රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ජූලි 9 දින ගෝඨාභය රාජපක්ෂව එළවා දැමීම අරගලය ලැබූ දැවැන්තම ජයග්‍රහණය බව නොකිවමනාය. ඒ සමඟම ජන අරගලය ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇත. ගෝටාභය රාජපක්ෂ පන්නා දැමීම මූලික කරගත් අරගලය අද වන විට තමන්ට අවශ්‍ය වන්නේ කුමන පාලනයක්ද යන කරුණ සම්බන්ධව සාකච්චා කරමින් සිටී. අප්‍රේල් මස ඇරඹි ගෝල්ෆේස් අරගලය තුළත්, ඊට කලින් ප්‍රාදේශීය මට්ටමෙනුත් ජනතාව වීදී බැස්සේ තම අවශ්‍යතා සපුරාලිය නොහැකි මෙම පාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙනි. නමුත් මේ වනවිට, ජනතා ඉල්ලීම් ඉටු කිරීමේ ක්‍රමයක් ඇති කරනු වෙනුවට, ජනතාව අගාධයට ඇද දැමූ පවතින පාලන ක්‍රමය තව දුරටත් පවත්වාගෙන…
![]()