ආගමන විගමන නිලධාරින් ගෝඨාට පොලිමේ එන්න කියලා- ඩුබායි යන්න බැරිව කටුණායක ගුවන් හමුදා කදවුරේ හිරවේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පාරට බැසීමත් සමගම ජනාධිපතිවරයා තම පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ කොට අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි යේය .

  අද ඔහුට ජීවිතයේ කිසි දිනයක නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු විය. ඒ පිට වීමේ මුද්‍රාව ගැසීමට ආගමන විගමන නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් කියා සිටියේ තම ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ තම ටිකට් එක සහ පාස්පෝට් එක රැගෙන බලපත්‍ර නියමිත කවුන්ටරයට පැමිණෙන ලෙසයි .

එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ගුවන් යානයට යාමට හැකි ඉක්මනින් අවශ්‍ය නිසා නැවත එය වෙනත් නිලධාරියෙකු අත යවා තිබුණා එම ආගමන විගමන නිලධාරීන් එහි මුද්‍රා තැබීම ප්‍රතික්ෂේප කොට ඇත.

  මේ උද්ගත වූ තත්වයත් සමගම ජනාධිපතිවරයාට ඩුබායි බලා පිටත් වන ගුවන් යානය මගහැරී ඇත මේ වන විට ජනාධිපතිවරයා වහාම කටුනායක ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් සිටි .

 අද අළුයම එමිරේස්ට් බලා යන යානයෙන් බැසිල් රෝහණ නමින් ආසන 06ක් වෙන් කරගෙන තිබේ ඔහු සහ ඔහුගේ පිරිවරටත් ගුවන් පර්යන්ත මගීන්ගේ හා ආගමන විගමන නිළධාරීන්ගේ විරෝධය මත නැවත හැරී යන්නට සිදුව තිබේ.

මෙම සිද්ධිය ඇතිවීමත් සමගම නොසන්සුන් වී ඇති ගෝඨාභය දැඩි සේ කිපී කෑගසා ඇත.

කොන්ද පණ තිබු ලංකා පුත්‍රයනි ඔබට අපේ උත්තමාචාරය.

Loading