ශ්‍රි ලංකාව සහ නව රජය

ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කුඩා දූපතකි. එහි භුමි ප්‍රමාණය 65,610 Km2 කි. එහි මිලියන 22.2 ජනගහනයක් වාසය කරන අතර ප්‍රධාන වශයෙන් සිංහල හා දමිළ භාෂාව කතා කරයි. මීට අමතරව ඉංශ්‍රිසි භාෂාව ද බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදි සමයේ සිට භාවිතා කරයි. රට තුල බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයන් දැකිය හැක.

1948 පසු ශ්‍රි ලංකාවේ පවුල් පාලනය

ඉන්දියානු නිදහස් අරගලයේ ප්‍රතිථලයක් ලෙස 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස් විය. එතැන් සිට 2024 සැප්තැම්බර් 21 දක්වා අධිරාජ්‍ය ගැති පවුල් කිහිපයක් ශ්‍රි ලංකාව පාලනය කලේය. එනම් වසර 76 ක කාලයක්  ශ්‍රි ලංකාව පාලනය කලේ සේනානයක , බණ්ඩාරනායක , වික්‍රමසිංහ හෝ රාජපක්ෂ යන පවුල් කිහිපයෙනි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර  වික්‍රමසිංහ සහ රාජපක්ෂ එකට රට පාලනය කලේය. මෙම පාලකයන් මතවාදීව අන්ත දක්ෂිණාංශිකයන්ය. එමෙන්ම දැඩි සිංහල ජාතිවාදීන් මෙන්ම පවුල්වාදීන්ය. අපි මෙම පාලකයන්ගේ ඉතිහාස ක්‍රියාවන් කිහිපයක් දෙස අවධානය යොමු කරමු.

1953 හර්තාලය

1953 වර්ෂයේ ශ්‍රි ලංකාවේ දැවැන්ත හර්තාලයක් සිදු විය. හර්තාලයක් යනු දැවැන්ත ජනතා විරෝධයකි. එම අවස්ථාවේදී ශ්‍රි ලංකාවේ අග්‍රමාත්‍යවරයා වුයේ ඩඩ්ලි සේනානයකයි.  එහිදී ඔහුගේ රජය විසින් උද්ඝෝසකයන් 10 දෙනකු ඝාතනය කරන ලදි. සේනානයක හා ඔහුගේ ආණ්ඩුවේ කැබිනෙට්ටුව රැස්විමට සිදු වුයේ සාගරය මැද නැවකය. මෙම අරගලයට නායකත්වය දුන්නේ එවකට දැවැන්ත වාමාංශික දේශපාලන පක්ෂයක් වූ ලංකා සම සමාජ පක්ෂයයි.  එම පක්ෂය එවකට හතරවන ජාත්‍යයන්තරයේ සිටි විශාලතම ට්‍රොට්ස්කිවාදි පක්ෂයයි. ධනපති පාලකයන් ආණ්ඩුව අත්හැර පලා ගියත්  සමසමාජ පක්ෂය දේශපාලන බලය ලබා ගත්තේ නැත. එසේ වුයේ ඔවුන්ට විප්ලවාදී ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් නොමැති වීම නිසාය.

හර්තාලය පවාදීමෙන් පසු සිංහල ජාතිවාදයේ නැගීම

1953 අරගලය පාවාදිමේ ප්‍රතිථිලයක් ලෙස 1956 වන විට සිංහල ජාතිවාදි මතවාදය ශක්තිමත් විය. එසේ ශක්තිමත් වූ සිංහල ජාතිකවාදයේ ප්‍රකාශකයා ලෙස බණ්ඩාරනායක අගමැති බවට පත් විය. ඔහු පත් වූ වහාම සිංහල භාෂාව පමනක් රාජ්‍ය භාෂාව ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලදි. එතැන් සිට දමිළ භාෂාව කතා කරන ජනයාට තමන් දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස හැගිමක් දනවන ලදි. 1959 සැප්තැම්බර් 26 වන දින අග්‍රමාත්‍යය බණ්ඩාරනායක ඝාතනය කරන ලදි. එම ඝාතනය සිදු කරන ලද්දේ ඔහු විසින්ම පෝෂණය කරන ලද සිංහල ජාතිවාදී බෞද්ධ භික්ෂුවක් විසිනි.

1977 තරුණ නැගිටිම

1971 දි ජනතා විමුක්ති පෙරමුණේ (JVP- මාවෝවාදි ) නායකත්වයෙන් තරුණ නැගිටිමක් ඇති විය. එවකට පැවතීයේ අග්‍රමාත්‍යය බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයයි. ඇයගේ රජය විසින් තරුණ තරුණියන් 20,000 ක් ඝාතනය කර කැරැල්ල මර්දනය කරන ලදි. මෙම මර්දනිය ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස ලංකා සම සමාජ පක්ෂය ද සිටියේය. මෙහිදි අවධාරනය කල යුතු කාරණාවක් ඇත.  මෙම ලංකා සම සමාජ පක්ෂය 1935 සිට 1964 දක්වා වාමාංශික ව්‍යාපාරයට ඉතාම කීර්තියක් ගෙන දුන් ව්‍යාපාරයකි.  එම පක්ෂය 1964 න් පසු පන්ති සහයෝගිතා ව්‍යාපාරයට ඇතුල් විය. එතැන් සිට එය ව්‍යාජ වාමාංශික පක්ෂයක් විය.

න.ස.ස.ප. සහ 1980 මහා වැඩවර්ජනය

1978 දී ජයවර්ධන සහ වික්‍රමසිංහ පාලනය මගින්  ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර ඒකාදිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලදි. එහිදී එයට විරුද්ධ වූ වාමාංශික පක්ෂ මර්දනය  කරන ලදි. එයට එරෙහි වු නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් නෙරපා සිර ගත කරන ලදි.

1980 දි මහ වැඩ වර්ජනයක් ඇති විය. එම වැඩ වර්ජනයේ නායකත්වය ගෙන සිටියේ නව සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායකත්වයන් විසිනි. ජයවර්ධන සහ වික්‍රමසිංහ පාලනය වැඩවර්ජනය ප්‍රචන්ඩ ලෙස මර්දනය කලේය. ඔවුන් විසින් රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන් 40,000 ක් සේවයෙන් ඉවත් කරන ලදි.

යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ ජනමතවිචාරණය

1981 වර්ෂයේදි ජයවර්ධන සහ වික්‍රමසිංහ පාලනයේ අනුග්‍රහාකත්වයෙන් දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදි. එම සිදු විම දමිළ ජනයාට එරෙහිව කල ඉතා වේදනාකාරි සිදුවිමක් විය.  

 1982 දි ජනමත විචාරණයක් පවත්වා මැතිවරණ පැවැත්වීම කල් දමා ගන්නා ලදි. 1983 දි යම් සිද්ධියක් මුල් කරගෙන දමිළ හා සිංහල ජනයා අතර ගැටුම්කාරි තත්වයක් ඇති විය. මෙම සිද්ධිය තම දේශපාලන වාසියට ගැනීමට ජයවර්ධන සහ වික්‍රමසිංහ ආණ්ඩුව කලයුතු කලේය. දමිළ ජනතාව දහස් ගණනින් මරා දෑමීය. දසදහස් ගණන් දමිළ ජනතාව ශ්‍රි ලංකාව අත්හැර පලා ගියෝය.

පක්ෂ තහනම

එම තත්වය ප්‍රයෝජනයට ගත් ජයවර්ධන සහ වික්‍රමසිංහ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි ), ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ස්ටැලින්වාදී) සහ නව සම සමාජ පක්ෂය (ට්‍රොට්ස්කිවාදි, එවකට හතරවන ජාත්‍යන්තරයේ ශ්‍රි ලංකාවේ ශාඛාව) යන පක්ෂ තහනම් කර නායකයන් අත් අඩංගුවට ගන්නා ලදි.

1987- 1990 කාලයේදි ශ්‍රි ලංකාවේ නැවතත්  තරුණ කැරැල්ලක් ඇති විය. මෙම කැරුල්ලට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි (JVP- මාවෝවාදි). එහිදි ජයවර්ධන හා වික්‍රමසිංහ ආණ්ඩුව තරුණයන් 60,000 ක් මරා දමා කැරැල්ල මර්දනය කලේය. 

අනෙක් අතට සුළු ජාතින්ගේ ස්වං තිරණ අයිතීය වෙනුවෙන් පෙනී සිටි වාමාංශිකයන් දහස් ගණනක් ඝාතනයට ලක් විය. එම ඝාතන සිදු කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි ) හෝ ඔවුන් සමග ක්‍රියා කල සිංහල ජාතිවාදී කණ්ඩායම් විසිනි. උදා- දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය

නව රජය සහ 1996 මැයි දිනය තහනම් කිරීම

1994 ජනාධිපතිවරණයෙන් ජයවර්ධන හා වික්‍රමසිංහ ආණ්ඩුව පරාජයට පත් විය. නැවතත් බලයට පත් වුයේ බණ්ඩාරනායක පවුලේ සමාජිකාවක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඇයට ජනාධිපති විමට ජනතා විමුක්ති පෙරමුණද (JVP- මාවෝවාදි )  ලංකා සම සමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ ද සහයෝගය දක්වන ලදි.

යුද්ධය තීව්ර විම සහ ශ්‍රි ලංකාවේ ආර්ථිකය බිද වැටීම

එසේ බලයට පත් වු ඇය 1996 දි ජාත්‍යන්තර කම්කරු දිනය තහනම් දිනයක් බවට පත් කලේය. උතුරු නැගෙනහිර දමිළ ජනතාව සහ වතුකරයේ දමිළ ජනතාව සම්පූර්ණයෙන් ම අතරමං කර දැම්මේය. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර දමිළ ජනතාව වැඩි වැඩියෙන් යුධවාදි විසදුම් වෙත යොමු විය. ක්‍රමාණුකුලව උතුරු නැගෙනහිර යුධ තත්වයක් වර්ධනය විය. දමිළ විමුක්ති කොටි සංවිධානය (LTTE) රටපුරාම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කලේය. ශ්‍රි ලංකාවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස  ශ්‍රි ලංකාවේ ආර්ථිකය 2001 දී  -1.55% දක්වා පහතට වැටුණි. 

ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදය විසින් බිහි වූ පරිවාසය

මෙම තත්වයන් හමුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් වෙමින් තිබුණේය. එහි ප්‍රතිඵලය වුයේ 2001 වර්ෂයේ පැවැත්වු පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවතත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යයවරයා බවට පත් විමයි. මෙම වකවානුව තුල  අග්‍රාමාත්‍යය වික්‍රමසිංහ  දමිළ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමග සාම සාකච්ජා ආරම්භ කර තිබුනේය.

එයට එරෙහිව ජාතිවාදි ස්ථාවරයක් ගත් ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි) 2004 වන විට වික්‍රමසිංහ බලයෙන් නෙරපා චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග පරිවාස ආණ්ඩුවක් ඇති කර ගන්නා ලදි.

ජනතා විමුක්ති පෙරමුණ දමිළ ජන ඝාතනයට එක් වීම

එතැනින් නොනැවතුනු ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි) 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් කිරීමට ක්‍රියා කලේය. ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි) තව දුරටත් උග්‍ර ජාතිවාදි ලෙස කටයුතු කටයුතු කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂ ආණ්ඩුව දමිළ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමග දරුණු  විනාශකාරි යුද්ධයකට තල්ලු විය. අද ජනාධිපති වි සිටින අනුර කුමාර දිසානායකගේ පක්ෂය ( ජනතා විමුක්ති පෙරමුණ – JVP- මාවෝවාදි ) යුධ භූමියට ගොස් දමිළ ජනතාව ඝාතනය කිරීමට සිංහල හමුදාවට සහයෝගය දුන්නේය.

2009 මැයි මස දී රාජපක්ෂ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ (JVP- මාවෝවාදි ) සහයෝගය සමග යුධමය ජයග්‍රහනයක් ලබා ගත්තේය. යුධ ජයග්‍රහනය ලබා ගත් වහාම රාජපක්ෂ ආණ්ඩුව විසින් තම ධූර කාලය අවසන් විමට ප්‍රථම ජනාධිපතිවරණයක් පැවැත්විය. එහිදි රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූයේ යුධ ජයග්‍රහන සමයේ සිටි හමුදාපති වන සරත් පොන්සේකාය.  ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි ) එහිදී හමුදාපති සරත් පොන්සේකාට සහයෝගය දෙන ලදි. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කල රාජපක්ෂ පැය 24 ක් ඇතුලදී තම ප්‍රතිවාදි අපේක්ෂකයා වූ සරත් පොන්සේකා අත් අඩංගුවට ගෙන සිර ගත කරන ලදි.

2015 යහපාලන රජය

රාජපක්ෂගේ දෙවන ජනාධිපතිධූර කාලය අවසන් වෙමින් පැවතීයේ වර්ෂ 2014-2015 කාලයේය. තෙවන වතාවටත් ජනාධිපති විමට රාජපක්ෂට සිත් විය. එ් සදහා ව්‍යවස්ථාව වෙනස් කර තෙවන වරටත් ජනාධිපතිවරණයට 2015 දී ඉදිරිපත් විය. එසේ ඉදිරිපත් වුවද රාජපක්ෂ පරාජයට පත් විය. ප්‍රතිවාදි අපේක්ෂකයා ජයග්‍රහනය කලේ වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි )  සහ ව්‍යාජ වමාංශිකයන්ගේ ආශිර්වාදයෙනි.

2015 වර්ෂයේදී එම රජයේ අග්‍රමාත්‍යවරයා වූයේ වික්‍රමසිංහය. ඔහු විසින් තම මිත්‍රයකු වන අර්ජුන් මහේනද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කරන ලදී. මහේන්ද්‍රන් ශ්‍රි ලාංකික පුරවැසියකු නොවන සිංගප්පූරු ජාතිකයෙකි.

2015 පෙබරවාරි 27 වන දින 11 US$ million ක මූල්‍ය වංචාවක් සිදු කර රටින් පලා යන ලදි. ඔහුට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනිමට වික්‍රමසිංහ ක්‍රියා කලේ නැත. රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ මිනිස් ඝාතන, පැහැර ගැනිම්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ දූෂණ සම්බන්ධ පරීක්ෂණ කිසිවක් කලේ නැත.

ආර්ථිකමය වශයෙන් දිගින් දිගටම මහ පරිමාන ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දෙන ලදී. ජනතාව මත පනවන ලද වක්‍ර බදු වැඩි කරන ලදි. ජාත්‍යන්තර ස්ව්‍යරීත්ව බැදුම්කර මගින් අධික පොලියට දිගින් දිගටම ණය ලබා ගත්තේය. මේ අනුව රාජපක්ෂ රෙජීමය විසින් ඇති කල ආර්ථික අර්බුදය වික්‍රමසිංහ තව දුරටත් වේගවත් කරන ලදී.

2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරය තුලින් බිහි වූ රාජපක්ෂ පුනරාගමනය

2015 පරාජයෙන් රාජපක්ෂ රෙජීමය උමතු වී සිටියේය. එතැන් සිට ඔවුන් රටපුරා ජාතිවාදයත් ආගම්වාදයත් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයක් සාදා ගත්තේය. එහි උපරිම අවධිය වුයේ 2019 අප්‍රේල් 21 වන පාස්කු දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි. එම ප්‍රහාරයෙන් 269 කට තම ජීවිත අහිමි විය.

මෙම ප්‍රහාරයේ වාසිය තමන් වෙත හරවා ගත් රාජපක්ෂ රෙජිමය 2019 නොවැම්බර් 18 වන දින නැවත බලයට පත් විය. එහිදී ජනාධිපති වූයේ රාජපක්ෂ පවුලේ සමාජිකයකු වු ඝෝඨාභය රාජපක්ෂයි. ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කලේය.  එකල සිදු වූ මිනිස් ඝාතන සම්බන්ධ වගකිය යුතු පුද්ගලයකු බවට චෝදනා ලැබුවෙකි.

ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් දක්වා රැගෙන යාම

ඔහු බලයට පත් වී කෙටි කාලයක් ඇතුලදී ආනයනික භාණ්ඩ මත පැන වූ බදු අඩු කරන ලදි.  මහ පරිමාන ජාවාරම්කරුවන්ට බදු සහන ලබා දෙන ලදි. ආනයනික සිනි කිලෝ එකක් සදහා වූ ආනයනික බද්ද රු 50 සිට ශත 25 දක්වා අඩු කලේය. ඒ නිසා රජයට අහිමි වූ ආසන්න බදු මුදල රුපියල් මිලියන 422 ( 1.4 US$ million)කි.

ගොවිතැන සදහා රසායනික පොහොර ආනයන  නැවැත්විය. එහි ප්‍රතිඵලය වූයේ කෘෂි ආර්ථිකය සම්පූර්නයෙන්ම බිද වැටිමය. ඉතා ඉක්මනින් ආහාර අහේනියක් ඇති විය. මේ  කාලය තුල කෝවිඩ් 19 අවදානම ශ්‍රි ලංකාවට ඇතුල් විය. එහි ප්‍රතිඵලය වූයේ සමස්ථ ආර්ථිකයම බිද වැටිමය. 2021 වර්ෂය මැද භාගය සහ 2022 වර්ෂය ආසන්න වන විට ජනතාවට ආහාර හිග විය. ඉන්දන හා ගැස් ආනයනය සදහා විදේශ විනිමය නොමැති විය. විදේශ ඩොලර් සංචිතය ඩොලර් මිලියන 500 දක්වා අඩු විය. විදේශ බැංකු ණයවර ලිපි නිකුත් කිරීම නවතා දැමුවේය. ආහාර මත උද්දමනය 90% දක්වා වැඩි විය. සමස්ථ උද්දමනය 70% දක්වා ලගා විය. විදුලිබල කප්පාදුව දිනකට පැය 12 දක්වා වැඩි විය. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් බිද වැටුනේය. පොහොර නැති නිසා ප්‍රධාන බෝග වන තේ, රබර් හා පොල් අපනයන කර්මාන්තය බිඳ වැටුනි. තෙල් හා ගෑස් පෝලිම් වල මිනිසුන් මැරී වැටීමට පටන් ගත්තේය. කුඩා ළමුන් අතර මන්දපෝෂණය උග්‍ර විය. රෝහල් හා පාසැල් පද්ධතීන් අක්‍රිය විය.

අවසානයේ 2022 අප්‍රේල් මාසයේදි  ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව ප්‍රකාශයට පත් කරන ලදී. සාමාන්‍ය ජනතාවට කුමක් කරන්නේද යැයි සිතා ගත නොහැකි විය.

ව්‍යාජ වාමාංශය

පීඩිත ජනතාවට විසදුමක් ඉදිරිපත් කල හැකි සංවිධානය වූ වාමාංශික ව්‍යාපාරයක් රට තුල තිබුනේ නැත. වාමාංශික පක්ෂ හා කන්ඩායම් සිටියද ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් සහිත වගකිය යුතු එකමුතුවක් නොතිබුනි. ඒ වෙනුවට ව්‍යාජ වාමාංශික පක්ෂ අතර ජනප්‍රියවාදි තරගයක් පමනක් පැවතුණි.

කිසිදු පෙළඹවිමකින් තොරව කාන්තාවන් සංවිධාන වී ජනාධිපතිගේ පෞද්ගලික නිවස වට කලේය. කාන්තාවන් පැමිණියේ ගෙදර තිබෙන හැලි වලං ද රැගෙනය. සාමාන්‍ය ජනතාව ස්ව්‍යංව සංවිධානය වී දසදහස් ගණන් ජනතාව කොළඹ නගරයට පැමිණියේය. ජනාධිපති මන්දිරය හා අගමැති මන්දිරය  ජනතාව අත්පත් කර ගත්තේය. ආණ්ඩුවේ බහුතර මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික නිවාස සහ ව්‍යාපාර ගිනිබත් කරන ලදි.

2022 ජුලි මස 13 වන දින ඝෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පලා ගියහ. 2022 ජුලි 14 වන දින නිල වශයෙන් ජනාධිපතිධුරයෙන් ඉවත් වූ බව දන්වන ලදි. ඝෝඨාභය රටින් පලා ගිය පසු රටතුල පැවතියේ විප්ලවීය විෂය බද්ධයකි.

ව්‍යවස්ථාව සහ වික්‍රමසිංහගේ පත්වීම

මුළු මහත් ලෝකයත්, දකුණු ආසියාවේ වැඩ කරන ජනතාවත් දැඩි අවධානයකින් සිදුවන දේ බලා සිටියේය. අද ජනාධිපති වී සිටින අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි ) මහ වැඩවර්ජනයක් කැඳවිම අතරමැද නතර කලේය. පළාත් පාලන මැතිවරණය තෙක් බලා සිටින ලෙස ජනතාවට ආයචනා කලේය. සමාජ වෙනසක් වෙනුවෙන් කොළඹ නගරයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව විනෝද චාරිකාවක් ආවා මෙන් ජනාධිපති මන්දිරයත් අග්‍රමාත්‍යය මන්දිරයත් ( අරලිය ගහ මන්දිරය) නැරඹුම් මධස්ථානයක් බවට පත් කර ගත්තේය. ඉදිරි දර්ශනයක් නොමැති වූ නිසා අරගලයේ ජයග්‍රහණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිර විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආනුභාවයෙන් වික්‍රමසිංහ අගමැති වී ජනාධිපති බවට පත් විය.

වික්‍රමසිංහ බලයට පත් වු වහාම අරගලකරුවන් මර්දනය කර පලවා හැරියේය. සියළුම මැතිවරණ කල් දැමුවේය. ආසියානු කලාපය තුල සමාජ නැගිටීමක් ඇති වේ යැයි ඉන්දියානු පාලක පන්තිය භීතියට පත් විය. එම නිසා ඉන්දියානු ආණ්ඩුව 4,000 US$ million  ක සහන ණයක් ක්ෂණිකව පිරිනැමීය. එම මුදල් භාවිතා කර වික්‍රමසිංහ අර්බුදය තාවකාලිකව කළමනාකරණය කිරිම ආරම්භ කලේය. ඊට අමතරව සහනාධාර ලෙස ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදි. විදේශ රටවල ස්වේච්ඡා සංවිධාන පාසැල් දරුවන් සදහා ආහාර ලබා දිමට කටයුතු කරන ලදි.

මෙතැන් සිට වික්‍රමසිංහ හා රාජපක්ෂ එකට රට පාලනය කිරීම ආරම්භ කලේය. සුපුරුදු පරිදි වික්‍රමසිංහ හා රාජපක්ෂ ආණ්ඩුව විදේශ ණය ලබා ගැනිම සදහා ගෝලිය බලවතුන් සමග එකග විය. ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා ආරම්භ විය. ශ්‍රි ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ අවසන් වාර්ථා අනුව 2023 දෙසැම්බර් මස සමස්ථ ණය ප්‍රමාණය  96,170 US$ million කි.

Source : Ministry of Finance, Economic Stabilization and National Policies – The quarterly Debt bulletin 2024 | first quarter 

ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය හා විකල්පයක අවශ්‍යතාවය

1977 දි ශ්‍රි ලංකාව විවෘත ආර්ථීක ප්‍රතිපත්තියට යොමු විය. එම ආර්ථික ක්‍රමය ප්‍රධාන වශයෙන් ආනයන මත සහ විදේශ ණය මත විශ්වාසය තබන ක්‍රමයකි. 1977 දී ශ්‍රි ලංකාවේ සමස්ථ විදේශණය ප්‍රමාණය  743 US$ million කි. එතැන් සිට වසර 47 ක් තුල විදේශ ණය 99,447 US$ million ක් ලබා ගෙන ඇත. මේ ලබා ගත් ණය වලින් තිරසාරභාවයක් රටතුල පෙන්වා නොමැත. 2019 දී විදේශ සංචිත ප්‍රමාණය 7,000 US$ million ක් විය. 2022 වර්ෂ අවසානය වන විට එය 500 US$ million දක්වා අඩු විය. මිලියන 22.2  ක ජනගහනයක් සිටින ශ්‍රි ලංකාව ණය උගුලක හිර කර මෙම පාලකයන් විසින් එම ජනතාව දිලිඳු බවේ පතුලටම ඇඳ දමා ඇත. ශ්‍රි ලංකාව, වෙනිසියුලාව, ආජන්ටිනාව, කෙන්යාව, ලෙබනනය, ඝානාව, පකිස්ථානය , බංගලාදේශය, ඉක්වදෝර් සහ සුරිනම් වැනි රටවල් වලට මෙම ණය ආපසු ගෙවිම් කල නොහැකි තරම් අපහසුය.

තත්වය එසේ නමුත් විදේශ සහ දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම ආරම්භ කර ඇත. එසේ සිදුකර ඇත්තේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝග වලට අනුවය. ඒ අනුව දේශය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම සම්පුර්ණයෙන් ශ්‍රි ලංකාවේ විශ්‍රාමිකයන්ගේ අරමුදල (EPF & ETF) මත පටවා ඇත. මෙම අරමුදල සතුව ශ්‍රි ලංකාවේ වැඩකරන ජනතාවගේ මුදල් 10,000.5 US$ million කි. දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය නමින් මෙම අරමුදල මත 30% ක බද්දක් පැණවීය. අනෙත් අතට මෙම අරමුදල මත ගෙවන පොලිය 14% සිට 9% දක්වා අඩු කලේය. මේ අනුව දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිමේ බර ශ්‍රි ලංකාවේ වැඩකරන ජනතාව වෙත පටවා ඇත. දේශිය වශයෙන් බදු පැහැරහැර ඇති මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කර ගැනිම දිනෙන් දින ප්‍රමාද කර ඇත.

විදේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සහන ණයක් ලෙස 2,900 US$ million ක මුදලක් ලබා දීමට  ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල (IMF) එකඟ වීම. ණය ගෙවීමේ කාලය වසර කිහිපයකින් දිර්ඝ කරිමට ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල (IMF) එකඟ විම. ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අධික බදු පැනවීමට එකඟ විම. සමහර අංශ වල 400% කින් බදු වැඩි කිරිම. රජය සතු ව්‍යාපාර 80 ක් පමණ පෞද්ගලිකරණය කිරීමට එකග විම.

ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාජ වාම මුහුණුවරෙත් සළුපිළි ගැලවී යාමේ ආරම්භය

2024 සැප්තැම්බර් 21 වන දින ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි ), ජාතික ජන බලවේගය නමින් (NPP) ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන්නේ මෙවැනි තත්වයක් තුලය. විප්ලවීය වෙනසක් අපේක්ෂා කල ජනතාව මැතිවරණයෙන් තම ජයග්‍රහනය ලබා ගැනීමට වසර දෙකක් බලා සිටියේය. ජනතාව එය අද ලබා දි ඇත. මැර බලයෙන් මැතිවරණ කල් දැමු වික්‍රමසිංහ රාජපක්ෂ රෙජීමය බිහිසුණු පරාජයකට ලක් කර ඇත. සර්වජන ජන්ද බලයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති වි ඇත.

ලෝක මාධ්‍යය ප්‍රකාශ කලේ මාක්ස්වාදී වාමාංශික නායකයෙක් ශ්‍රි ලංකාවේ ජනාධිපති වී ඇති බවය. කිසිසේත්ම නව ජනාධිපති හෝ ඔහුගේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි ) හෝ ඔහුගේ මැතිවරණ පෙරමුණ (NPP) මාක්ස්වාදී හෝ වාමාංශික නොවේ. එය මුළු මහත් ලෝකයම දැන ගත යුතුය.

1965 දි ආරම්භ කල ජනතා විමුක්ති පෙරමුණ (JVP- මාවෝවාදි ) සුළු ධනේශ්වර දේශපාලන පක්ෂයකි. වර්තමාන ශ්‍රි ලංකාවේ ජනාධිපති එම පක්ෂයේ නායකයාය.

ගරා වැටෙමින් පවතින ධනවාදයේ නිවහනට සොම්නසින් ඇතුළු වීම

ඔහු බලයට පත් වී දින 4 ක් ඇතුලත ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සන්නිවේදනය ආරම්භ කලේය. ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානින් ශ්‍රි ලංකාවට පැමිණ ඔහුව හමු වුයේය. එම හමුවෙන් පසු ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල (IMF) මාධ්‍යට ප්‍රකාශ කලේ ශ්‍රි ලංකාවේ නව ජනාධිපති සමග ඉදිරියේදි ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බවය.

මෙම ප්‍රකාශය අනුව පෙනී යන්නේ ශ්‍රි ලංකාවේ නව ආණ්ඩුව ගරා වැටෙමින් පවතින ධනවාදයේ නිවහනට සොම්නසින් ඇතුල් වී ඇති බවය. එසේ සොම්නසින් හැඟුම්බර වී සිටින ජනතාවට නව ජනාධිපති ප්‍රකාශ කරන්නේ 2024 නොවැම්බර් 14 වන දින පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද වැඩි බලයක් ලබා දෙන ලෙසය. එසේ බලය ලබා ගත හොත් ජනයාගේ සියළු සිතුම් පැතුම් ඉටුකිරීමට නව ජනාධිපති වග වන බව ප්‍රකාශ කරයි.

නව ජනාධිපතිගේ මෙම ප්‍රකාශ අභියෝගයට ලක් කල හැක. උදාහරණ වශයෙන් 2023 නොවැම්බර් 14 වන දින ශ්‍රි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවකි . එම නඩු තින්දුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකය බංකොලොත් කිරිමට වග කිය යුතු වරඳකරුවන් 4 දෙනකු නම් කර ඇත. මේ වරඳකරුවන් අතර එකම පවුලේ තුන්දෙනෙකි. ඔවුන් නම් හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමතිවරයකු වූ බැසිල් රාජපක්ෂ  මෙන්ම එම පවුල විසින් පත් කල මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ අතර වේ.

2023 එම නඩු තීන්දුවෙන් පසුව බැසිල් රාජපක්ෂ හැර අනෙක තිදෙනා තවමත්  ශ්‍රි ලංකාවේ ජීවත් වේ. බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත් වී ඇත.

2019 අප්‍රේල් පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව වගකිව යුතු අය තවමත් නිදැල්ලේ සිටීමට ඉඩ දි ඇත.

2009 වර්ෂයේදී උතුරු නැගෙනහිර යුධ සමයේ සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සොයා බලා කල යුතු දෑ පිලිබඳ උගත් පාඩම් පිළිබඳ කොමිසන් සභාවේ ( Lessons Learnt And Reconciliation Commission) නිර්දේශ මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරිම පිළිබද අවධානයට ලක් නොවිම. එමෙන්ම මේ වන තෙක් හමුදා භාරයේ තබා ගෙන ඇති දමිළ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් සතු කිරිමට අවධානය යොමු නොවිම.

 මධ්‍ය කඳුකරයේ වසර 200 ක් ජිවත් වන දමිළ ජනතාවට බිම් අගලක් හෝ මේවන තෙක් නොමැත.  ඔවුන්ගේ පූර්ණ ශ්‍රි ලාංකික පුරවැසිභාවය මේ වන තෙක් ලබා දී නොමැත. මේ සම්බන්ධ ඉක්මන් විසදුම් එම ජනතාව නව රජයෙන් බලාපොරොත්තු වේ.

දකුණු ආසියානු කලාපය එක්සත් කිරීම

පසුගිය ජනාධිපතිවරනයේදී ඉතා කුඩා වුවද තවත් වාමාංශික පක්ෂ කිහිපයක් ජනාධිපතිවරනයට ඉදිරිපත් විය. එම පක්ෂ සියල්ලම ලබා ගත් ඡන්ද වල ප්‍රතිඵලය මුළු ඡන්ද ප්‍රමාණයෙන් 0.31% කි. පසුගිය දශක කිහිපයේදිම මෙම පක්ෂ එකම ප්‍රතිඵලය ලබා ගෙන ඇත. නූතන පරම්පරාවට අලුත් ඉදිරි දර්ශනයක් මෙම වමාංශික පක්ෂ ඉදිරිපත් කර නොමැත. පුරුද්දක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙමින් මෙම පක්ෂය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිය පමණක් පවත්වා ගෙන යයි.

අද ලෝකයේ බොහෝ රටවල වාමාංශික විප්ලවාදී ව්‍යාපාරය දුර්වල වි ඇත. නව පරම්පරාවට විසදුම් සහිත ඉදිරි දර්ශන ගොඩනැගිමට සිදු වී ඇත. ධනවාදය විසින් මුළු ලෝකයම ම්ලේච්ඡත්වය කරා ගෙන ගොස් ඇත. වසර සිය ගණනක් එකම තැන පල්වෙන කොමියුනිස්ට්වාදය අවසන් වී ඇත. අලුත් පරමිපරාව නව විප්ලවීය පරිච්ජේදයක් ආරම්භ කල යුතුව ඇත. ජාත්‍යයන්තර වැඩකරන ජනතාවගේ පක්ෂය නිර්මාණය කිරිමට ලෝකවාසී වැඩ කරන ජනතාව එක්සත් කල යුතුය.

ආසියානු කොමියුනය දකුණු ආසියාවේ පන්ති සමාජය තුල නව ඉදිරි දර්ශනයක් ගොඩනැගිමට ක්‍රියා කරමින් සිටී.

මෙම ලියවිල්ලේ දිගුවක් ලෙස පහතින් දක්වා ඇති….

පලමු ඇමුණුම

2024 සැප්තැම්බර් 20 වන දින ප්‍රකාශයට පත් කල ආසියා කොමියුනයේ ජනාධිපතිවරණය සම්බන්ද ප්‍රකාශනය

දෙවන ඇමුණුම

2024 නොවැම්බර් 13  වන දින ප්‍රකාශයට පත් කල ආසියා කොමියුනයේ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ද ප්‍රකාශනය

පලමු ඇමුණුම   

වර්ෂ 2024 ශ්‍රි  ලංකාවේ ජනාධිපතිවරණයනිල ප්‍රකාශණය

ආසියා කොමියුනය

ASIACOMMUNE.ORG

Published date – 2024 සැප්තැම්බර් 20    

වර්ෂ 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රි ලාංකිකයන්ට තීරණාත්මක දිනයකි.  එම දිනය අසල්වාසි දකුණු ආසියාතිකයන්ටද එලෙසම වැදගත් වනු ඇත. මක් නිසාද යත් ශ්‍රි ලංකාවේ ජනතාව මෙම මැතිවරණයේදී තමන්ගේ බලය පෙන්විමට තිරණය කර ඇත. ශ්‍රි ලාංකිය ජනී ජනයාට දැනුම් තේරුම් ඇති ප්‍රමානයට එම වෙනස සිදු විමට නියමිතව ඇත.

එකී වෙනස සිදු කිරිමට ජීවමානව සටන් කරන ජනතාව සමග ආසියා කොමියුනය එක පෙලට සිට ගනිමු. යම් හෙයකින් ජනතාව ප්‍රාර්ථනා කරන්නාවූ වෙනස ඇති වුව හොත් හෝ ඇති නොවු ව හොත් දකුණු ආසියානු කලාපය කේන්ද්‍ර කොට ගෙන ඒකාබද්ධ විප්ලවීය පෙරමුනක්, කලාපීය පක්ෂයක් නිර්මාණය කිරීමට එම ඉදිරිගාමි ජනතාවට සිදු වනු ඇත.

මෙම වෙනස සිදු කිරීමට යන ජනයාට විවේචන ඉදිරිපත් කිරිම හෝ බරසාර මතවාදයන්ගෙන් ප්‍රහාර එල්ල කිරීමෙන් දැන් කිසිදු ප්‍රයෝජනයක් නැත. එසේ නොවන්නේ ඉතා දීර්ඝ කාලයක සිට මුළු ලෝකයේම වාමාංශික ව්‍යාපාර , කොමියුනිස්ට් පක්ෂ පාවාදීම් නිසා ජාත්‍යන්තරවම අසාර්ථක වී තිබීමය.

නැගෙනහිර සිට බටහිර යුරෝපයටද ලතින් ඇමරිකානු, ඇමරිකානු මෙන්ම කැනඩාවේද ආසියානු කලාපයේද වාමවාදීන්ගේ පාවාදිම් සහ ඒකාධිපති කුරිරුකම් ධනපති ක්‍රමයේම කුරිරුකම් හා සමානය.

මෑතකදි හොඳම උදාහරණය ප්‍රංශය මුල් කර ගෙන පෙන්වාදිය හැක. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් තම අභිමතය පරිදි ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.  ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැර 2024 ජුනි 30 සහ ජුලි 07 යන දෙදින තුල පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීය.  

ප්‍රංශ මහ මැතිවරණයෙන් සමස්ථ ආසන 577 න් ආසන 178 ක් ලබා වාමාංශික එකමුතුව (NEW POPULAR FRONT) ජය ගත්තේය.

මෙම ජයග්‍රහණයෙන් වාම ප්‍රතිසංස්කරණවාදීන්, පරිසරවේදින්, රාජ්‍ය නොවන සංවිධානවාදි වාමාංශිකයන්, පන්ති සහයෝගිතාවාදීන් ප්‍රිති ප්‍රමෝදයට පත්විය. ජාත්‍යන්තරවාදි යැයි කියා ගන්නා ව්‍යාජ වාම වෙස්ගත් 4 වන ජාත්‍යන්තරයට සම්බන්ධ නව ධනේශ්වර විරෝධී පක්ෂයේ (NPA- RIGHT WING) බහුතරයක්ද එසේම සතුටු විය.

ප්‍රංශ ජනාධිපති පසුගිය ජූලී හා අගෝස්තු මාස වල ප්‍රංශයේ ඔලිම්පික් තරඟාවලියට මුවා වී අගමැති පත් කිරීම ද  ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් බවට පත් කලේය. නමුත් 2024 සැප්තැම්බර් 05 වන දින අන්ත දක්ශිණාංශික ජාතිවාදී 73 හැවිරිදි Michel Barnier ප්‍රංශ අගමැති ලෙස පත් කර ගත්තේය. මෙම පත්කිරිම සිදු කරනු ලද්දේ මැතිවරණයෙන් මාස එකාමාරකට පසුවය. ජනාධිපතිගේ මෙම අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව උද්ඝෝෂණ කිහිපයක් සිදු විය. ඉදිරියටත් උද්ඝෝෂණ කිහිපයක් සංවිධාන කර ඇත. එයින් එහා යන ඉදිරි දර්ශනයක් සහිත වැඩසටහනක් මෙම වමේ ජයග්‍රාහී පෙරමුණ ඉදිරිපත් කර නැත. මෙම පෙරමුණට අමතරව සිටින වාම කණ්ඩායම් ඉතා කුඩා මෙන්ම විවිධ මතයන්ගෙන් බෙදි පවතී. එනම් යුරෝපානු වම, වැඩකරන පන්තියට වැඩකරන ජනතාවගේ නායකත්වයෙන් විප්ලවාදි ව්‍යාපාරයක්  නිර්මාණය කිරිම අත්හැර දමා ඇත.

ආසියා කොමියුනය ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරණය දෙස බලන්නේ ඉහත සදහන් ලෝක වාමාංශයේ තත්වය හොදින් තේරුම්ගෙනය.

දැනට ශ්‍රි ලංකාවේ වාමාංශික නමින් පෙනි සිටින වාම කණ්ඩායම් අනෙකුත් රටවල ව්‍යාජ වාමාංශික ව්‍යාපාර මෙන්ම ධනපති ඡන්ද වලට ඉදිරිපත් වීම සහ හුදකලා උද්ඝෝෂණ කිරීම සහ වෘත්තිය සමිති තම ජිවීකාව කර ගෙන ඇත.

මීට අමතරව නව විප්ලවිය වැඩපිළිවෙලක් වෙනුවෙන් පර්යේෂණ, අත්හදා බැලිම් සහ නව සොයා ගැනිම්  වෙත යොමු වී නැත. නිර්ධන පන්තිය එක්සත් කිරීමට ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් වෙනුවෙන් අවමව හෝ කාලයක් මිඩංගු නොකරයි.

2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත.

  1. ජනතාව, ජනතාව විසින්ම සිදු කරනු ලබන වෙනසේ ප්‍රතිඵලය
  2. වාම මුහුණුවරින් පෙනී සිටින ව්‍යාජ වාම කණ්ඩායම් සහ පක්ෂ වල දේශපාලනයේ අවසානය දැනුම්දෙන ප්‍රතිඵලය

ආසියා කොමියුනය මෙම ප්‍රතිඵල දෙකටම මුහුණදිමට සුදානම් වන ලෙස ශ්‍රි ලාංකිය ජනයාට ආයාචනය කර සිටී.

එසේ නම් අප කල යුත්තේ කුමක්ද ?

පැහැදිලි ලෙසම ජනාධිපතිවරණයෙන් ජනතාව වෙනසක් කලද නොකලද ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේම වර්ධනය වන දර්ද්‍රතාවය, ජාතිවාදි , ආගම්වාදී, කුලවාදී සහ ම්ලේච්ඡත්වය ඉදිරි වසර වල උඩු දීවිමට නියමිතය.

මෙයට මුහුණදිමට ශ්‍රී ලංකාව හා මාලදිවයින වැනි කුඩා දූපත්වාසින් මෙන්ම, බංගලාදේශය, නේපාලය, පකිස්ථානය සහ ආසන්න වශයෙන් දකුණු ආසියානු කලාපයේ දේශසිමා මායිම් ඉවත් කිරිමට බල කරන සටන් ව්‍යාපාරයක් නිර්මාණය කිරිම ආරම්භ කල යුතුය. පෞරාණික කොමියුනිස්ට්වාදින් සමග මෙවැනි ගමනක් ආරම්භ කිරිම ඉතාමත් අසීරුය. මෙම ගමන යෑමට අලුත් පරම්පරාව සූදානම් විය යුතුය. සරල ලෙස කිවහොත් ශ්‍රී ලංකාව තමිල්නාඩුව සහ ඉන්දියාව සමඟ එකතු කිරිමට කලාපිය පෙරමුනක් නිර්මාණය කල යුතුය.

පෘතුගිසීන්, ලන්දේසින් සහ ඉංශ්‍රිසීන් බෙදා වෙන් කල දකුණූ ආසියාව එක්සත් කල යුතුය. එය කල හැක්කේ අධිරාජ්‍යවාදින් විසින් පැන වූ දේශසිමා මායිම් ඉවත් කිරීමෙන්ය. එම දේශසිමා ඉවත්කිරීමට දකුණූ ආසියානු කලාපය තුල නව කොමියුන් කලාප මොඩලයන් අත්හදා බැලිමට යෝජනා කල යුතුය. 

ධනේශ්වර ආර්ථික ක්‍රමයේ අර්බුදය ගැන තළුමරමින් විවේඡනය කරන අතර නව ආර්ථික ක්‍රම, බැංකු ක්‍රම, අධ්‍යාපන ක්‍රම, සංස්කෘතික වෙනස්කම් ආදි අත්හදා බැලිම් වෙත යොමු විය යුතුය.     

ආසියා කොමියුනය අලුත් පරම්පරාවෙන් ඉල්ලා සිටින්නේ කලාපීය මට්ටමේ විප්ලවීය පෙරමුණක් නිර්මාණය කිරීම වෙත මෙම මැතිවරණයෙන් පසුව යොමු වන ලෙසය.

2024 සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණයෙන් පසු වසර කිහිපයක් ධනේශ්වර මැතිවරණ වලට හිර නොවිමට නව පරම්පරාවට අප යෝජනා කරමු.  විශේෂයෙන්ම වසර කිහිපයක් දකුණු ආසියානු කලාපය තුල ඉදිරි දර්ශණයක් න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ගොඩනැගිමට යොමු විය යුතු යැයි ආසියා කොමියුනය මෙම මැතිවරණ මොහොතේදී ප්‍රකාශ කර සිටිමු.

මෙම යෝජනාව මැතිවරණයක් අභිමුවව ඉදිරිපත් කලද මැතිවරණයෙන් පසු යම් කලෙක ජනතාව වෙත නැවුම් අදහසක් ලෙස ගෙන යාම අපගේ අරමුණයි.

2024 සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණයෙන් වෙනසක් කිරීමට යන ජනයාට අපි සුභ පතන්නෙමු !            

අපගේ වෙබ් අඩවිය -asiacommune.org

විද්‍යුත් තැපෑල – asiacommune22@gmail.com  

                           revolutionaryfrontsouthasia@gmail.com

දෙවන ඇමුණුම   

2024 නොවැම්බර් 14 වන දින පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රි ලංකාව

ආසියා කොමියුනයේ නිල ප්‍රකාශය

ආසියා කොමියුනය

ASIACOMMUNE.ORG

Published date – 2024  නොවැම්බර් 13    

2024 සැප්තැම්බර් 20 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය ගැන ආසියා කොමියුනයේ මතය asiacommune.org වෙබ් අඩවියේ පල කරන ලදි. එම ප්‍රකාශනයේ ද්විත්ව මැතිවරණ ප්‍රතිඵලක් ගැන කතා කරන ලදි.

උපුටා ගැනිම asiacommune.org 2024/09/20 දින “2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත

  1.  ජනතාව, ජනතාව විසින්ම සිදු කරනු ලබන වෙනසේ ප්‍රතිඵලය
  2. වාම මුහුණුවරින් පෙනී සිටින ව්‍යාජ වාම කණ්ඩායම් සහ පක්ෂ වල දේශපාලනයේ අවසානය දැනුම්දෙන ප්‍රතිඵලය

ආසියා කොමියුනය ප්‍රකාශ කල පරිදි එම ප්‍රතිඵල දෙකම නිකුත් විය.

දශක ගනණාවක් ධනවාදයෙන් බැට කෑ ජනතාව ඡන්දයෙන් කල හැකි දෑ සිදු කලේය. වසර 76 ක් තමන්ව පාලනය කල සියළුම දූශිත පවුල් ඡන්දයෙන් පරාජය කලේය.

ඒ වෙනුවට 1965 සිට ව්‍යාජ වාම මුහුණුවරක් පෙන්නුම් කල ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායක අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් කලේය. 2024 සැප්තැම්බරයේ ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජාතික ජනබල වේගය( NPP) නමිනි. නමුත් එහි අභ්‍යන්තර ශක්තිය ජනතා විමුක්ති පෙරමුණ (JVP ) විය.

2024 සැප්තැම්බරයේ ඔවුන් බලය ලබා ගැනිමට පෙර කිසියම් හෝ නව සමාජ ආර්ථික වැඩපිළිවෙලක පෙර පුහුණුවක සිටියේ නැත. ලෝකයේ නව සමාජ ආර්ථික මොඩලයන් අත්හදා බලන විප්ලවිය කණ්ඩායම් සමඟ ජාත්‍යන්තර ගණුදෙනුවක පෙර සූදානමකද නොසිටියේය. දශක ගණනාවක් ජාතිවාදි පදනමෙන් වේදනා විදි දමිළ ජනතාවගේ දේශපාලන ගැටළු ප්‍රමුඛත්වයේ ලා සැලකුවේ ද නැත. දකුණු ආසියානු කලාපිය ජනයා සමඟ සහයෝගිතාවයක් සදහා ඉදිරි දර්ශනයක්ද තිබුනේ නැත.

එවැනි තත්වයක් තුල 2024 සැප්තැම්බර් 21 වන දින සිටම අනුර කුමාර දිසානායක ගෝලිය ධනවාදයේ ශ්‍රි ලංකාවේ නියෝජිතයා විය. කඩා වැටෙන ගෝලිය ධනවාදයේ ජරා වාස වූ නිවසට ඔහු සොම්නසින් ඇතුල් වී ඇත.

එසේ ඇතුල්විමත් සමග ඔහුගේ ව්‍යාජ වාම මුහුණුවර සම්පූර්ණයෙන්ම අවසන් විය. 2024 නොවැම්බර් 14 වන දිනෙන් පසු ධනපති නීති සම්පාදනයට ද බලය ලබා ගන්නවා  ඇත. 225 ක්ම සොරුන් සිටි ව්‍යවස්ථාදායකයට ඔවුන් බැති සිතින් ඇතුල්වනු ඇත.

එම දිශාව බලාගෙනම පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අනෙකුත් ව්‍යාජ වාම කණ්ඩායම් ද මැතිවරණයෙන් මෙන්ම දේශපාලයෙන්ද පරාජය විම ස්ථීරය.

2024 නොවැම්බර් 05 වන දින 30% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ( අන්ත දක්ෂිණාංශික) ඇමරිකානු ජනාධිපති විය. ඔහුගේ ප්‍රතිවාදියා වූ කමලා හැරිස් 29% ජන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.  මෙහිදී ජන්ද දිමෙන් වැලකී සිටි ඇමරිකානුවන් ප්‍රමාණය 40.3% ක ප්‍රතිශතයකි. ලෝකය පුරාම ප්‍රධාන මැතිවරණ වල මෙවැනි තත්වයක් දැකිය හැක. 30% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත් ට්‍රම්ගේ ජයග්‍රහණය ඉන්දියානු හින්දු ජාතිවාදී මෝදි පාලනයට ද ශක්තියක් විය.

ලෝක වැඩකරන ජනතාවට මෙම මැතිවරණ උගුලෙන් එළියට පැමිණිමට මාවතක් අවශ්‍යය වි ඇත. මෙම පාර්ලිමේන්තු මැතිවරණ මොහොතේදී නූතන අදහස් ඇති වාමාංශිකයන්ට නිර්මාණාත්මකව සිතන මෙන් ආසියා කොමියුනය ආයාචනය කරමු.

දකුණු ආසියානු කලාපයේ පීඩිත ජනයාට ගැටළු විස්තර කිරිම නවතා දමා විසඳුම් විස්තර කරන ලෙස ආයාචනය කරමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව, ලෝක වෙළද සංවිධානය (WTO), ආසියානු සංවර්ධන බැංකුව පිළිබඳ විස්තර කිරීම පමණක් නොකර නූතන ආර්ථික මොඩලයක්, බැංකු ක්‍රමයක් ප්‍රායෝගිකව වැඩ කරන ජනතාව සමඟ අත්හදා බැලිමට ආයාචනය කරමු.

මෙවැනි විප්ලවිය ගමනක් ආරම්භ කිරීමට නම් ව්‍යාජ වාමාංශික ව්‍යාපාර අවසන් විය යුතුව ඇත. එය එසේ වෙමින් පවති. අපට සතුටු විමට නම් නුතන කලාපිය විප්ලවිය ව්‍යාපාරයකට පණ දිය යුතුය. ආසියා කොමියුනය ක්‍රියා කරන්නේ මේ සදහාය. එම අරගලය සමඟ එක්වන ලෙස ආසියා කොමියුනය ඔබට ආයාචනා කර සිටිමු.

දොන් සමන්ත

ආසියානු කොමියුනයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන්

අපගේ වෙබ් අඩවිය –asiacommune.org

විද්‍යුත් තැපෑල – asiacommune22@gmail.com  

                           revolutionaryfrontsouthasia@gmail.com

To be continued……

Loading

Leave a Reply