
එය වාර්ෂිකව පැවැත්වෙන්නේ St- Gallen නගරයේ. මෙවැනි මැරතන් ස්වීට්සර්ලන්තයේ බොහෝ නගරවල පැවැත්වෙනවා. අපි ජීවත්වෙන Frauenfeld නගරයේ 2 දෙකේ මැරතනය ට වගේම සූරිච් හී පැවැත්වෙන ජාතිවාදයට එරෙහි මැරතනයටත් මා සහභාගී වී තිබෙනවා.
ඒවායින් ලැබෙන ආදායම් දේශීය සහ විදෙස් හි සමාජ සත්කාරයන් සදහා යෙදවෙනවා සහයෝගීතා මැරතනයේ ආදායම් යන්නේ සෙන්ට් ගාලන් හී සමාජ් සත්කාර වැඩකට . ස්වීට්සර්ලන්තයේ රැකවරණ පතා පැමිණ ඊට අවස්ථාව නොලැබු ” මෙහි රැදීසිටීම බලපත් අහිමිවූ ” ජනතාව සදහා.
ඉතින් 2022 ජන අරගලය මැඩලීමට ” හදීසි නීතිය යෙදෙව්වා ” ඊට එරෙහිව විරෝධය ලංකාව තුලත් ඉන් පිටත් පැන නැගුනා.
ජන අරගලයේ අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය කල මාලීමාව ජනාධිපතිවරණයෙන් ජය ලැබුවා. පාර්ලිමේන්තු චංදෙන් ඔවුන්ට 2/3 කට වැඩි බලයක් ලැබුනා.
ඔවුන් ජන අරගලයේ අපේක්ෂාවන් පිට්පොකට් ගැසීම පමනක් කර ඇති බව දැන් පේන්න තියෙනවා. ආපදා පනත පැත්තක තබා ඔවුන් ” හදීසි නීතිය පැනෙව්වා.
“හදීසි නීතිය කිසිදු මර්දනීය කටයුක්තකට යොදාගන්නේ නැතැයි ” ජනාධිපති කිවේ තවත් ටොම් පචයක් බව පැහැදිලි වුයේ ඔහුගේ ආන්ඩුවේ ” පොලිස් බාග ඇමති ” ආන්ඩුව විවේචනය කරන්නන්ට එරෙහීව හදීසී නීතිය පාවිච්චි කරන බවට තර්ජනය කරමින්.
එසේම හදීසි නීතී රෙගුලාසි ගැසට් නිවේදනේ අඩංගු කරුනු ජාත්‍යන්තර සහ දේශීය මානව හිමිකම් නීතී සහ සම්මුතීන් උල්ලංඝනය වන බවට ” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ” ජනාධිපති වෙත සිය නිරීක්ෂණ ඉදිරිපත් කර සෑහෙන කලක් ගතවෙනවා. එහෙත් ඒ කිසිවක් ආන්ඩුව ගනනකට ගත්තේ නෑ. පාර්ලිමේන්තුවේ හදිසී නීතිය දීර්ඝ කිරීමට අත ඔසවන්නන් 159 ක් සිටීම ඊට හේතුවන්නට ඇති. එය දෙවැනි වන්නේ ජේ.ආර් ට පාර්ලිමේන්තුවේ තිබූ 5/6 ක බලයට.
ඉතින් ජනාධිපති අනුර දිසානායක දැන් පෙරකල ටොම් පචයා ලෙස හැදින්වූ ජේ.ආර් ගේ දේශපාලන මුනුපුරා අනුර ජයවර්ධනට ඇදලා. ඔවුන්ගේ කලින් නායකයින්, සාමාජිකයින් සමූල ඝාතනයට යොදාගත් හදීසී නීතිය , ත්‍රස්ත වාදය වැලැක්වීමේ පනත ඊටත් වඩා දරුනු විදියට පාවිච්චි කරන්න නව ත්‍රස්ත පනතක් ගේන්න උත්සාහක යෙදෙනෙවා.
ජේ.ආර් ගෙනා නව ලිබරල් ධනවාදී ආර්ථික මොඩලයේ මිලේච්චතම ඉනිම සෙල්ලං කරන්න ජවිපේ සමග අනුර ජයවර්ධන සැරසෙනවා. කම්කරු – පීඩිත ජනයාගේ විරෝධය මර්දනයට ඔවුන් සැරසෙනවා. ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වසා දමන පාසල් අනාගතයේදී රැඳවුම් කදවුරු නිර්මානය කිරීමට යොදාගනියි.
” සම්පත් කලමණාකරනය කර ” අපි රැදවුම් කදවුරු හදන්න කටයුතු කලා. මහජන මුදල් සත පහක්වත් වැයකලේ නැතැයි ” අනුර ජයවර්ධන ඊලග ” ඉල් මහ විරුවන් ” සමරන අවස්ථාවේ කීවිට , ඔවුන්ගේ බැතිමතුන්ගේ අත්පොලොසන් නාදයත් අපට අසන්නට , දකින්නට ලැබේවී..
සරත් මද්දුමගේ විසිනි
![]()