![]()
Category: Sinhala
බුද්ධිමය ස්වාධිනත්වයෙන් යුත් සමෘධ ස්ත්‍රී පුරුෂයන් ඇති සමාජයක් ගොඩ නැගීම ප්‍රමුඛ විය යුතු නොවේ ද?
විජයානන්ද ජයවීර පාසැල් විෂය මාලාව සංශෝධනය කරන බවට ඉඟි පහළ වී ඇතත් පාසැල් විෂය මාලාව සංශෝධනය කළ යුත්තේ ඇයි සහ සංශෝධනය විය යුතු වන්නේ මොනවාද යන්න පිළිබඳ සමාජ කතිකාවක් ඇති තිරීමට අධ්‍යාපන බලධාරීන් තවමත් පියවර ගෙන ඇති බවක් නො පෙනේ. ඒ එසේ වුව ද හුදෙක් ඉගෙන ගැනීම පමණක් නො ව හරියට සිතන්නේ කෙසේද යන්නත් දැන ඉගෙන ගැනීමේ ඉඩ කඩ අපේ පාසැල් වල විෂය මාලාවට ඇතුලත් විය යුතු යැයි අධ්‍යාපනඥයින්ට යෝජනා කිරීමට මම කැමැත්තෙමි. ඒ අනුව දැනුම් න්‍යාය (Theory of Knowledge) මූලික විෂයක් ලෙස පාසැල් වලට හඳුන්වා දීම විචක්ෂණශීලී, කල්පනාකාරී, වගකිවයුතු…
![]()
පලාත් පාලන මැතිවරණය 2025 මැයි 06 – ශ්‍රි ලංකාව ආසියා කොමියුනය (මධ්‍යම කොමියුන් කමිටුව -ශ්‍රි ලංකාව) මැතිවරණ ප්‍රතිථීල විශ්ලේශණය
අමුණුම 04 මෙම ප්‍රකාශනය 2025 මැයි 05 වන දින Asiacommune.org වෙබි අඩවියේ පලකල මැතිවරණ පිලිබද 03 වන ඇමුණුම හා බැදේ. උපුටාගැනීම – 2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිලිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය (Published date – 2025 මැයි 05) බොහෝ දුරට ජාතික ජනබල වේගයට(NPP) තුනෙන් දෙකක ජන බලයක් ලබා දුන් ජනතාවගෙන් අතිවිශාල ප්‍රමාණයක් මෙම පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දීමෙන් වැළකි සිටිනු ඇත. ආසියා කොමියුනය වෙත ලැබෙන තොරතුරු අනුව ඡන්දය දිම සදහා සුදුසුකම් ලබන ඡන්ද දායකයන්ගෙන් 40% කට වැඩි පිරිසක් ජන්දය ප්‍රකාශ කිරීම වැලකී සිටිනු ඇත.…
![]()
2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිළිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය.
03 වන ඇමුණුම ආසියා කොමියුනය ASIACOMMUNE.ORG Published date – 2025 මැයි 05 2025 මාර්තු 01 වන දින ආසියා කොමියුන් වෙබ් අඩවියේ පලකරන ලද ශ්‍රි ලංකාව හා නව රජය යන ලිපිය හා බැදේ. උක්ත ලිපියේ පළමු හා දෙවන ඇමුණුම් වල 2024 වර්ෂයේ ශ්‍රි ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ගැන අපගේ අදහස් ඉදිරිපත් කර ඇත. එහි සටහන් වූ පරිදිම ජනතාව විසින් විප්ලවීය වෙනසක් ඉල්ලා මැතිවරණ ප්‍රතිථිලයක් ලබා දෙන ලදී. අනෙක් අතට වාම මුහුණුවරින් පෙනි සිටින ව්‍යාජ වාම කණ්ඩායම් හා පක්ෂ මැතිවරණ භූමිකාවෙන් මෙන්ම දේශපාලනයෙන්ද අහෝසි කර දමන ලදී. 2025 මැයි…
![]()
මැයි දින ප්‍රකාශය 2025 – ලොව පුරා කම්කරු අයිතීන් රැකීමට පෙළ ගැසෙමු!
මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී, අපි ලොව පුරා කම්කරුවන්ගේ අරගල සහ ජයග්‍රහණ සමරමු. ඔවුහු සාධාරණ වැටුප්, ආරක්ෂිත වැඩ පරිසර සහ කම්කරු ගෞරවය සඳහා නිරන්තරයෙන් සටන් කරමින් සිටිති. මැයි දිනය යනු හුදෙක් අතීත ජයග්‍රහණ සැමරීම පමණක් නොව, ලොව පුරා වැඩ කරන ස්ථානවල පවතින බෙදුම්වාදය, අසාධාරණකම සහ පීඩනයට එරෙහිව සිදුවන නිරන්තර සටනට ඇති කැඳවීමකි. 2025 වර්ෂයේදී, කම්කරුවෝ නව අභියෝග රාශියකට —ස්වයංක්‍රීයකරණය, අස්ථාවර ගිග් ආර්ථික රැකියා, වැටුප් කප්පාදුව, සහ ශ්‍රමිකයන්ගේ සංක්‍රමණික අයිතීන් අවහිර කිරීම් වැනි ගැටලුවලට මුහුණ දෙති. බොහෝ රටවල, රජයන් හා සමාගම් සාමූහික ගිවිසුම්, වැඩ ස්ථාන ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් දුර්වල කරමින්…
![]()
බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?
Originally From: https://vivaranalk.com/ අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි වාර්තාව ගැන ප්‍රමාණවත් උනන්දුවක් දැක් වූයේ නැත. අනූ හතරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් හා අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව බටලන්ද වධකාගාරය මෙන්ම තවත් ආන්දෝලනාත්මක ඝාතන රැසක් ගැන විමර්ශන කොමිසම් සභා පත් කෙරිණ. එවැනි කොමිසම් සභාවලින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැමියා වූ විජය…
![]()
දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..
Originally from: https://vivaranalk.com දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින් තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය කලාපයේ තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින් ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින් තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ. එහෙත් මෙකී රටවල තේ වතු කම්කරුවන්, විශේෂයෙන් ස්ත්‍රීන්ට හා කම්කරු පන්තික පවුල්වලට බලපාන ජිවන කොන්දේසි පවතිනුයේ ඉතාමත් ශෝචනීය තත්වයකයි. කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන අයිතිවාසිකම් හා සමාජ යුක්තිය…
![]()
ධනවාදයේ වසගය සහ මාක්ස්වාදී දෘෂ්ඨිවාදය
ධනවාදය පිළිබඳ විචාරයේදී අප ස්ථානගත වන්නේ කොතැනදැයි කියලා නිරාකරණය කරගත යුතුයි කියලා මට හිතෙනවා. මර්ධනීය සහ අසාධාරණ බවේ මෙවලමක් ලෙස ධනවාදයේ දෘශ්‍යමානය ප්‍රශ්න කිරීම ඒ කියන්නේ බාහිරත්වය අර්ථකථනය කිරීම, වෙනස් කිරීම තවදුරටත් ධනවාදයට විරෝධයක් ලෙස සැලකිය හැකිද? ධනවාදයට තිබෙන අපගේ විරෝධය යනු ධනවාදී ව්‍යුහයේ ප්‍රකාශමානයට සම්බන්ධ ආත්මීය මැදිහත් වීමක් වෙන්න බැරිද? එනම් අපගේ ආත්මය විනෝද වන්නේ ධනවාදයේ වසඟය මගින් අපට පොරොන්දු වන ආශා වස්තුව හිමිකර ගැනීමෙන් නොව එය අහිමි කරගැනීම තුළින් අඩුව නැතිනම් අහිමිවීම කරා අපව නැවත නැවතත් සම්මුඛ කිරීමෙන් බව හඳුනාගැනීමෙනි. එම අර්ථයෙන් ආත්මීයත්වයේ තර්කනය යනු මෙම අසමත් භාවයේ…
![]()
කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සාකච්ඡාව…..
කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සාකච්ඡාව….. 32 වන පරිච්ඡේදය: ප්‍රාග්ධන සමුච්චනය සදහා ධනවාදයේ ඇති ඓතිහාසික ප්‍රවණතාවය මාර්තු 23 ඉරිදා පස්වරු 7.00ට මෙහයවිම – අනිල් රාජකරුණා සහෝදරයා “පංති සටන පෙරට ගැනිමට සියලුම සහෝදර, සහොදරියෝ සම්බන්ධ වන්න” ZOOM තාක්ෂනය ඔස්සේ පහත සබැඳියාව හරහා සම්බන්ධ වෙන්න. Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: ප්‍රාග්ධනය – අනිල් සහෝදරයා Join Zoom Meetinghttps://us06web.zoom.us/j/81343639426?pwd=biLwz9IJftu1UloijAlBnp7w56nEbd.1 Meeting ID: 813 4363 9426Passcode: 183723 මාක්ස්වාදී විශ්වවිද්‍යාලය / Marxists university
![]()
නියමිත දිනට පෙර අද දින නිකුත් වුණා!
නියමිත දිනට පෙර අද දින නිකුත් වුණා! පිටු 860 මිල රු.4600/= මගෙන් මිලදී ගන්නේ නම් 30% වට්ටම අඩු කොට රු.3220/= මගේ නිවසට පැමිණ මිල දී ගන්නේ නම් හෝ පිටපත් 5ට වැඩියෙන් ගන්නේ නම් හෝ: 40% වට්ටම අඩු කොට: රු.2760/= මගේ ජංගම ගිණුම් අංකය : මහජන බැංකුව මූලස්ථාන ශාඛාව 033 100 1917 89 747 ලිපිනය: 405 බී , රබර්වත්ත පාර, මෝදරවිල, පානදුර. දුරකථනය: 038-2237470
![]()