Sunday, August 9

Sinhala

ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම්
Politics, Sinhala, Sri Lanka

ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම්

ආදර ප්‍රගීත්.  සමාවෙන්න ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි උනා. මං හිතන්නේ මම අන්තිමට ඔයාට ලිව්වේ ජිනීවාවලදී. ඊට පස්සෙ මම පුතාලා බලන්න එයාල ඉන්න ගෙදරට ගියා. එයාලත් එක්ක ටික කාලයක් ඉදල ලංකාවට ආවා.ඒත්  දිගින් දිගටම ලියන්න උත්සහ කළත් විවිධ හේතු නිසා  මග ඇරුනා.  ප්‍රගීත්, 16වෙනි අවුරුද්දෙත් අපේ ගෙදර කිරි ඉතුරුනේ නැහැ. කිරිබතක් ඉදුනෙත් නැහැ. කොහොමත් ඒ කාලය ගත කරන්න අමාරුයි. තනියම ඉන්න කොට තවත් අමාරුයි. මම ඔයාට කියන්න පටන් ගන්න තියෙන්නෙ යුක්තිය සොයාගෙන අධිකරණයට යන්න පටන් ගත් තැන සිට.. ඒක ගොඩක්ම ලොකු කතාවක්. ලේ කඳුලු දහඩිය පිරුණ කතාවක් . ප්‍රගීත්, අද 2026 ජනවාරි 14වෙනිදා. හරියටම තව දවස් දහයකින්. අපෙන් උදුරාගෙන. දාසය වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනවා. 2025. අවුරුද්ද පටන් ගත්තට වඩා. බොහොම අභියෝග සහිතව තමා 2026 පටන් ගන්තෙ සහ මේ දින කිහිපය ගෙවුනෙ. . 202...
දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!!
Politics, Sinhala, Sri Lanka

දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!!

කොළඹ නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති දියගම වනාන්තරය මේ වන විට හඳුනාගත් ශාක විශේෂ 103ක්, උරග විශේෂ 29ක්, උභය ජීවී විශේෂ 10ක්, සමනල විශේෂ 60ක්, පක්ෂී විශේෂ 90ක් සහ ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ සත්ත්වයෙකු වන රත් උණහපුළුවා (Red Slender Loris) ඇතුළු ක්ෂීරපායී විශේෂ 20ක් සඳහා නිජබිමක් වූ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සුවිශේෂී පාරිසරික කලාපයකි. එබැවින් දියගම වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කොට එහි පැවැත්ම තහවුරු කරන ලෙස පාර්ශ්ව රැසක් දිගින් දිගටම වගකිවයුතු බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් ඒ කිසිවෙකුත් මේ වන තෙක් ඊට සාධනීය ප්‍රතිචාර ලබා දී නොමැත.  ‎ ‎එසේම කණගාටුදායකම කරුණ නම් සංරක්ෂණය විය යුතු මෙම භූමි භාගය මේ වන විට හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා භාරයෙහි, දියගම ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩා නේවාසිකාගාර ඉදිකිරීම සඳහා වෙන් කරන ලද ඉඩමක් වීමයි. එම සංවර්ධන කට...
ස්වීට්සර්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධය ..
International, Politics, Sinhala, Sri Lanka

ස්වීට්සර්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධය ..

පසුගිය සෙනසුරාදා එනම් 2025 නොවැම්බර් 22 දෙවනදා ස්වීට්සර්ලන්තයේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්ලියස් අංශක සෘණ 2 ට පහලින්. ඒ වගේම සුළඟ.  එහෙත් එය කිසිවක් බාදාවක් කර නොගත් උනුසුම් හදවත් ඇති දහස් ගනනක් වූ ගැහැණු , පිරිමින් සහ කුඩා දරුවන් ස්විස් පෙඩරල් පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වී සිටියේ , සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධතාවයට සහභාගී වීමට . ඊට සහභාගී වුයේ හුදෙක් සෞඛ්‍ය සේවකයින් පමනක් නොවෙයි.  දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්  , විශ්‍රාමිකයිගේ සංවිධාන නියෝජිතයින් ආදී වශයෙන්  වූ පිරිස් ඒ අතර සිටිනු දක්නට ලැබුනා. "ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් , විශ්වීය සත්කාරයක්, සාධාරණ සේවා කොන්දේසී උදෙසා වූ ජනතාවගේ කැමත්ත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලකර අපි වීදී බසින්නෙමු"  එසේ උද්ඝෝෂණ සංවිධානය කල ස්විස් සෞඛ්‍ය සේවයේ වෘත්...
මජං අතට අහම්බෙන් පැමිණි පිංසල…
Politics, Sinhala, Sri Lanka

මජං අතට අහම්බෙන් පැමිණි පිංසල…

යොවුන් වියේ සිටම (1985) මම ඔට්ටුවුනේ යකඩ එක්ක. යතුරු, කපන කටු , මිටියෙන් තමා මුලිම්ම දුම්රියේ වෘත්තීය ආධුනිකයකු ලෙස වැඩ පටන් ගත්තේ.. ලංකා දුම්රියේ දුම්රිය ජල ශක්ති (HLS) ධාවනාගාරයේ රැකියාව ලැබුනේ 1990 අගෝස්තුවේදී. ඊට කලින් කොළඹ වියළි නැව් තටාංගනයේ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් , වෑද්දුම්කරුවෙක් හැටියටත් වැඩ කලා. දුම්රියේ පසුකාලීනව 1995 සිට වෘත්තීය සමීතී ක්‍රියාකාරීකයකු ලෙස ජීවිතයට අලුත් අත්දැකීම් එකතුවුනා. දේශපාලන , සමාජ ක්‍රියාකාරීන් හදුනාගත්තා. දුම්රිය එංජින් එක්ක ගෙවුනු ජීවිතයට අමතරව ඒ කාලයේ කම්කරු - පීඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙවීගියා. කම්කරුවන් වෙනුවෙන් දුම්රිය කම්කරු එකතුව අපි ආරම්භ කෙරුවේ 1999 දී . කම්කරු පුවත් පත " අකුණ " 2002 දී අපි ආරම්භ කෙරුවේ ශාන්ත විජේසූරිය සහෝදරයාගේ මැදිහත් වීමෙන්. ඔහු එහි ආරම්භ කතෘ වුනා. පසකාලීනව ඒ වගකීම දැරුවේ මම. ...
” සතිමත් බව” පිලිබද වැඩසටහන 
Politics, Sinhala, Sri Lanka

” සතිමත් බව” පිලිබද වැඩසටහන 

2025 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 2 දින දක්වා, පානදුරේ , නල්ලූරුවේ ගෝතමක්ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති „ජීවිතට විඳීම පිනිස " චිත්‍ර ප්‍රදර්ශනයයේ විශේෂ අවස්ථාවක් වූයේ, පානදුර ප්‍රදේශයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන හී නේවාසීක දරු - දැරියන් උදෙසා පැවති" සතිමත් බව " පිලිබද වැඩ සටහන. 2025 නොවැම්බර් 01 දා පෙ:ව 10:00 සට පෙ:ව: 11:30 දක්වා පැවති එම වැඩසටහනට මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා ස්වේච්ාවෙන් සහභාගී විය.  ඇත්ත වශයෙන්ම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව එවැනි වැඩසටහනක් පැවැත්වීමේ වැදගත්කම ගැන මට යෝජනා කලේ වෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා වීය . ළමා රැකවරණ මධ්‍යස්ථානයක නේවාසිකයකු ලෙස තම ළමා කාලෙයේ සහ නව යොවුන් වියේ වැඩි කාලයක් ගෙවා දැමූ මගේ ජීවන අත්දැකීම් ගැන එම දරුදැරියන්ට පැහැදිලිකර දීමට එහිදී මට අවස්ථාවක් ලැබින. එම වැඩ...
Toggle Dark Mode