ආදර ප්‍රගීත්!
අද අගෝස්තු මාස දහවෙනිදා. පහුගිය පෙබරවාරි මාසේ ඉඳල ඇස් දෙකත් එක්ක කරපු අරගලය අවසන් වෙලා. මාස අටකට පසුව ඇස් දෙක දැන් යථා තත්ත්වයට පත්වෙලා කියන සැනසිලිදායක සිතුවිල්ලත් සමග මෙය ලියන්නේ. පහුගිය කාලේ විවිධ අවස්ථාවල ඔයාට ලියන්න උත්සාහ කළත්, ආර්ථිකය ඇතුළු තව බොහෝ දේවල් සේම, ලියන්න ගත් උත්සාහයනුත් අසාර්ථක වුණා.
හැබැයි ප්‍රගීත්, මේ ඇතිවුන සැනසිලිදායක තත්වෙත් එක්කම යලිත් මේ මොහොතේ ඔයාට යුක්තිය ඉටුවීම පිළිබඳ තැබූ බලාපොරොත්තු සුන් වේදෝ යන සැකය මතුවෙලා. ඒ මෙම නඩුවේ සභාපති විනිසුරු තුමා කිසියම් චෝදනා හේතුවෙන් සේවය අත්හිටුවා ඇති බවට මාධ්‍ය තුලින් පුවතක් දුටුව නිසා.
ප්‍රගීත් මට එතුමා පිළිබඳව එක මතකයක් තියෙනව. ඒ එතුමාව මෙම නඩුවට පත්වූ මුල් කාලයේදීම එතුමාව නඩුවෙන් ඉවත් කිරීමට කාට හෝ අවශ්‍යව තිබුණා යන කාරණය . මා එසේ කියන්නේ. දිලිත් ජයවීරයන්ගේ මාධ්‍ය ...








