ඔබ සිතුවිල්ලක අතරමං වූ විට හෝ සතුටින් සිටින විට හෝ තීරණයක් ගන්නා විට හෝ ඔබේ මොළයේ සිදුවන්නේ කුමක්දැයි ඔබ කල්පනා කර තිබේද? එසේ කල්පනා කර නොමැති වුවත්; මනස පවතින්නේ මොළයට පිටින්ද? නැතිනම් මොළය නොමැතිව මනස පවතීද? යන ප්‍රශ්න පුරාණයේ සිට සියවස් ගණනාවක් දාර්ශනිකයන් අතර විවාදයක් පැවතුනි.
මොළය සහ මනස ගැන සියවස් ගණනාවක් තිස්සේ විඥානවාදී දාර්ශනිකයන් සහ භෞතිකවාදී දාර්ශනිකයන් විවාද කළ මාතෘකාව එම කරුණය. මෙම මූලික ප්‍රශ්නය මිනිස් අත්දැකීම් සහ පැවැත්මේ සාරය සමග මනස මගින් ගැඹුරට කිමිදුන මාතෘකාවක් ලෙස පුරාණයේ සිටම වත්මන දක්වා පැවත අවේය. මෙම සංකල්ප තේරුම් ගැනීමට ලෝකයේ සිදුවන දේවල් මනසින් වටහා ගන්නා ආකාරය, මොළයේ අනන්‍යතා සකස් කර ගන්නා ආකාරය සහ අභ්‍යන්තර ජීවිතය හා මනස ජීවිතයට සම්බන්ධ වන ආකාරය ගැනද පැවතියේ විවාදයකි.
මනස පිළිබඳ විඥානවාදී සංකල්පය
ඓතිහාසික විඥානවාදය හා ඓතිහාසික පාරභෞතිකවාදය යන දාර්ශනික මත දෙක විසින් මනස සහ මොළය වෙනස් ආයතන දෙකක් බව පැවසුවේය. මෙම දර්ශනවාදී මත දෙක මගින් යෝජනා කළේ මනස මොළයෙන් ස්වාධීනව පවතින බවයි. පාරභෞතිකවාදය සියවස් ගණනාවක් තිස්සේ මනස චින්තනයට බලපෑම් කරන ආකාරය ගැන විග්‍රහය වූයේ; මනස ආත්මීය අත්දැකීම්වල සහ භෞතික නොවන ක්ෂේත්‍රයක මනස පවතින බවයි. එය සිතුවිලි, හැඟීම් සහ මතකයන් ඇතුළුව අපගේ අභ්‍යන්තර මනස සෑදී ඇත්තේ පිටතින් විඥානය (ආත්මය) මනසට ඇතුළ් වන බැවිනි. ආත්මයෙන් මෙහෙයවන මනස තනි සංජානනයන්ගේ මූලාශ්‍රයක් වන අතර, ආත්මීය සම්බන්ධය මොළය තුළින් ජීවීන්ගේ ඉන්ද්‍රියන්ගෙන් තොරතුරු අර්ථ නිරූපණය කිරීමට එවිට ඉඩ සලසයි යනුවෙන් ඔවුන් පැවසුවේය.
මෙම වියුක්ත සංකල්පයට විශ්වාසයන්, ආශාවන් සහ ස්වයං දැනුවත්භාවය ද ඇතුළත් විය. එය ප්‍රීතිය, දුක කෝපය වැනි හැඟීම්, ස්වයං විමර්ශනය සහ පරම ආත්මීය (absolute subjective) සම්බන්ධයක් ගැන ද පැවසුවේය. පරම අද්විතීය ආඛ්‍යාන මගින් පරමත්වය නිර්මාණය කරන අනන්‍යතාවය පිළිබඳ අඛණ්ඩ දේව හැඟීමක ආත්මීය සම්බන්ධයකින් මනසට ලැබෙන බව ඔවුන් පිළිගත්තේය.
17 වෙනි සියවසේදී පාරභෞතිකවාදී දාර්ශනිකයෙක් වන රෙනේ ඩෙකාට් (1596-1650) ‘දර්ශනය පිළිබඳ ආධ්‍යාත්මිකත්වය’ (1641) කෘතියේ මනස සහ ශරීරය (මොළය ඇතුළුව) වෙනම ආයතනයක් හා සම්බන්ධ බව තර්ක කළහ. ඔබේ සිතුවිලි ඔබේ ශරීරයේ යන්ත්‍රයක් ලෙස හොල්මන් කරන දේව අවතාර පැවැත්මක් ඇතැයි ඔහු පැවසීය.
18 වෙනි සියවසේදී ජෝර්ජ් බර්ක්ලි (1685-1753) යනු ඇන්ග්ලෝ-අයර්ලන්ත බිෂොප්වරයෙකු වූ විඥානවාදී දාර්ශනිකයා ‘මානව දැනුමේ මූලධර්ම පිළිබඳ නිබන්ධනය’ (1710) කෘතියේ පැවසුවේ දෙවියන් වහන්සේගෙන් පිටත කිසිදු දෙයක් නොපවතින බවත්, දෙවියන් වහන්සේ ඒවා දකින නිසා අපගේ මනසින් සහ සංජානනයන්ගෙන් පිටත මනසක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.
19 වෙනි සියවසේදී ජෝර්ජ් හේගල්ගේ (1770-1831) ‘ආත්මයේ සංසිද්ධි විද්‍යාව’ (1807) කෘතියේ මනස, ආත්මය, විඥානය සහ මිනිස් පැවැත්ම අතර අන්තර් සම්බන්ධතාවය ගවේෂණය කරන විඥානවාදී දාර්ශනික කෘතියකි. ස්වයං-ආත්මය යනු දැනුමේ ඉහළම ආකාරය බව ඔහු තර්ක කරයි. එය යථාර්ථයේ ආත්මීය සහ වාස්තවික අංශවල එකමුතුවක් බව ද පවසයි. මනස ආත්මීය (විඥානය) සහ වාස්තවිකත්වය (යථාර්ථය) ඒකාබද්ධ කරන අදහස පිළිබඳ ආත්මීය සංකල්පයට සම්බන්ධ කළේය.
මනස පිළිබඳ භෞතිකවාදී සංකල්පය
මනස පිළිබඳ භෞතිකවාදී දර්ශනයේදී පවසන්නේ මනස මොළයේ නිෂ්පාදනයක් බවත් මානසික තත්වයන් භෞතික අත්දැකීම්වලින් ලැබෙන බවත්ය. මෙම දෘෂ්ටිකෝණය මනස භෞතිකවාදය විද්‍යාත්මක ක්‍රමය සමග පෙළ ගැසෙන්නේ භෞතික සංසිද්ධිවල ප්‍රකාශ පදනම් කර ගනිමිනි. මොළයේ ක්‍රියාකාරිත්වය සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් සමග සම්බන්ධ කරන ස්නායු විද්‍යාවේ දියුණුව මගින් භෞතිකවාදී මතය වත්මනවන විට ඉදිරිදැක්මක් සහිත දර්ශනවාදයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.
ජෝන් ලොක්ගේ (1632-1704) ‘මානව අවබෝධය පිළිබඳ රචනයක්’ (1689/90) නැමැති කෘතියේ චින්තනය සහ මානව අවබෝධය පිළිබඳ ගවේෂණය ගැඹුරින් විග්‍රහ කර ඇත. මනස උපතේදී හිස්ව පවතින බවත්, කිසිදු සහජ දැනුමක් හෝ අදහස්ක් එම කාලයේදී ලැබෙන්නේ නැත. මානවයා සියලු දැනුම ඉන්ද්‍රිය අත්දැකීම් හරහා ලබා ගන්නා බවත්, අපගේ මනස අපගේ ඉන්ද්‍රියන් හරහා අප කලින් හමු වූ චින්තනය හා ඒකාබද්ධ කරන බවත් ඔහු පැහැදිලි කළේය. ජෝන් ලොක්ගේ දැනුම පිළිබඳ න්‍යාය, හේතුව දැනුමේ ප්‍රධාන මූලාශ්‍රය සහ විද්‍යාත්මක පරීක්ෂණය විශ්වාස කළ ඔහු එකල පැවති විඥානවාදීන්ට අභියෝග කළේ; දැනුම මනසට ලබා ගැනීමේදී අත්දැකීම් වැදගත්වනවා සේම, එම අත්දැකීම් මගින් දැනුම ලැබෙන බව අනුමත කළ නොහැකි නම් කිසිම දැනුමක් නොමැති බව තහවුරු වන බවද ඔහු පැවසීය. ඔහුගේ අදහස් නූතන මනෝවිද්‍යාව, ඥානවිද්‍යාව සහ මනස පිළිබඳ දර්ශනය සඳහා භෞතිකවාදී අඩිතාලම දැමූ දාර්ශනකයෙක් ලෙස පිළිගනී.
කාල් මාක්ස් (1818-1883) සහ ප්‍රෙඩ්රික් එංගල්ස් (1820-1895) ‘ජර්මානු දෘෂ්ටිවාදය’ (1845) කෘතයෙහි මනස තුළ නිපෙදවෙන දැනුම ගැන පවසන්නේ “සැබෑ ජීවිතයේ භාෂාව වන මිනිසුන්ගේ ද්‍රව්‍යමය ක්‍රියාකාරකම් සහ ද්‍රව්‍යමය ආශ්‍රය සමග අන්තර් සම්බන්ධිතයි. අදහස්, චින්තනය, සංකල්ප සහ ඥානය ස්වාධීනව හෝ රික්තයක් තුළ මනස තුළ ජනනය නොවේ; ඒ වෙනුවට, ඒවා ජනනය වන්නේ භෞතික දත්තවල සෘජු ප්‍රවාහයන් ලෙසය. වෙනත් වචන වලින් පැවසුවහොත්; සවිඥානය කිසි විටෙකත් සවිඥානික පැවැත්මක් හැර අන් කිසිවක් විය නොහැකි අතර මිනිසුන්ගේ පැවැත්ම ඔවුන්ගේ සැබෑ ජීවන ක්‍රියාවලියයි.” යනුවෙන් පවසයි. එබැවින්, භෞතික පැවැත්ම යටතේ, දැනුම ජීවිතය තුළ පදනම් වේ: මානව චින්තනය විසින් සැබෑ සමාජ හා ආර්ථික ක්‍රියාවලිය හරහා එය පිළිබිඹු වන බවද පවසයි.
වී. අයි. ලෙනින්ගේ (1870-1924) “භෞතිකවාදය සහ අනුභූතික-විවේචනය” (1908) කෘතියේ මනස සහ භෞතික මොළය අතර ඇති සම්බන්ධතාවය සාකච්ඡා කරයි. මිනිස් මනසට කරුණු නිවැරදිව පිළිබිඹු කරන ලෝකයේ නිරූපණයන් තුළින් බව ඔහු තර්ක කරයි, ලෝකය පිළිබඳ විශ්වාසයන් වාස්තවිකව සත්‍ය මගින් ලබගන්නා බව පවසයි. මිනිස් මනස සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ භෞතික ලෝකය මගිනි. මේ ලෝකය භෞතික ද්‍රව්‍යවලට පමණක් සීමා නොවන බවත්, වාස්තවිකව නිරීක්ෂණය කළ හැකි සියල්ල එයට ඇතුළත් බවත් මිනිසා දනියි. මිනිසුන්ගේ සිතුවිලි සහ අදහස්, ඔවුන්ගේ සංවාදයෙන් හෝ කියවීමෙන් නිරීක්ෂණය කරන ඒවා මෙම භෞතික ලෝකයට ඇතුළත් වේ. මනසෙහි නව හැඟීම් පෙර අත්දැකීම් මගින් ඇති වූ ප්‍රතිරූපයට ගැලපෙන අතර එවා තීව්‍ර කරයි. මෙම පුරුදු සහ මෙම සංකල්ප පුද්ගලික නොව සාමූහික දේපළකි.
මොළය භෞතික ව්‍යුහයක් ලෙස
මොළය, හිස් කබල තුළ නිර්මාණය වුන රැලි සහිත, රාත්තල් තුනක් බර පටක වලින් සැදුණු ව්‍යුහයකි. එය භෞතික ඉන්ද්‍රියයක් වන අතර, කුණාටුවක කුඩා අකුණු සැර මෙන් පිටතට විසිරී යන බිලියන ගණනක් නියුරෝන (neurons) වලින් සෑදී ඇත. අනෙක් අතට මනස අපගේ සිතුවිලි, හැඟීම්, චින්තනය, සංකල්ප, මතකයන් සහ ඥානය යන දේවල් අපට ස්පර්ශ කළ නොහැකි ක්ෂේත්‍රයට අයත්ය. එවිට මොළය යනු භෞතික ඉන්ද්‍රියයක් වන අතර මනස යනු මොළයේ ක්‍රියාකාරිත්වයෙන් පැන නගින මානසික ක්‍රියාවලීන් සහ අත්දැකීම්වලින් සැදෙන ව්‍යුහයකි. වර්තමාන විද්‍යාත්මක සාක්ෂි වලට අනුව, මානසික ක්‍රියාවලය මොළය තුළ පමණක් සෑදෙයි.
මොළයේ ස්නායු, ග්ලියල් සෛල (glial cells), රුධිර වාහිනී සහ සංකීර්ණ රසායනික පද්ධති වලින් සෑදී ඇති භෞතික ඉන්ද්‍රියකි. එය හිස් කබල තුළ පිහිටා ඇති අතර මධ්‍යම ස්නායු පද්ධතියේ කොටසක් වන අතර එය සුෂුම්නාව සහ පර්යන්ත ස්නායු (peripheral nerves) වලට සෘජුවම සම්බන්ධ වේ. විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින්, මොළය MRI, EEG සහ CT ස්කෑන් වැනි මෙවලම් භාවිතයෙන් මොළය ස්කෑන් කිරීමට, විකණ්ඩනය කිරීමට සහ අධ්‍යයනය කිරීමට හැකි මෙවලමක් ලෙස වර්තමානයේ භාවිතා වෙයි. එවා මගින් මොළය පිළිබඳ විද්‍යාත්මක සාධක තහවුරු කර ගනිමින් ඇත.
මෙළයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ තොරතුරු සැකසීමයි. විද්‍යුත් ආවේග සහ රසායනික සංඥා බිලියන ගණනක් නියුරෝන මගින් මොළයට හුස්ම ගැනීම, චලනය, සංවේදක සංජානනය සහ අභ්‍යන්තර සමතුලිතතාවය නියාමනය කිරීම ද කරයි. මොළයේ නිශ්චිත ප්‍රදේශවලට සිදුවන හානිය බොහෝ විට පුරෝකථනය කළ හැකි දුර්වලතා වලට තුඩු දෙන අතර, මොළය ශරීරයේ ජීව විද්‍යාත්මක පාලන මධ්‍යස්ථානය ලෙස ශරීරයක් තුළ ස්ථීරව පවතී.
මොළය හිස් කබල තුළ කොටු වී ඇති භෞතික ඉන්ද්‍රියක් වන අතර එය ස්නායු පද්ධතියේ මධ්‍යම සැකසුම් ඒකකය ලෙස සේවය කරයි. එය නියුරෝන ලෙස හඳුන්වන බිලියන ගණනක විශේෂිත සෛල වලින් සමන්විත වන අතර ඒවා සංෂිප්ත ලෙස හඳුන්වන කුඩා හිඩැස් හරහා විද්‍යුත් රසායනික සංඥා හරහා සන්නිවේදනය කරයි. මෙම ස්නායු ජාල සියලුම ශාරීරික ක්‍රියාකාරකම් සහ මොළය තුළ තොරතුරු සැකසීම සඳහා පදනම සාදන ව්‍යුහයයි.
ස්නායු සෛලවල විද්‍යුත් රසායනික ක්‍රියාවලියේ සිට සිතුවිලි සහ හැඟීම් මතුවීම දක්වා, මනස-මොළය සමග ඇති සම්බන්ධතාවය සියවස් ගණනාවක සිට මනෝවිද්‍යාඥයින් හඳුනාගෙන ගෙන තිබූ අතර, අපගේ අභ්‍යන්තර මානසික ලෝකය සහ එයට හේතු වන සංකීර්ණ ඉන්ද්‍රිය අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය හෙළිදරව් කිරීමේ ගවේෂණ ද මනෝවිද්‍යාඥයන් වර්තමානයේ ද කරමින් සිටිති. අපගේ සිතුවිලි, හැඟීම් සහ අපගේ හිස් කබල තුළ පිහිටා ඇති අළු පදාර්ථ (gray matter) අතර මෙම සිත් ඇදගන්නාසුළු අන්තර් ක්‍රියාකාරිත්වය ගැන පරම්පරා ගණනාවක් තිස්සේ පැවති විවාදය නිමාවට පත් කරමින් මනස පිළිබඳව විද්‍යාත්මකව විමසීමේ ප්‍රධාන මූලාශ්‍රය බවට භෞතිකවාදය පත්විය.
මොළයේ විශේෂිත කලාප සංවිධානය වී ඇති අතර, ඒ සෑම එකක්ම විශේෂිත කාර්යයන්ගෙන් සමන්විය. මොළයේ විශාලතම කොටස වන මස්තිෂ්කය, සංවේදක අර්ථ නිරූපණය, භාෂාව සහ ස්වේච්ඡා චලනය වැනි ඉහළ මට්ටමේ කාර්යයන් සඳහා වගකිව යුතු කොටස වෙයි. මස්තිෂ්කය සමබරතාවය පවත්වා ගන්නා අතර දත්ත පාලනය ද සම්බන්ධීකරණය කරයි. මස්තිෂ්කය සුෂුම්නාවට සම්බන්ධ කරන මොළයේ කඳ, හුස්ම ගැනීම, හෘද ස්පන්දන වේගය සහ නින්ද වැනි ස්වයංක්‍රීය ශාරීරික ක්‍රියාවලීන් නියාමනය ද කරයි.
මොළය සහ මනස අතර සම්බන්ධය
මොළය සම්බන්ධයෙන් නූතන විද්‍යාඥයන් පරියේෂණ මගින් යෝජනා කරන්නේ මනස මොළයේ සංකීර්ණ ක්‍රියාකාරකම් වලින් මතුවන බවයි. භෞතිකවාදය ලෙස හැඳින්වෙන මෙම දෘෂ්ටිකෝණය, මනස ස්නායු ක්‍රියාවලීන්ගේ සෘජු නිෂ්පාදනයක් බවද ප්‍රකාශ කරයි. නිදසුනක් වශයෙන්, ක්‍රියාකාරී චුම්භක අනුනාද රූප (functional magnetic resonance imaging) අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ මතකයන් සිහිපත් කිරීම හෝ හැඟීම් සැකසීම වැනි මානසික කාර්යයන් අතරතුර මොළයේ නිශ්චිත කලාප ක්‍රියාකාරී වන බවයි.
පුද්ගලයෙකු භාෂා භාවිතාවක යෙදෙන විට, මොළයේ බ්‍රෝකා සහ වර්නික් ප්‍රදේශ (Broca and Wernicke areas) රුධිර ප්‍රවාහයේ වෙනස්කම් ලෙස දෘශ්‍යමාන වන පරිවෘත්තීය ක්‍රියාකාරකම් වැඩිවීමක් පෙන්නුම් කරයි. තීරණ ගැනීමේදී, ප්‍රෙෆ්‍රන්ටල් බාහිකය (prefrontal cortex) ඉහළ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන අතර එය විධායක කාර්යන් සඳහා එහි සහභාගීත්වය පෙන්නුම් කරයි. මෙම සහසම්බන්ධතා යෝජනා කරන්නේ අපගේ සිතුවිලි සහ හැඟීම් මොළයේ සංකීර්ණ ජීව විද්‍යාත්මක සහසම්බන්ධයක් මගින් ජනනය වන බවයි.
මොළයේ ස්නායුවල සංකීර්ණ ජාල, ඒවායේ විද්‍යුත් ආවේග සහ රසායනික ස්නායු සම්ප්‍රේෂක සාමූහිකව අපගේ ඥානමය අත්දැකීම් ජනිත කරයි. නිදසුනක් වශයෙන්, මොළයේ විපාක මාර්ගවල ඩොපමයින් (dopamine) වැනි ස්නායු සම්ප්‍රේෂක මුදා හැරීම සතුට සහ අභිප්‍රේරණය සමග සම්බන්ධ වේ. මෙම රසායනික සමතුලිතතාවයන්හි බාධා මනෝභාවයට සහ සංජානන ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපෑම් ඇති කරන අතර, මනස හැඩගැස්වීමේ දී මොළයේ මූලික කාර්යභාරයක් නිරූපණය කරයි.
මනස භෞතික වස්තුවක්ද?
මොළය මෙන් නොව මනස භෞතික වස්තුවක් නොවේ. එය සිතුවිලි, මතකයන්, හැඟීම්, චින්තනයන්, සංකල්ප, විශ්වාසයන්, පරිකල්පනය, දැනුවත්භාවය සහ තීරණ ගැනීම වැනි මානසික ක්‍රියාවලීන්ගේ එකතුවකි. මානවයා “ඔහුගේ මනසෙහි ඇති දේ” (what’s on his mind) ගැන කතා කරන විට, ඔහු පටක හෝ සෛල වලට වඩා අභ්‍යන්තර අත්දැකීම් ගැන විමසා බලයි.
මොළයේ ක්‍රියාකාරිත්වයෙන් පැන නගින ක්‍රියාකාරකම් හෝ සංසිද්ධි සමූහයකි මනස. ඔබට ස්නායුවක් නිරීක්ෂණය කළ හැකි ආකාරයට සිතුවිල්ලක් කෙලින්ම නිරීක්ෂණය කළ නොහැකි වුවද, මනෝවිද්‍යාත්මක පර්යේෂකයන්ට හැසිරීම්, මොළයේ ක්‍රියාකාරකම් සහ ස්වයං වාර්තා අධ්‍යයනය කිරීමෙන් මානසික තත්වයන් අනුමාන කළ හැකිය.
මනස-මොළය සමග ඇත සම්බන්ධය
මනස-මොළය සමග ඇති සම්බන්ධය අපගේ මානසික අත්දැකීම් – සිතුවිලි, හැඟීම්, චින්තනය, සංකල්ප, සංජානනය සහ ඥානය – අපගේ මොළයේ සිදුවන භෞතික ක්‍රියාවලීන් සමග සම්බන්ධ වන ක්‍රියාවලියයි. ඔබ, හිරු බැස යන සුන්දර දසුනක් දැක විස්මිත හැඟීමක් දැනෙන විට, එම විස්මිත හැඟීම නියුරෝන නිශ්චිත රටා වලින් ලැබුණ හැඟීමක්ද?, නැතහොත් එයට තවත් ආත්මීය සම්බන්ධයකින් ලැබුණ හැඟිමක්ද? මෙම ප්‍රශ්නය විවාදා සම්පන්න න්‍යායන් වලට මඟ විවර වුනි. ඒ මනස පිළිබඳ භෞතිකවාදී න්‍යාය වඩා හොඳින් තේරුම් ගැනීමට, ඔබේ මොළය සංකීර්ණ පරිඝණකයක් ලෙසත්, ඔබේ මනස එහි ක්‍රියාත්මක වන මෘදුකාංගය ලෙස සරල උදාහරණයක් ගතහොත් පරිඝණකය තුළ ඇති විද්‍යුත් ක්‍රියාවලිය වගේම මොළය තුළද ඇතිවන ක්‍රියාකාරීත්වය ගැනද යම් වැටහීමක් එවිට ලබාගත හැකිය. (මෙය උදාහරණයක් පමණි. මොළය පරිඝණකයක් නොවේ. පරිඝණකයට චින්තන ක්‍රියාකාරිත්වයක් නැත).
ඔබට සතුටක් දැනෙන විට, එම සතුට යනු ඔබේ මොළයේ විශේෂිත රටා තුළ ක්‍රියාකාරීවන නිශ්චිත ස්නායු ක්‍රියාකාරිත්වය තුළින් සිදුවන දෙයකි. එවිට මොළයෙන් වෙන්වුන “මනසක්” ශරීරයක් අසල පාවෙමින් පවතින්නේ නැත; මානසික අත්දැකීම් ලෙස මනසේ සිදුවන දේ විවිධ වචන වලින් විස්තර කර ඇත්තේ මොළයේ සිදුවන ක්‍රියාවලියක් ලෙසය. මෙම මතය ගැන භෞතිකවාදීන් පැහැදිලි කරන්නේ; මොළය ජීව විද්‍යාත්මක ස්නායු වලින් එකම සංජානන කාර්යයන් ඉටු කරන බවයි. එවිට මොළයේ මානසික තත්වයන් විවිධ භෞතික පද්ධතිවලින් සිදුකරන සංජානන කාර්යයන් මගින් ඉටු කරන බවයි.
මනසේ ප්‍රධාන සාධකය වන්නේ විවිධත්වයක් සහිත වීමයි – එකම මානසික තත්වය විවිධ භෞතික පද්ධතිවල ක්‍රියාත්මක විය හැකි බව තවත් අදහසකි. වේදනාව සලකා බලන මිනිසුන් ඔවුන්ගේ භෞතික ව්‍යුහයන් වෙනස් වුවද, වේදනාවට ක්‍රියාකාරීව සමාන දෙයක් අත්විඳියි. එය “වේදනාව” බවට පත් කරන්නේ නිශ්චිත ස්නායු හෝ පරිපථ වලින් නොව, පද්ධතිය තුළ එය ඉටු කරන ක්‍රියාකාරී භූමිකාව තුළයි.
සමහර පර්යේෂකයන් අණුක (පරමාණු) සිට මනෝවිද්‍යාත්මක දත්ත දක්වා විවිධ විස්තර අනුපූරක වන්නේ කෙසේදැයි ගවේෂණය කරයි. මෙම විස්තර එකිනෙකට පරස්පර නොවී ශබ්ද තරංග, සංගීත සටහන් හෝ චිත්තවේගී ප්‍රකාශ අනුව අපට සංධ්වනියක් විස්තර කළ හැකි සේම, සමහර විට මනස සහ මොළය බහු අනුකූල මට්ටම්වලින් තේරුම් ගත හැකි බවද පවසයි.
මනස සහ මොළය අතර සිදුවන ගනුදෙනුව කුමක්ද?
මොළය සහ මනස අතර වෙනස ස්නායු විද්‍යාවේ සහ මනෝවිද්‍යාවේ මූලික සංකල්පයකි. මොළය භෞතික ඉන්ද්‍රියක් වුවද, මනස යනු අත්දැකීම්වල ඇසුරෙන් මොළය තුළ නිපදවන චින්තන ව්‍යුහයකි. මොළය තොරතුරු සකසන අතර ශාරීරික ක්‍රියාකාරකම් නියාමනය කරන අතර මනස තුළ සිතුවිලි, චින්තනය, හැඟීම්, සංකල්ප සහ සංජානනය ද ඇතුළත් වේ. මනස භෞතික වස්තුවක් නොව මොළයේ ක්‍රියාකාරිත්වයෙන් පැන නගින ක්‍රියාකාරකම් හෝ සංසිද්ධි සමූහයකි. විද්‍යාව මනස මොළයේ ක්‍රියාකාරිත්වයෙන් පැන නගින ක්‍රියාකාරකම් හෝ සංසිද්ධි සමූහයක් ලෙස සලකන අතර, ඔබට සිතුවිල්ලක් කෙලින්ම නිරීක්ෂණය කළ නොහැකි වුවද, පර්යේෂකයන්ට හැසිරීම්, මොළයේ ක්‍රියාකාරකම් රටා සහ ස්වයං වාර්තා අධ්‍යයනය කිරීමෙන් මානසික තත්වයන් අනුමාන කළ හැකිය. මොළය භෞතික පදනම වන අතර මනස එයින් මතුවන මානසික ක්‍රියාවලියක සමූහික එකතුවකි. විද්‍යාව, මොළය භෞතික පදනම ලෙසත් මනස එයින් මතුවන මානසික ක්‍රියාවලීන් සමූහයක් ලෙසත් විග්‍රහ කරයි. ඒවා ගැඹුරින් සම්බන්ධ වී ඇති නමුත් සමාන නොවේ. මොළය කෙලින්ම අධ්‍යයනය කළ හැකි අතර, මනස අත්දැකීම් සහ හැසිරීම් හරහා අධ්‍යයනය කළ හැකිය. සාමූහිකව මිනිසුන් සිතන, දැනෙන සහ ක්‍රියාකරන ආකාරයෙන් දැනුම පිළිබඳ සම්පූර්ණ චිත්‍රයකින් මනසින් එවිට වටහා ගත හැකිය.
කෙසේ වෙතත්, මනස සහ මොළය ඇත්ත වශයෙන්ම ඉතා වෙනස්, නමුත් අන්තර් සම්බන්ධිත ව්‍යුහයන් දෙකකි. මෙම යථාර්ථය ගොඩනැගෙන්නේ මොළය ගැන පර්යේෂණ පදනමක් ලෙසයි: මනස මොළය හරහා ක්‍රියාත්මක වෙයි, නමුත් මොළයෙන් පිටත මනසක් නොපවතී. කෙසේ වෙතත්, මනස සහ මොළය ඇත්ත වශයෙන්ම ඉතා වෙනස්, නමුත් අන්තර් සම්බන්ධිත ව්‍යුහයන් දෙකකි. මොළය හරහා මනස ක්‍රියාත්මක වන අතර – මොළයෙන් මනස වෙන් කළ නොහැක.
මනස මොළය භාවිතා කරන අතර මොළය මනසට ප්‍රතිචාර දක්වයි. මිනිසුන් ඔවුන්ගේ ක්‍රියාවන් තෝරා ගනී – ඔවුන්ගේ මොළය ඔවුන්ට කිසිවක් කිරීමට බල නොකරයි. මොළය නොමැතිව සවිඥානික අත්දැකීමක් නොතිබෙනු ඇත, නමුත් අත්දැකීම් වලට මොළයේ සිදුවන ක්‍රියාවන් අඩු කළ නොහැකිය.
මනස මොළයේ ශක්තිය වන අතර එය සිතීම, හැඟීම සහ තේරීම හරහා ශක්තිය ජනනය කරයි. එය මොළයේ ජීවමාන බලය වන අතර, එය නොමැතිව භෞතික මොළය සහ ශරීරය නිෂ්ඵල වනු ඇත. ඒ කියන්නේ අපේ මොළය මනස වන අතර, මනසේ – ක්‍රියාකාරීත්වය යනු මොළයේ ශක්තිය ජනනය කරන ආකාරයයි. මෙය මොළයේ තාක්ෂණය සමග අප ලබා ගන්නා ක්‍රියාකාරකම්වල ප්‍රධාන කොටසකි. මනසෙන් සිතීම, හැඟීම සහ තේරීම හරහා මොළයෙන් ශක්තිය ජනනය කරන විට, අපි සිතුවිලි ගොඩනඟා ගන්නේ ප්‍රෝටීන වලින් සෑදූ අපගේ මොළයේ භෞතික ව්‍යුහයෙනි.
මනස යනු අප අවදිව සිටින විට අවිඥානික සහ සවිඥානික ක්‍රියාකාරකම් ප්‍රවාහයක් වන අතර, අප නිදා සිටින විට අවිඥානික ක්‍රියාකාරකම් ප්‍රවාහයකි. එය සිතීම, හැඟීම සහ තේරීම යන ත්‍රිත්වයකින් සංලක්ෂිත වේ. ඔබ සිතන විට, ඔබට දැනෙනු ඇත – ඔබට දැනෙන විට ඔබ සිතනු ඇත – ඉන් පසුව ඔබේ සිතුවිල්ලෙන් එය තෝරා ගනු ඇත. මෙම අංශ තුන සැමවිටම එකට ක්‍රියා කරයි. මෙයින් මූලික වශයෙන් අදහස් කරන්නේ, එය ඔබේ මනසින් උත්තේජනය වන සෑම අවස්ථාවකම, එය විවිධ ආකාරවලින් – ස්නායු රසායනික, ජානමය සහ විද්‍යුත් චුම්භක වෙනස්කම් ඇතුළුව ප්‍රතිචාර දක්වන බවයි. අනෙක් අතට, මොළයේ ව්‍යුහයන් වර්ධනය වී වෙනස් කරයි, නව සිතුවිලි ගොඩනැගීම හෝ නව සංකල්ප බිහි කිරීම ද එවිට සිදු කරයි.
මනස මොළය සමග ගැඹුරින් බැඳී ඇති බව අවබෝධ කර ගැනීම අපගේ ඥානය සහ පුද්ගලික අනන්‍යතාවය පිළිබඳ සංකල්ප සඳහා ඇඟවුම් කරයි. ඥානය, කෙනෙකුගේ පැවැත්ම සහ වටපිටාව පිළිබඳව දැනුවත් වීමේ තත්වය, මොළයේ සංකීර්ණ ස්නායු අන්තර්ක්‍රියා වල මතුවන දේපලක් ලෙස සැලකේ. එය තනි කලාපයකට ස්ථානගත වී නැත. මොළය තුළ සිතුවිලි කිසි විටෙකත් සමාන නොවේ, මන්ද එය ඔබට ලැබෙන සෑම අත්දැකීමක් සමඟම, සෑම දිනකම සෑම මොහොතක්ම වෙනස් වේ. සාරාංශයක් ලෙස: ඔබේ මනස ඔබ අද්විතීය ලෙස ජීවිතය අත්විඳින ආකාරයයි. ඔබ සිතන, දැනෙන සහ තෝරා ගන්නා ආකාරය අනුව එම තීන්දුවට වගකිව යුතුය. එවිට මොළයට ලැබෙන අද්විතීය අත්දැකීම් මනස මගින් ප්‍රතිචාර දක්වන මොළය භෞතික ව්‍යුහයකි.
චමිල් ජයනෙත්ති

![]()