රුසියානු විප්ලවයෙන් වසර 100කට පසුව
මෙම කෘතිය (වෙලුම I, II), 716 1/1, කෝට්ටේ පාර, ඇතුල්කොට්ටේ, කෝට්ටේ ලිපිනයේ පිහිටා ඇති සසප කාර්යාලයෙන් මිලදී ගත හැක. කුරියර් සේවාව හරහා පොත ගෙන්වා ගැනීමට, 0776939344 දුරකථන අංකය අමතන්න. මෙවර බන්ඩාරනායක සම්මන්ත්රනශාලාවේ පැවැත්වෙන ජාත්යන්තර පොත් ප්රදර්ශනයේදී “සේරි පබ්ලිකේෂන්” (D-කුටි අංක 02), මෙම කෘතිය ඇතුලු තවත් කම්කරු මාවත ප්රකාශන ගනනාවක්ම විශේෂ වට්ටම් මිලකට අලෙවි කරනු ඇත.
****
රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? - වෙලුම I: පෙබරවාරි විප්ලවය හා බොල්ශෙවික් මූලෝපායේ වර්ධනය
1917 පෙබරවාරි හා ඔක්තෝබර් අතර කාලයක් රුසියාව, අති දැවැන්ත විප්ලව දෙකකින් සොලවාලන ලදී. ප්‍රථම විප්ලවය වසර 300ට වැඩි කාලයක් එරට පාලනය කල රොමානාවේ ඒකාධිපතිත්වය පෙරලා දැමීය. දෙවැන්න ධනපති තාවකාලික ආණ්ඩුව පෙරලා දමා ඉතිහාසයේ ප්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍යය පිහිටුවීය.
රුසියානු විප්ලවයෙන...









