මනස පිළිබඳ සංකල්පය……….

ඔබ සිතුවිල්ලක අතරමං වූ විට හෝ සතුටින් සිටින විට හෝ තීරණයක් ගන්නා විට හෝ ඔබේ මොළයේ සිදුවන්නේ කුමක්දැයි ඔබ කල්පනා කර තිබේද? එසේ කල්පනා කර නොමැති වුවත්; මනස පවතින්නේ මොළයට පිටින්ද? නැතිනම් මොළය නොමැතිව මනස පවතීද? යන ප්‍රශ්න පුරාණයේ සිට සියවස් ගණනාවක් දාර්ශනිකයන් අතර විවාදයක් පැවතුනි.  මොළය සහ මනස ගැන සියවස් ගණනාවක් තිස්සේ විඥානවාදී දාර්ශනිකයන් සහ භෞතිකවාදී දාර්ශනිකයන් විවාද කළ මාතෘකාව එම කරුණය. මෙම මූලික ප්‍රශ්නය මිනිස් අත්දැකීම් සහ පැවැත්මේ සාරය සමග මනස මගින් ගැඹුරට කිමිදුන මාතෘකාවක් ලෙස පුරාණයේ සිටම වත්මන දක්වා පැවත අවේය. මෙම සංකල්ප තේරුම් ගැනීමට ලෝකයේ සිදුවන…

Loading

Read More

සහයෝගීතා මැරතනය (Solilauf ) 2022 මතකය..

එය වාර්ෂිකව පැවැත්වෙන්නේ St- Gallen නගරයේ. මෙවැනි මැරතන් ස්වීට්සර්ලන්තයේ බොහෝ නගරවල පැවැත්වෙනවා. අපි ජීවත්වෙන Frauenfeld නගරයේ 2 දෙකේ මැරතනය ට වගේම සූරිච් හී පැවැත්වෙන ජාතිවාදයට එරෙහි මැරතනයටත් මා සහභාගී වී තිබෙනවා. ඒවායින් ලැබෙන ආදායම් දේශීය සහ විදෙස් හි සමාජ සත්කාරයන් සදහා යෙදවෙනවා  සහයෝගීතා මැරතනයේ ආදායම් යන්නේ සෙන්ට් ගාලන් හී සමාජ් සත්කාර වැඩකට . ස්වීට්සර්ලන්තයේ රැකවරණ පතා පැමිණ ඊට අවස්ථාව නොලැබු ” මෙහි රැදීසිටීම බලපත් අහිමිවූ ” ජනතාව සදහා. ඉතින් 2022 ජන අරගලය මැඩලීමට ” හදීසි නීතිය යෙදෙව්වා ” ඊට එරෙහිව විරෝධය  ලංකාව තුලත් ඉන් පිටත් පැන නැගුනා. ජන අරගලයේ අපේක්ෂාවන්ට…

Loading

Read More

ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම්

ආදර ප්‍රගීත්.  සමාවෙන්න ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි උනා. මං හිතන්නේ මම අන්තිමට ඔයාට ලිව්වේ ජිනීවාවලදී. ඊට පස්සෙ මම පුතාලා බලන්න එයාල ඉන්න ගෙදරට ගියා. එයාලත් එක්ක ටික කාලයක් ඉදල ලංකාවට ආවා.ඒත්  දිගින් දිගටම ලියන්න උත්සහ කළත් විවිධ හේතු නිසා  මග ඇරුනා.  ප්‍රගීත්, 16වෙනි අවුරුද්දෙත් අපේ ගෙදර කිරි ඉතුරුනේ නැහැ. කිරිබතක් ඉදුනෙත් නැහැ. කොහොමත් ඒ කාලය ගත කරන්න අමාරුයි. තනියම ඉන්න කොට තවත් අමාරුයි. මම ඔයාට කියන්න පටන් ගන්න තියෙන්නෙ යුක්තිය සොයාගෙන අධිකරණයට යන්න පටන් ගත් තැන සිට.. ඒක ගොඩක්ම ලොකු කතාවක්. ලේ කඳුලු දහඩිය පිරුණ කතාවක් . ප්‍රගීත්, අද…

Loading

Read More

දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!!

කොළඹ නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති දියගම වනාන්තරය මේ වන විට හඳුනාගත් ශාක විශේෂ 103ක්, උරග විශේෂ 29ක්, උභය ජීවී විශේෂ 10ක්, සමනල විශේෂ 60ක්, පක්ෂී විශේෂ 90ක් සහ ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ සත්ත්වයෙකු වන රත් උණහපුළුවා (Red Slender Loris) ඇතුළු ක්ෂීරපායී විශේෂ 20ක් සඳහා නිජබිමක් වූ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සුවිශේෂී පාරිසරික කලාපයකි. එබැවින් දියගම වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කොට එහි පැවැත්ම තහවුරු කරන ලෙස පාර්ශ්ව රැසක් දිගින් දිගටම වගකිවයුතු බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් ඒ කිසිවෙකුත් මේ වන තෙක් ඊට සාධනීය ප්‍රතිචාර ලබා දී නොමැත.  ‎ ‎එසේම කණගාටුදායකම කරුණ…

Loading

Read More