බ්‍රිතාන්‍යයේ බීබීසී 4 නාලිකාව විසින් ඊයේ රාත්‍රියේ විකාශනය කරන ලද වීඩියෝවක් මගින් හෙළිදරව් කර ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ නිලධාරීන් 2019 පාස්කු ඉරුදින ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද බෝම්බ ප්‍රහාර වලට කෙළින්ම සම්බන්ධව සිටි බවයි. දේවස්ථාන 3 ක සහ සංචාරක හෝටල් 3 ක එකවර කරන ලද මෙම ප්‍රහාරය හේතුකොට ගෙන ජීවිත 269 ක් අහිමිවූ අතර තවත් 500 කට වැඩි පිරිසකට බරපතල තුවාල සිදුවිය. මෙම හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් කරන ලද විශේෂ මාධ්‍ය හමුව පහත වීඩියෝවෙන් දැක්වේ: A video broadcast by Britain’s BBC 4…