ප්‍රාග්ධන පරිපථය තුල ආදරයට වෙළෙඳපොළක් බිහි වීම
By: Dimuth Bhanuka Nov 7, 2025
Celine Song විසින් අධ්‍යක්ෂණය කරන ලද Materialists (2025) වනාහී වත්මන් වෙළෙඳපොල ධනවාදී ක්‍රමය තුල ප්‍රාග්ධනය විසින් ආදරය යටපත් කිරීම මනාව නිරූපණය කරන සිනමා නිර්මාණයකි. හොලිවුඩයේ ජනකාන්ත රංගන ශිල්පිනී Dakota Johnson විසින් ලූසි නම් චරිතය රඟ දක්වයි. ලූසි යනු Matchmaking සමාගමක (සහකරුවන් සොයන අයට සහකරුවන් සොයලා දෙන සමාගමක්) සේවය කරන රූමත් ස්ත්‍රියකි. ලූසිගේ කාර්‍ය වන්නේ තම ගැනුම්කරුවන් ලබා දෙන එනම් ඔවුන් සහකරුවන්ගෙන් දැකීමට කැමති ලක්ෂණ වල තොරතුරු අනුව ඔවුන්ට වඩාත්ම ගැලපෙන සහකරුවා සොයා දීමයි. මෙම තත්ත්වය අප කියවගන්නේ කෙසේ ද? මෙම නිර්මාණය තුල පමණක් නොව වර්තමාන ලෝකය දෙස ද බලන විට ආදරය සම්බන්ධයෙන් බොහෝ සමාගම් බිහිව තිබෙනවා. උදාහරණයක් ලෙස Tinder වැනි මෙවලම්. මෙවැනි මෙවලම් තුලින් සහ සමාගම් තුලින් සහ එම ක්ෂේත්‍රයේ ප්‍ර...









