රෝමයට ගිනිතබා නීරෝ වීණා වයයි…

චාල්ස් දයානන්ද විසිනි

මෙය සත්‍ය පුවතකි..

ක්‍රිස්තු වර්ෂ පලමු සියවසේ රෝමයේ සිටි අධිරාජයකු වූ නීරෝ රෝමයට ගිනිතබා මාලිගයට වී සංගීත සාද පවත්වමින් සිටිබව ඉතිහාසයේ සඳහන් වේ.

ක්‍රි.ව.1 දී රෝමයේ පීඩිත ජනයා අතරින් බිහිවූ ජේසුස් ක්‍රිස්තුස් නම් තරුණ නායකයා අධිරාජ්‍යට එරෙහිව මහා අරගලයක් මෙහෙයවීය…පසුව ඔහු අල්ලා කුරුසයේ ඇණ ගසා මරා දැමීය .

අරගලය එයින් අවසන් නොවීය.එය දහස් ගුණයකින් වර්ධනය විය .ජීවත් වූ ජේසුස් ට වඩා මියගිය ජේසුස් මහා බලවේගයක් බවට පත්විය .අධිරාජ්‍යයට හිසරදයක් වූ මේ මහජන බලවේගය විනාශ කිරීමට නීරෝ තම හේවායින් යොදවා රෝමයට ගිනිතබා එය පීඩිත ජනතා අරගල කරුවන් මත පටවා ඔවුන් සමූලඝාතනය කිරීමට අණ දුන්නේය .

දහස් ගනනින් පීඩිතයන් මරා දමන්නට විය.රෝම නගරයේ මිනී කඳු ගොඩගැසෙන්නට විය .මිනිසුන් උලතබා පුලුස්සා නගරය රාත්‍රි ආලෝක කිරීමට භාවිතා කලේය.නීරෝ අශ්වයකු පිටනැගී උජාරුවෙන් වීදිවල ගමන් කල බව එකල සිටි ටැසිටස් නම් ඉතිහාසඥයා සඳහන් කර ඇත .

මේ එකකින්වත් ජනතා අරගලය නැවතීමට නොහැකි විය .නීරෝගේ අධිරාජ්‍ය බිඳවැටී කැබලි වී යන්නට විය .නොනවතින ජනතා අරගලය මැඩපැවැත්වීමට කිසිම අධිරාජ්‍යයකුට නොහැකි විය .

වසර 200 ක් පැවති මේ මහා අධිරාජ්‍ය විරෝධී ජන අරගලය නැවතනු ලැබුවේ කොන්ස්ටන්ටයින් අධිරාජයා ජනතාව ගේ පැත්ත ගෙන ජනතා ඉල්ලීම් ඉටුකිරීමෙන් පසුවයි .ඒ මිලානෝ ආඥාවෙන් පසුවයි .

රෝම අධිරාජ්‍ය සුණු විසුණු වී ගියේය .නමුත් ජනතා අරගලය ජයගෙන මුලු යුරෝපයම නව සංස්කෘතියකින් පිබිදීමකට පත්විය.

ඉතිහාසයේ සෑම ජනතා අරගලයක්ම අවසන් වන්නේ නව චින්තනයක් ,සංස්කෘතියක් තුලින් සමාජය පිම්මක් ඉදිරියට පැනීමෙනි.ඒ සඳහා විශාල පරිත්‍යාග කිරීමට සමාජයට සිදුවේ.අරගලය දිනුවත් ,පැරදුනත් එයින් සමාජ සංවර්ධනයට විශාල මෙහෙවරක් සිදුවේ.

නොදියුණු අර්ධ වැඩවසම් චින්තනයක් ඇති අපරටේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට මෙවන් අරගල දිගින් දිගටම කිරීමට සිදුවනු ඇත .තව තවත් නීරෝලා බිහිවනු ඇත .නමුත් ජනතා අරගලය නොනවතිනු ඇත. ඉතිහාසය බිහි වන්නේ ඒ තුලින් මිස මර්දනය, පාවාදීම් තුලින් නොවේ. ධෛර්යය ..අධිෂ්ඨානය හා පරිත්‍යාගය විසින් ඉතිහාසය ගොඩ නගනු ඇත…!!

Loading