ අයිතීන් උල්ලංඝනය වන්නේය. එසේම කැත යන්න්නද සාපේක්ෂය.&nbs...
11SepNo Comments
ආදර ප්‍රගීත්!
අද අගෝස්තු මාස දහවෙනිදා. පහුගිය පෙබරවාරි මාසේ ඉඳල ඇස් දෙකත් එක්ක කරපු අරගලය අවසන් වෙලා. මාස අටකට පසුව ඇස් දෙක දැන් යථා තත්ත්වයට පත්වෙලා කියන සැනසිලිදායක සිතුවිල්ලත් සමග මෙය ලියන්නේ. පහුගිය කාලේ විවිධ අවස්ථාවල ඔයාට ලියන්න උත්සාහ කළත්, ආර්ථිකය ඇතුළු තව බොහෝ දේවල් සේම, ලියන්න ගත් උත්සාහයනුත් අසාර්ථක වුණා.
හැබැයි ප්‍රගීත්, මේ ඇතිවුන සැනසිලිදායක තත්වෙත් එක්කම යලිත් මේ මොහොතේ ඔයාට යුක්තිය ඉටුවීම පිළිබඳ තැබූ බලාපොරොත්තු සුන් වේදෝ යන සැකය මතුවෙලා. ඒ මෙම නඩුවේ සභාපති විනිසුරු තුමා කිසියම් චෝදනා හේතුවෙන් සේවය අත්හිටුවා ඇති බවට මාධ්‍ය තුලින් පුවතක් දුටුව නිසා.
ප්‍රගීත් මට එතුමා පිළිබඳව එක මතකයක් තියෙනව. ඒ එතුමාව මෙම නඩුවට පත්වූ මුල් කාලයේදීම එතුමාව නඩුවෙන් ඉවත් කිරීමට කාට හෝ අවශ්‍යව තිබුණා යන කාරණය . මා එසේ කියන්නේ. දිලිත් ජයවීරයන්ගේ මාධ්‍ය ...
9SepNo Comments
රුසියාවේ පිළිකා එන්නත පිටුපස ඇති සෝවියට් උරුමය
පිළිකා එන්නතක් සාර්ථක වූ බව රුසියාවේ Federal Medical Biological Agency විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි. මෙය MRNA තාක්ෂණය මත පදනම් වූ එන්නතක් වන අතර අද මෙම ජයග්‍රහණය මුළු ලෝකය පුරාම කතාබහට ලක් වෙනවා. නිශ්චිත වශයෙන්ම මෙය රුසියාවේ පමණක් නොව මුළු මහත් මානව සංහතියේම ජයග්‍රහණයක්. භූ දේශපාලනික වශයෙන් ගත්ත ද මෙම ජයග්‍රහණය නිසා රුසියාව දේශපාලනික වශයෙන් පවා ඉදිරියට පැමිණීමට ඉඩ තිබෙනවා. හොදයි සියලු දෙනා මේ විශේෂ ජයග්‍රහණය ගැන කතා කරනවා නමුත් මෙම ජයග්‍රහණය පිටුපස තියන සෝවියට් දේශයේ උරුමය ගැන කතා කරනවා මම දැක්කේ නැති තරම්.!!
අද වර්තමාන රුසියාව සතුව ඇති වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය, සංවර්ධනය වැනි දේවල් වලින් අති බහුතරයක් 1991 සෝවියට් දේශයේ බිඳවැටීමෙන් බිහි වූ දේවල් නොවන අතර මේ සියල්ල්ම සෝවියට් සංගමයේ උරුමයක් ලෙසයි වර්තමාන රුසියාවට හිමි වෙන්නේ..
...
4SepNo Comments
කොන්ත්‍රාත් සහ සේවයෙන් පහ කිරීම්
සේවකයෙකු සිය රැකියාව ආරම්භ කරන අවස්ථාවේදී රැකියාව පිලිබඳ විස්තර සේවයෝජකයා විසින් ඉදිරිපත් කළ යුතු බව 1954 සාප්පු හා කාර්යාල සේවක පනත නියම කරයි. ලිඛිත රැකියා ගිවිසුම තුළ පහත සඳහන් කරුණු අන්තර්ගත විය යුතුය. සේවකයාගේ නම තනතුර සහ පත්වීමේ ස්වභාවය, පත්වීම ක්‍රියාත්මක වන දිනය, සේවකයා පත් කරනු ලබන ශ්‍රේණිය, මූලික වැටුප් සහ වැටුප් පරිමාණය, වැටුප (පාරිශ්‍රමිකය) ගෙවනු ලබන්නේ සතිපතාද සති 2කට වරක්ද නැතහොත් මාස්පතාද යන වග, ජීවන වියදම් දීමනාව, (ඇත්නම්) අනිකුත් දීනා (ඇත්නම්) පරිවාස හෝ පුහුණු කාල පරිච්ඡේදය, පරිවාස හෝ පුහුණු කාලපරිච්ඡේදයට අදාල කොන්දේසි සමග එම පරිවාස හෝ පුහුණු කාලය තුළ පත්වීම අවසන් කළ හැකි තත්ත්වයන් රැකියාවට බලපවත්වන කොන්දේසි සහ රැකියාව අවසන් කළ හැකි කොන්දේසි සහ තත්ත්වයන් සාමාන්‍ය වැඩ පැය ගණන, සතිපතා නිවාඩු දින ගණන සහ වාර්ෂික නිවාඩු, ගෙවනු ලබන අතිකාල අ...
2SepNo Comments
හඳ ඇල්ලීමට සිතන මිනිසා තම පාමුල පිපෙන මල් දෙස බැලීමට අමතක කරයි.”-Albert Schweitzer
ඔහුගේ නම Schweizer වූවාට ඔහු ස්විස් ජාතිකයකු නොව German ජාතිකයෙක්.ඔහු උපන්නේ 14. January 1875 in Kaysersberg (Elsass). Elsass කලින් Germany අයත්වුවත් පලමු ලෝක යුද්ධයෙන් පසු එම ප්‍රදේශය ප්‍රංශයට අයත් වුනා. : ඔහුට 1952 නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට එරෙහීව ඔහු ලබාදුන් දායකත්වය හේතුවෙන්.
- Albert Schweitzer ගැන මේ කතාබහ සිදුවූයේ පසුගිය සිකුරාදා 29 .08 .2025 Frauenfeld නගරයේ Fiirabe-Träff හී දී Feierabend යනුවෙන් හදුන්වන්නේ දවසේ මෙහෙය නිමාව . ඉතින් Fiirabe-Träff කියන්නේ ස්විස් German වලින් දවසේ මෙහෙය නිමාවී පැවැත්වෙන හමුව. එය පැවැත්වෙන්නේ පැරණි මෙතෝදිස්ත දේවාස්ථාන ගොඩනැගිල්ලේ . බැතිමතුන්ගේ පැමිණිමේ හිඟය තමා එම දේවස්ථානය වැසී යෑමට හේතුවූයේ. එය දැන් හැදින්වන්නේ PROJEKT
WERKSTAT යනුවෙන් .
නගරයේ සංක්‍රමණික ජනයා සදහා නොමිල...




