ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම්
ආදර ප්‍රගීත්.
සමාවෙන්න ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි උනා. මං හිතන්නේ මම අන්තිමට ඔයාට ලිව්වේ ජිනීවාවලදී. ඊට පස්සෙ මම පුතාලා බලන්න එයාල ඉන්න ගෙදරට ගියා. එයාලත් එක්ක ටික කාලයක් ඉදල ලංකාවට ආවා.ඒත් දිගින් දිගටම ලියන්න උත්සහ කළත් විවිධ හේතු නිසා මග ඇරුනා.
ප්‍රගීත්, 16වෙනි අවුරුද්දෙත් අපේ ගෙදර කිරි ඉතුරුනේ නැහැ. කිරිබතක් ඉදුනෙත් නැහැ. කොහොමත් ඒ කාලය ගත කරන්න අමාරුයි. තනියම ඉන්න කොට තවත් අමාරුයි.
මම ඔයාට කියන්න පටන් ගන්න තියෙන්නෙ යුක්තිය සොයාගෙන අධිකරණයට යන්න පටන් ගත් තැන සිට.. ඒක ගොඩක්ම ලොකු කතාවක්. ලේ කඳුලු දහඩිය පිරුණ කතාවක් .
ප්‍රගීත්, අද 2026 ජනවාරි 14වෙනිදා. හරියටම තව දවස් දහයකින්. අපෙන් උදුරාගෙන. දාසය වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනවා. 2025. අවුරුද්ද පටන් ගත්තට වඩා. බොහොම අභියෝග සහිතව තමා 2026 පටන් ගන්තෙ සහ මේ දින කිහිපය ගෙවුනෙ.
. 202...









