චෙම්මනි විරෝධයට පොලිසිය ඒරෙහි වෙයි….

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවූ විශාලතම ජන සංහාරය Srebrenica ජන සංහාරය බව කියයි.එය සිදුවූයේ 1995 ජූලී 11 සිට 19 අතර කාලයේදී.

එය සර්බියාව බොස්නියාවට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී සිදුවූ ජන සංහාරයකි . මෙහිදී මරාදැමු මුස්ලිම් පිරිමින් සංඛ්‍යාව 8000 ක් යැයි කියයි . සර්බියාවේ Ratko Mladic‘ නායකත්වය දුන් මෙම ජන සංහාරයට සර්බියන් පොලිස් සහ පැරා මිලිටරි කංඩායම් අයත් වීය. ජනතාව අතරින් ඔවුහූ මුස්ලිම් ජනයා තෝරාගෙන මෙසේ මරා සමූහ මිනීවලවල් හී වලලා දමුනු ලැබින. දැනට සොයාගෙන ඇති ලාබාලම කෙනාගේ සිරුරු කොටස් අනුව ඔහු එවක වයස අවුරුදු 14 ක් පමන වූ බව කියයි.

Don Maya Unedited / මායා / மாயா

එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අයත් නෙදර්ලන්තය හමුදා බටයින් 400 ක් පමන අවි අතිව එම ප්‍රදේශයේ සිටියත් ජන සංහාරය වැලැක්වීමට ඔවුන්ට නොහැකි වූයේ ඒ සදහා නියෝග නොලැබූ බැවින් යැයි කියයි.

පසුගිය සතියේ Srebrenica ජන සංහාරයට වසර තිහක් පිරීම නිමිත්තෙන් සංහාරයෙන් දිවි ගලවාගත් සහ මියගිය අයගේ සමීපතමයන් බොස්නියාවේ සමූහ සුසානය වෙත පැමිණ තම සමීපතමයන් සිහිකල අතර, ප්‍රථම වරට සර්බියන් රජයේ ජනාධිපතිවරයාද එම අවස්ථාවට සහභාගී විය. එසේම ජර්මන් පෙඩරල් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාද එහි ගොස් සිටියහ. මනුශ්‍යත්වයට එරෙහි අපරාධයන්ට යුක්තිය , සංහිදියාව ගැන ඔහු මහා ඉහලින් කලා කලේ , ජර්මනිය ඊශ්‍රායල් පැසිස්ට් ආන්ඩුවට පලස්තීන ජන සංහාරයට ආවුද වලින් සහ මතවාදීමය කොන්දේසී විරහිත සහාය දෙමින් සහ ජර්මනිය තුල පලස්තීන ජන සංහාරයට එරෙහි වන්නන්ට දැඩි මර්දනයකට දියත් කරන අතර තුරය.

ජන සංහාරය මෙහෙයවූ Ratko Mladic‘ ට රෙහීව ජාත්‍යන්තර අධිකරණයයේ යුධ අපරාධ චෝදනා ගොනු කරනු ලැබින.

ලංකාවේ ජන සංහාර , සමූහ මිනීවල් කතා නැවතත් කරලියට එන්නේ චෙම්මනී සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු ගොඩ ගැනීමත් සමගය. එහි හමුවූ ළදරුවන්ගේ සිරුරෙ වඩාත් සංවේදී කාරනයක් වූයේ ළදරුවාගේ තනියට ඔහුගේ බෝනික්කාද ඔහු සමග මිහිදන් වී සිටීම නිසාවෙන් ය.

බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහසින් පසු ලංකාවේ පාලකයින් උතුරේත් දකුණේත් ජනයාව සමූහ මිනීවල් හී සැතපීමේ නිදහස උරුම කර දුන්හ. මිනී ගොඩ ගැනීමද , අපරාධකරුවන් නීතීය ඉදිරියට ගෙන එනවා යැයි පාරම් බෑමද උන්ගේ දේශපාලන සූදුවක් වීය.

උන්, මුන් ජනසංහාරයන්ට යුක්තිය දෙනවා යැයි කීම මුසාවක් වෙන්නේ එසේ උවහොත් උන් මුන් දෙගොල්ලෝ, තුංහොල්ලෝම එහි වග උත්තරකරුවන් වන හෙයින් ය

පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ලංකාවේ සිදුවූ මනුශ්‍යත්වයට එරෙහි අපරාධයන්‍ට යුක්තිය සෙවීම, සංහිදියාව ගැන කලින් කලට යෝජනා, තරවටු කලද බොස්නියන් ජන සංහාරයේ වගකිව යුත්තන් මෙන් ලංකාවේ කිසිවකු ජාත්‍යන්තර අධිකරණයට රැගෙන එන්නේ නැත.ඒ බව ටක්කේටම දන්නා ලංකාවේ දූෂිත පාලකයින් / ජන ඝාතකයින් ” මං බය නෑ අයියෝ මං බයනෑ , මං බය නෑ චි මං බය නෑ “කියන්නේය.

ඒ අන් කිසිවක් නිසා නොව ලංකාව භූ දේශපාලනිකව , චීනාට , ඇමරිකාවට , ඉංදියාවට සහ රුසියාවටද , එංගලන්තයටද වැදගත් වන නිසාවෙන් උන් කිසිවෙකු පොඩි පොඩි සත්තම් වලින් එහාට ලංකාවේ සිදුවූ මනුශ්‍යත්වයට එරෙහි අපරාධයන්ට යුක්තිය දීම ඔවුගේ වැඩක් නොවන නිසාවෙන් ය .

කොහොම උනත් ලෝකයේ මානව හිමිකම් ගැන අනිත් එවුට ටියුෂන් දෙන ඇමරිකාව , යුරෝපය වැනි රටවල මානව හිමිකම් ඝාසා හී පලස්තීන ජන සංහාරයෙන් රෙද්ද පල්ලෙන් වැටී ඇති නිසාත්, උන් ජාත්‍යන්තර මානූශීය නීතීන් ඝාසා හී සමූහ මිනීවල් හී භූමදානය කර ඇති නිසා චම්මනී සමුහ මිනීවල් හී සැතපෙන්නන්ට පමනක් නොව උතුරේත් දකුණේත් සිදුවූ මනුශ්‍යත්වයට එරෙහි අපරාධයන්ට යුක්තිය ආලෝක වර්ෂ ගනනකින් දුරස් වනු ඇත.

විශේෂයෙන්ම දකුණේ සිදුවූ ඝාතන , පැහැරගෙන යැම්, අතුරුදහන් කිරීම් වලට යුක්තිය ඉල්ලන බොහෝ එවුන් උතුරට යුක්තිය දීමේ කාරණයේදී අනුගමනය කරන්නේ ද්විත්ව සදාචාරයක් ය . උන්ට අනුව බෝනික්කා සමග සමූහ මිනී වලේ නිදන ළදරුවාකොටියෙක් ය. ඒ නිසා කම්නැත.

සිංහල ස්වෝත්තමවාදීන්, නාසීවාදීන් සහ ඊශ්‍රායල් පැසිස්ට්වාදීන් අතර ඇත්තේ නම් වල වෙනසක් පමනය ..

සරත් මද්දුමගේ විසිනි

Loading

Related posts