මාක්ස්වාදයට හතුරු 71 මදාවිකාරයන්ගේ පුස් රංගන
ශාන්ත විජේසුරිය විසිනි.
රංජිත් අමරසිංහ හෙවත් පොඩි රංජි සහෝදරයා විසින් රචිත 71 බක්මහ අකුණ පොත පිළිබදව පැවති සංවාදයට එක්වීමට මට ද අවස්ථාවක් ලැබුණි. එම පොතේ වැඩේට මට ආරාධනා කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරයෙකි . ඔහුට අමරසිංහ සහෝදරයා පිදු පොත මට ගෙනැවිත් දී කියවා එන්නැයි සහෝදරාත්මක ඇරයුමක් කළේය.
මෙම පොත පිළිබද සංවාදය පැවතියේ ඔක්තෝම්බර් ( 07) කොළඹ බොරුල්ලෙ ඇන්.එම. පෙරේරා අනුස් මරණ ශාලාවේය .
රංජිත් සහෝදරයාගේ පොතේ වැඩේ පිළිබද මගේ මතකයෙන් ගිලිහි ගොස් තිබු අතර ඔක්තෝම්බර 08 වැනිදා බලපිටියේ අධිකරණය ඉදිරිපිට පැවැත්වීමට සුදානම් කර තිබු උද්ඝෝෂණයට පෝස්ටර ඇදිම සදහා පංචිකාවත්තේ පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදින්ගේ සංගම් කාර්යාලයට පැමිණ සිටියෙමි. පෙරටුගාමී සහෝදරයා ශාන්ත සහෝදරයා වැඩේ පටන් ගන්න යන්නේ එනවා නේදැයි දුරකතනයෙන් සිහි කැදවීමක් කළේය. ඒ වනවිට මාව හමු වීම සදහා අර...









