පසුගිය කාලය පුරාවටම සමහර වාමාංශික ව්‍යාපාරයේ කොටස් විසින් “ජන අරගලය”, “මහජන අරගලය” සහ “පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්” උත්කර්ෂයට නැංවුනා. ඔවුන් එසේ කරන අතරතුර ම විප්ලවවාදී දේශපාලනයේ ප්‍රධානම කර්තව්‍ය අමතක කොට එයට කුඩම්මාගේ සැලකිලි දැක්වීමක් අපට පෙනෙන්ට තිබෙනවා. එම විප්ලවවාදී අවබෝධය නම්, නිර්ධන පංතිය පංතියක් වසයෙන් සංවිධානය කිරීම සහ නිර්ධන පංතික පංති අරගලය සමාජවාදී අරගලයක් දක්වා සංවර්ධනය කිරීමයි. ලෙනින් කිසිම මොහොතක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් නොසලකා හැරියේ නැත. ඒ වෙනුවට ඔහු ඒවා තුල ඇති වටිනාකම සහ නිර්ධන පංතික අරගලය ප්‍රවර්ධනය කරන්නට එහි තිබෙන අවකාශය දකිනු ලැබුවා. නමුත් ඔහු ඒ ගමන්ම දැඩිව අවධාරණය කෙරූ…
![]()