” කලාව සමාජ යහපත සඳහාය”

චාල්ස් දයානන්ද විසිනි

 පරිවාස භාරයේ ඇති ළමා නිවාස වල වෙසෙන අහිංසක දරුවන් ගේ මානසික සුවය ,චිත්ත ධෛර්යය වෙනුවෙන් මනෝසායනික චිත්‍ර කලා වැඩසටහන් කීපයක් මාස තුනක් තිස්සේ සතිඅන්ත වල අපි කලකට පෙර පැවැත්වූයෙමු .ඒවායේ සිටින දෙමාපියන් ,නෑදෑයන්  අහිමි ඒත් සුන්දර කෙලිලොල් දරුවන් සමග කටයුතු කිරීමට අපට හැකි විය .සමාජයට අමතකවී ඇති ,සමාජය නොදන්නා මේ අහිංසකයන් වෙනුවෙන් ඔවුන්ගේ ච්ත්තසංතුෂ්ටිය සමග ඔවුන්තුළ ජීවිතයට මුහුණ දීමේ ධෛර්යය ,අධිෂ්ඨානය ගොඩ නැගීමට අපි මෙයින් යම් උත්සාහයක් දැරුවෙමු.

     මනෝසායනික චිත්‍ර කලාව ..Art Therapy ..යනු අතිශය මනෝවිිද්‍යාත්මක විෂයකි.මතුපිටින් චිත්‍රයක් නිර්මාණය කෙරෙන අතර අභ්‍යන්තර රසායන හා මානසික ක්‍රියාවලියක් මගින් ඉතා ප්‍රබල බලපෑමක් සිදුවන බව මානසික හා ස්නායු විද්‍යාඥයන් විසින් දැන් සොයාගෙන ඇත .

      2020 දී ඕස්ට්‍රේලියාවේ ස්නායු විද්‍යාඥයකු වන Dr.Stan Rodski විසින් වසර 30 ක පර්‍යේශණයක් අනුව මේ පිලිබදව පොත් මාලාවක් සකසා ඇත .එය  Mind Wave..නමින් මුද්‍රණය කර සියලු ප්‍රාතමික පාසල් වලට හා ගුරුවරුන් ට බෙදා දීමට ඕස්ට්‍රේලියාවේ රජය කටයුතු කර ඇත .එමගින් දරුවන්ගේ චිත්ත ධෛර්යය ,අධිෂ්ඨානය ,ආත්මශක්තිය වර්ධනය වන අයුරු ඔහු විස්තර කර ඇත .

      මෙම විෂයේදී චිත්‍රයක් නිර්මාණයේදී එහි නිමාව,ලස්සන ,සිද්ධාන්ත කිසිවක් අපේක්ෂා නොකෙරේ .අවශ්‍ය වන්නේ එම ක්‍රියාව තුළ සතුටින් නිරත වීම පමණි .එවිට දෙවිදියක ක්‍රියාවලියක් සිරුරේ ක්‍රියාත්මක වේ.

    වර්ණ ශක්තිය හා නිර්මාණ රුචිය ස්නායු හරහා මොලයට ගමන් කරයි .එහිදී පිටියුටරි ග්‍රන්ථිය තුලින් ප්‍රබෝධක හෝමෝන නිකුත් කෙරේ .එය ක්ෂණික ව ලේ වලට එකතුවී සිරුර ප්‍රබෝධනය වේ.ඒ සමග මොලයේ සනායු ජාල කෙලවර ඇති නියුරෝ ට්‍රාන්ස්මීටර් වලින්  Dopamine නම් රසායනය නිකුත් වේ.එය මානසික සතුට,හා ච්ත්ත ධෛර්යය සඳහා අත්‍යාවශ්‍ය සාධකයකි .සියලු මනෝවෛද්‍ය වරු උත්සාහ කරන්නේ මෙම  Dopamine  තත්ත්වය යහපත්ව තබා ගැනීමටයි …ඇතැම් විට මේ සඳහා බෙහෙත් වලින්ද මේ තත්වය ගොඩ නැගීම කරනුලැබේ.ජීවිතය එපා වීමේ මානසික තත්වය සඳහා එසේ කරනුලැබේ .

     එය මනෝසායනික චිත්‍ර කලාව තුලින් කලහැකි බව දැන් මනෝවිිද්‍යාත්මකව සොයා ගෙන ඇත .

     අප මෙම වැඩසටහන් තුලින් උත්සාහ කරන්නේද එයයි.අප විවිධ සමාජ කණ්ඩායම් උදෙසා ..විශේෂයෙන් දරුවන් හා දරුවන්ට උගන්වන ගුරුවරුන් වෙනුවෙන් මෙවන් වැඩසටහන් කරමු..ඒ කිසිම පෞද්ගලික ලාභයක් හෝ මුදල් හෝ වෙනත් අපේක්ෂාවකින් තොරව සමාජ සත්කාරයක් ලෙසය .

     අප වසර ගනනාවක් තිස්සේ කරන ලද න්‍යායික,ප්‍රායෝගික ගවේෂණයන් ගෙන් රැස්කරගත් දැණුම නොමිලේ බෙදා දීමට කටයුතු කරමු.ඒ පිලිබදව පොත් කීපයක් ම ප්‍රකාශයට පත් කරඇත .

     ලමාචිත්‍ර කලාව තුලින් දරුවන්ගේ බුද්ධිසංවර්ධනය ,නිර්මාණාත්මක චින්තනය ගොඩ නැගීමත්,මනෝසායනික චිත්‍ර කලාව තුලින් මානසික සුවය,චිත්ත ධෛර්යය පමණක් නොව රෝග සුවපත් කිරීමට භාවිතා කරන අයුරුත් දැනුවත් කරමු…ඒ සඳහා මධ්‍යස්ථානයක් මහනුවර දී ඇරඹීමට ද බලාපොරොත්තු වෙමු ..

   අප මේ සියල්ල කරන්නේ වසර විසිදෙකකට පෙර පිහිටුවා ගත් ” චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය “මගිනි.සංගමයේ ආදර්ශපාඨය වන්නේ…” කලාව සමාජ යහපත සඳහාය ” යන්නයි..!!

Loading