හිරෝෂිමා ,නගසාකි න්‍යෂ්ටික බෝම්බ ඛේදවාචකයේ 80 වසරක මතකය සමරන මොහොතේ 21 සියවසේ ලෝකයමසජීවීව නරඹන මානව ඛේදවාචකය ” ගාසා හි පලස්තීන මානව සංහාරය.
"ස්වීට්සර්ලන්තය මේ මොහොතේ සිය ඓතිහාසික යුතුකමක් සහ වගකීමක් උල්ලංඝනය කරමින්සිටී. ස්වීට්සර්ලන්තය යනු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිර් මාතෘ හෙන්රි ඩූනන්ට්ගේ රටයි. ඔහු තම සොහොනෙන් නැගිටිනවා විය හැකියි. එසේම එය මානුශීය නීතී ක්‍රියාත්මක වන රටක්. සියවස් දෙකක යුද්ධයෙන් මිනිසුන් අඩුවෙන් දුක්වීඳීම සදහා කැපවූ රටක් . වර් තමානයේ නිල ස්විට්සර්ලන්තය තම මානූශීයවාදී ඉතිහාසයටත් , එහි මානූශීය වාදී ජනතාවටත් කෙල ගසමින් සිටී. එය ලැජ්ජා සගගතයි "ගාසා සහ ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් අත්පත්කරගත් බටහිර ඉවුර ආදී ප්‍රදේශ පිලිබද සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ෆැන්සිස්කා අල්බයිනිස් එසේ පැවසුවේ පසුගිය ජූලී මාසයේ ස්වීට්සර්ලන්තයේ බර් න් විශ්ව විද්‍යාලයේ ඇය සහ ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම් කමරආඩ් සහභාගී වීමට නියමිතව තිබූ " ගාසා හී යුද්ධය ගැන සාකච්චාවකට " විශ්ව විද්&...









