නිර්ධන පන්ති ව්‍යාපාර සහ පරත්වාරෝපණය
මාක්ස් සහොදරයා කම්කරු පංතිය යන්න පැහැදිලි කරද්දී, එය සමාජය තුළ නව සහ ගොඩනැගෙමින් තිබූ සමාජ කණ්ඩායමක් විය. එය එම යුගයේදී බටහිර යුරෝපය තුළ පවා ඉතා කුඩා කණ්ඩායමක් විය. ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල කම්කරු පංතියේ පැවැත්ම ඉතා දුර්ලභ විය. එසේ වුවද, මාක්ස් විශ්වාස කළේ, ධනවාදයේ වර්ධනයට වැඩි වැඩියෙන් නිදහස් කම්කරුවන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ය. මෙහි “නිදහස්” යන්න මාක්ස් සඳහන් කළේ ද්විත්ව අර්ථ සහිතව ය. කම්කරු පංතිය ජනගහනයෙන් ශාතිශය බහුතරය බවට පත්වනු ඇත. එය විසින් ඔවුන්ගේ විප්ලවීය ශක්තිය තවත් පැත්තකින් වැඩි කරනු ඇත.
ඉතිහාසයේ පැවැති සියලු විප්ලවවාදී ව්‍යාපාර එක්කෝ සුළුතරයේ ව්‍යාපාර හෝ සුළුතරයේ අවශ්‍යතා වෙනුවෙන් වූ ව්‍යාපාර විය. නිර්ධන පංති ව්‍යාපාරය වූ කලී සාතිශය බහුතරයේ අවශ්‍යතා නියෝජනය කරන සාතිශය බහුතරයේ සවිඥානික හා ස්වාධීන ව්...









