මජං අතට අහම්බෙන් පැමිණි පිංසල…
යොවුන් වියේ සිටම (1985) මම ඔට්ටුවුනේ යකඩ එක්ක. යතුරු, කපන කටු , මිටියෙන් තමා මුලිම්ම දුම්රියේ වෘත්තීය ආධුනිකයකු ලෙස වැඩ පටන් ගත්තේ..
ලංකා දුම්රියේ දුම්රිය ජල ශක්ති (HLS) ධාවනාගාරයේ රැකියාව ලැබුනේ 1990 අගෝස්තුවේදී. ඊට කලින් කොළඹ වියළි නැව් තටාංගනයේ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් , වෑද්දුම්කරුවෙක් හැටියටත් වැඩ කලා.
දුම්රියේ පසුකාලීනව 1995 සිට වෘත්තීය සමීතී ක්‍රියාකාරීකයකු ලෙස ජීවිතයට අලුත් අත්දැකීම් එකතුවුනා. දේශපාලන , සමාජ ක්‍රියාකාරීන් හදුනාගත්තා.
දුම්රිය එංජින් එක්ක ගෙවුනු ජීවිතයට අමතරව ඒ කාලයේ කම්කරු - පීඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙවීගියා.
කම්කරුවන් වෙනුවෙන් දුම්රිය කම්කරු එකතුව අපි ආරම්භ කෙරුවේ 1999 දී . කම්කරු පුවත් පත " අකුණ " 2002 දී අපි ආරම්භ කෙරුවේ ශාන්ත විජේසූරිය සහෝදරයාගේ මැදිහත් වීමෙන්. ඔහු එහි ආරම්භ කතෘ වුනා. පසකාලීනව ඒ වගකීම දැරුවේ මම.
...









