ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 140 වෙනි දවස. මම විතරක් නෙවෙයි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරපු, ආර්ථික – දේශපාලන ක්‍රම වෙනසක් ඉල්ලපු තවත් අය බන්ධනාගාර ඇතුළෙ ඉන්නවා. ගොඩක් අය බන්ධනාගාරගත නොවුණත් ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් එදිනෙදා දේවල් සාමාන්‍ය විදිහට කරගන්නවත් නිදහසක් නැතිව ඉන්න බව මම දන්නවා. බිත්තියෙන් කැලැන්ඩරය ගලවලා දානවා වගේ 2022 අවුරුද්ද අපිට ඉතිහාසයෙන් ගලවලා දාන්න බෑ. මොකද ඒ තමයි අපි ඉගෙනගත්ත අවුරුද්ද. ජනතාව…
![]()