ගාසා යුද්ධය: පලස්තීනයේ විමුක්තිය සඳහා HONG- KONG යුද විරෝධී විරෝධතාකරුවන් පෙළපාළි යති…
ගාසා යුද්ධයේ දෙවන සංවත්සරය සනිටුහන් කරමින් ඊයේ (ඔක්තෝබර් 7 වන දින) හොංකොං යුද විරෝධී විරෝධතාකරුවන් සිම් ෂා ට්සුයි හි පෙළපාළි ගොස් "පීඩාකාරී යුද්ධය නවත්වනු, "ජන සංහාරය වහා නවත්වනු," "සියොන්වාදය භංග වේවා, පලස්තීන විමුක්තිය දිගු කල් දිනේවා," වහා පලස්තීනය නිදහස් වනු ඇත," සහ "යුක්රේනයේ සිට පලස්තීනය දක්වා, යුද සංහාරය වහා නවත්වනු " වැනි සටන් පාඨ හඩ නැගූහ. සිම් ෂා ට්සුයි පියර් වෙත පැමිණි ඔවුන් සටන් විරාමයක්, ගාසා තීරයේ අවහිරය ඉවත් කිරීම, පලස්තීන භූමිය අත්පත් කර ගැනීම අවසන් කිරීම, පලස්තීන සරණාගතයින් සඳහා නැවත පැමිණීමේ අයිතිය පිළිගැනීම සහ පැහැරගත් දේශපාලන ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඉල්ලා සිටිම. යුද්ධයෙන් මියගිය ගාසා සිවිල් වැසියන් සිහි කිරීම සඳහා ඔවුන් මොහොතක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූහ.
https://youtu.be/huLMdcVuDCo?si=UzyA9Dn50fvFhPnm
SOURCE
SocREC 社會記錄協會@danielwan...








