චරිත වෙනස් කලහැකි ,රෝග සුවපත් කලහැකි ..වර්ණ !

චාල්ස් දයානන්ද විසිනි

ලානිල් පාටින් පමණක් අඳින වෙන කිසිම වර්ණයකට කැමති නැති කුඩා පිරිමි දරුවෙක් එක් පෙරපාසලක දී අපට හමුවිය .මේ දරුවා ඉතා ප්‍රසන්න ,විනීත ,සන්සුන් චරිතයක් ඇතිඅයෙකි .එම චරිත ලක්ෂණ එම වර්ණයට බෙහෙවින් ගැලපේ.නමුත් දඟකාර වයසේ පිරිමි ලමයෙක් මෙතරම් සන්සුන් චරිතයක් වීම ගැටලු සහගත බව අපට පෙනුනි .අභියෝග වලට මුහුණ දීමේදී පසුබාන..අඬන..ස්වභාවයක්ද දරුවා තුළ ඇත .මේ ගැන අපි ගැඹුරින් සොයා බැලුවෙමු .

       මේ දරුවා උපන් දවසේ සිට ඇසුරු කර ඇත්තේ ලානිල් පාට පරිසරයකි.කාමරයේ බිත්ති,ඇඳ ඇතිරිලි,කොට්ට ආදී සියලු භාණ්ඩ ලානිල් පාටය .මෙම ලානිල් පාට ලෝකය කුඩා මනසට කාවැදී එය චරිතයටද බලපා ඇතිබව අපට පෙනුනි .වර්ණයකට චරිත වෙනස් කලහැකි බවට මෙය හොඳ උදාහරණයකි .

     නමුත් එය එතරම් හොඳ නැත .ඒ නිසා මේ දරුවා ඕනෑවට වඩා සාන්ත චරිතයක් වී ඇත .දුවපැන දඟකරන කෙලිලොල් වයසේ දරුවෙක් මෙසේ වීම එතරම් සුදුසු නැත .එම තත්වයට දරුවා ගෙන ඒමට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවිය .

      වර්ණ ප්‍රතිකාර විද්‍යාව ..Colour Therapy ..නම් වෛද්‍ය විද්‍යාව මේ ගැන බොහෝ පර්‍යේශණ කර ඇත .එමගින් හිරු එලියේ වර්ණ සිරුරට බලපාන අයුරු සොයාගෙන ඇත .

      එමගින් හිරු එලියේ වර්ණ කොටස් දෙකකට බෙදා ඇත .රතු,තැඹිලි ,කහ උච්ච ප්‍රබෝධක වර්ණ ලෙසත් නිල්,කොල,දම්, සන්සුන් වර්ණ ලෙසත් වර්ග කරඇත .රතු වර්ණ යේ ඉහළ ශක්තියක් ඇති අතර සෙසු වර්ණ වල එම ශක්තිය ක්‍රමයෙන් අඩුවේ.

     මෙම වර්ණ සිරුරට හා මොලයට විවිධ අයුරින් බලපාන අතර එය රෝග සුවපත් කිරීමට යොදා ගැනීම ගැන විවිධ පර්‍යේශණ කරඇත .August Pleasanton ලියාඇති Blue and sunshine නම් පොතෙන් බොහෝ තොරතුරු හෙලිකර ඇත .පැලෑටි වර්ධනය ට නිල් වර්ණය බලපාන බවත් පැලෑටි වල නිල්,කොල වර්ණ ගුණය මිනිස් සිරුරට පෝෂ්‍ය දායක බලපෑම් කරන බව ඔහු පෙන්වාදී ඇත .කෘමි රෝග මර්දනය ට නිල්,කොල වර්ණ සුදුසු බවද වේදනා නාශක ගුණයක් එහි ඇති බවද පෙන්වාදී ඇත .

     Edwin Babbis රචිත “ආලෝකය හා වර්ණ මූලධර්ම “නම් පොතද ලෝක අවධානයට ලක්වූවකි.ස්නායු ක්‍රියාකාරිත්වය ට වර්ණ ඉතා තදින් බලපාන අයුරු ඔහු ඔප්පු කර ඇත .

     ඇමරිකාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් පිළිකා සුවය සඳහා P.D.T.(photo Dynamic Therapy ) නම් ක්‍රමයක් සොයා ගෙන ඇත .රතු වර්ණ ආලෝක ධාරා මගින් එය සිදුකෙරේ .

    අධිරුධිර පීඩනය පාලනය ට නිල් වර්ණයත් අව පීඩනය ඉහල දැමීමට රතු වර්ණය භාවිතා කිරීමද තවත් සොයා ගැනීමකි .

     මනෝසායනික චිත්‍ර කලාව (Art Therapy ) ගොඩ නගා ඇත්තේ මෙම  Colour Therapy  නම් වෛද්‍ය විද්‍යාව පදනම් කරගෙනය .ඖෂධ වලින් පමණක් සියලු රෝග සුවපත් කල නොහැකි බව වෛද්‍ය මතයයි.ඖෂධ සමග මනෝසායනික මානසික ප්‍රතිකාර කිරීම බෙහෙවින් පලදායී බව අප පිළිකා රෝහලේ දී අත්දුටු දෙයකි .

    වසිලි කැන්ඩිනිස්කි විසින් වියුක්ත කලාව ගොඩ නැගීමේදීද වර්ණ වලට විශේෂ බරක් දී ඇත්තේද මේ ගැනත් සලකමින් බව ඔහු වර්ණ ගැන ලියා ඇති කරුනු වලින් පෙනේ.” කලාවේ අධ්‍යාත්මිකත්වය ” නම් පොතේ ඔහු මෙසේ ලියා ඇත .

“….වර්ණවත් ආලෝකය මිනිස් සිරුරට අසාමාන්‍ය බලපෑමක් කරන බව Colour Therapy ගැන ඇසූ ඕනෑම කෙනෙක් දනී.විවිධ ස්නායු රෝග සුවපත් කිරීම සඳහා වර්ණයේ බලය යොදා ගැනීම ජීවදායී අයුරින් එමගින් කරඇත .මිනිස් සිරුරට බලපෑ හැකි මහා බලයක් වර්ණ තුළ සැඟවී ඇත ..”

මනෝසායනික චිත්‍ර කලාව තුලින් කරන්නේ එම බලය මානසික සුවය සඳහා භාවිතා කිරීමයි …

Loading