සොබාදහම හා සමාජය පිළිබඳ මතවල විප්ලවය

මාක්ස්වාදය සඳහා අත්තිවාරම දමන ලද්දේ සමස්ත ඉතිහාසයේ ගමන් මඟ විසිනි. කලින් පරම්පරාවෙන් බිහි කරන ලද විද්‍යාවේ වර්ධනය විසිනි. ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය, ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝරාජික සමාජවාදයේ මාක්ස්වාදය න්‍යායික මූලාශ්‍ර වූයේ ය.
එකල ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය ප්‍රධාන පෙළේ ප්‍රකාශකයා වූයේ ගියෝගල් හේගල් (1770- 1831) සහ ලුද්විග් පොයාර්බාහ් (1804- 1872) ය. හේගල් දයලෙක්තිකය නම් වූ, වර්ධනය පිළිබඳ සිය දාර්ශනික අදහස් ප්‍රකාශ කළේය. කෙසේ වුවද, හේගල් වාදී දයලෙක්තිකය සීමිත ස්වභාවය, එහි මූලික වශයෙන් විඥානවාදී මූලධර්ම තුළ දක්නට ලැබිණි. ඔහුගේ මතයට අනුව, එක්තරා ආකාරයක පරම අදහසක් ලෝකයේ පැවැත්මේ පදනම සහ අවසාන හේතුව සෑදීය. ඊට පටහැනි ලෙස, පොයාර්බාහ්, ගුඨ අදහස් වල පිළිසරණ නොසොයා, සොබාදහම්, සැබැවින්ම කුමක්ද යන්න මගින් විවරණය කළ හැකි බව ඔප්පු කිරීමේ ප්‍රයත්නයක යෙදුනි. එහෙත් එම භෞතිකවාදය පාරභෞතික විය. එය වර්ධනය ප්‍රතික්ෂේප කළ අතර, ප්‍රමාණාත්මක ( සංඛ්‍යාත්මක) වෙනස් වීම පමණක් පිළිගත්තේය. හේගල් වාදී දයලෙක්තිකයේ අතිවිශාල වැදගත්කම වටහා ගැනීමට ඒ අසමත් විය. එමනිසා ඔහුට එය සොබා දහමට හෝ මානව සමාජයේ ඉතිහාසයට අදාළ කර ගත නොහැකි විය. හේගල්ගේ දයලෙක්තිකය සහ පොයාර්බාහ්ගේ භෞතිකවාදය මාක්ස්වාදී දර්ශනය නිර්මාණය කිරීමේදී ආරම්භක ලක්ෂය වශයෙන් සේවය කළේය.
දේශපාලන ආර්ථික විද්‍යාවේ දී ඉංග්‍රීසි ජාතික ආර්ථික විද්‍යාඥයින් ඇඩම් ස්මිත් ( 1723- 1790) සහ ලෝකයේ සියලු ධනයෙහි අදාල මූලාශ්‍රය ශ්‍රමය බව ඔප්පු කළ සහ ඒ අනුව විද්‍යාත්මක දේශපාලන ආර්ථික විද්‍යාව නිර්මාණය කිරීම දෙසට දිගු ගමනක් ගියා වූ, ඩේවිඩ් රිකාඩෝ ( 1772- 1790) මාක්ස්වාදයේ පූර්වගාමීහු වූහ.19 වෙනි සියවසේ මහා මනෝරාජික සමාජවාදීහු හෙන්රි සෙන්ට් සිමොන්, චාල්ස් පූරියේ සහ රොබර්ට් ඕවන් ධනවාදී ක්‍රමය දැඩි ලෙස විවේචනය කළ අතර, අනාගතයේ ඇතිවිය යුතු සමාජය වශයෙන් ඔවුන් සිතූ දේ සැකවින් දැක්වූහ. එසේ වුවද එය සාක්ෂාත් කරගන්නා ප්‍රායෝගික මාර්ග මොනවාදැයි පෙන්වීමට ඔහු අසමත් වූහ. මේ අනුව මාක්ස්වාදය, 19වෙනි සියවසේ මිනිස් වර්ගයා විසින් නිර්මාණය කරනු ලැබ තිබූ සියලුම හොදම දේවල, එනම් ජර්මන් දර්ශනවාදයේ, ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාවේ සහ මනෝරාජික සමාජවාදීන් අනුප්රාප්තිකයා වූයේය. කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් සිය න්‍යායික පුරෝගාමීන්ගේ උරුමය හුදෙක් අවිච්ඡින්න ව වර්ධනය නොකළහ.ඔවුහු විචාරාත්මක ලෙස එය යළි සකස් කොට, අනතුරුව, ඉතාමත් ප්‍රගමනික හා විප්ලවීය පන්තිය වන නිර්ධන පන්තියේ මූලික වුවමනාවන් ප්‍රකාශය කළ නව දර්ශනයක් නිර්මාණය කළහ. ඔවුහු වැඩකරන ජනතාවගේ සමාජ විමුක්තිය ඉතිහාසයේ සැබෑ විප්ලවයක් සිදු කළහ. මෙම විප්ලවය පහත දැක්වෙන ස්වරූපය ගත්තේය. ප්‍රථමයෙන්ම, විඥානවාදය සමඟ අරගලයේ දී කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් දාර්ශනික භෞතිකවාදය ආරක්ෂා කිරීමට හා වර්ධනය කිරීමට සමත් වූහ. ඔවුහු මෙම භෞතිකවාදය දයලෙක්තිකයෙන් පෝෂණය කළහ. එනම්, වාස්තවික ලෙස පවත්නා ලෝකයේ වර්ධනය ගැන සහ ප්‍රජානනය කිරීම ගැන ඉතාමත් පෘථුල දර්ශනයෙන් පෝෂණය කළහ. එසේ කිරීමෙන්, ඔවුහු පාරභෞතිකවාදී භෞතිකවාදයේ සීමාවන් ඉක්මවා ගිය, විඥානවාදය මත පදනම් වූ හේගල් වාදී දයලෙක්තිකය ට වඩා මූලික වශයෙන් වෙනස් වූ භෞතිකවාදී දයලෙක්තිකය නිර්මාණය කළහ. කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් භෞතිකවාදය සහ ආර්ථිකය සමාජ ජීවිතයට ව්‍යාප්ත කරමින්, භෞතිකවාදය නිර්මාණය කළහ. දෙවැනුව, මාක්ස්වාදයේ නිර්මාතෘහු ඇඩම්ස් ස්මිත්ගේ, ඩේවිඩ් රිකාඩෝගේ හා සම්භාව්‍ය ධනේශ්වර දේශපාලන ආර්ථික විද්‍යාවේ සෙසු නියෝජිතයින්ගේ අදහස් උපයෝගී කරගෙන ධනපතියන් විසින් පැහැර ගනු ලබන අතිරික්ත වටිනාකමේ ස්වභාවය සොයා ගත්හ. මාක්ස්වාදී දේශපාලන ආර්ථික විද්‍යාව බිහි වූයේ එසේය. දේශපාලන ආර්ථික විද්‍යාවේ නව න්‍යාය ධනවාදී සමාජයේ ආර්ථික නියමයන් පැහැදිලි කළ අතර, පෞද්ගලික දේපළ අයිතිය අවසන් කර දැමීමේ සහ එය පොදු දේපල මගින් ආදේශ කිරීමේ ඓතිහාසීය අවශ්‍යතාවය ගැන නිගමනය කළේය.
කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් දේශපාලන ආර්ථික විද්‍යාවේ ගැටළු සමගාමී ලෙස යථාර්ථය පිළිබඳ ඔවුන්ගේ දාර්ශනික විශ්ලේෂණයෙන් වර්ධණය කළහ. ඔවුන්ගේ දාර්ශනික භෞතිකවාදය කම්කරු පන්තියට අධ්‍යාත්මික විමුක්තියේ මාවතක් පෙන්වූ අතර, සිය අතිරික්ත වටිනාකම් නියමය මුල්ගල කරගත් ඔවුන්ගේ ආර්ථික න්‍යාය වැඩකරන ජනතාවට ධනවාදය යටතේ ඔවුන්ගේ සැබෑ තත්ත්වය අනාවරණය කළේය.
තෙවනුව, මාක්ස්වාදයේ නිර්මාතෘහු පන්ති අරගලය පිළිබඳ විද්‍යාත්මක විවරණයක් කළහ. ඔවුහු ඉතිහාසය කම්කරු පන්තිය සතු තීරණාත්මක කාර්යභාරය සනාථ කොට, ධනවාදය අවසන් කිරීමෙහිලා සමාජවාදී ක්‍රමයක් බිහි කිරීමෙහිලා කම්කරු පංතියේ ඓතිහාසික මෙහෙවර පැහැදිලි කළහ.
සිව්වෙනුව, ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී අවබෝධය සනාථ කිරීම මගින් සහ එය සමකාලීන ධනේශ්වර සමාජය අවබෝධ කරගැනීමට එය යොදා ගැනිමින් කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් ධනවාදයේ සිට සමාජවාදය වෙත සංක්‍රාන්ත වීමේ වාස්තවික නියමයන් අනාවරණය කළහ. එසේ කිරීමෙන් ඔව්හු කම්කරු පන්ති ව්‍යාපාරය විප්ලවීය කටයුතුවලට වැඩ පිළිවෙලකින්, පන්ති අරගලයේ මුලෝපාය සහ උපක්‍රම වලින් සන්නද්ධ කරමින් විද්‍යාත්මක සමාජවාදී න්‍යාය බිහි කළහ. කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් ශ්‍රේෂ්ඨ චින්තකයන් පමණක් නොවේ. ඔවුහු ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් හා ජගත් නිර්ධන පන්තියේ නායකයින් ද වෙති. ඔවුන්ගේ ප්‍රායෝගික කටයුතු වලදී ඔවුහු, කාල් මාක්ස් විසින් ම සූත්‍රයගත කරන ලද පහත දැක්වෙන විධි විධානය අනුගමනය කළහ.“දර්ශනවාදීන් කර ඇත්තේ විවිධාකාරයෙන් ලෝකය අර්ථකථනය කිරීම පමණකි. එහෙත් කාරණය එය වෙනස් කිරීමයි”ලෝකය විප්ලවීය ලෙස පරිවර්තනය කිරීමේ කටයුත්තට ඔවුහු තමන්ගේ මුළු ජීවිතයම සහ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ බුද්ධියෙහි බලය කැප කළහ. කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස්,කොමියුනිස්ට් ලීගය (සංගමය) නිර්මාණය කළහ. එය ඉතිහාසයේ විප්ලවීය නිර්ධන පන්තියේ ප්‍රථම දේශපාලන සංවිධානය වූයේ ය. 1864 දී ඔවුහු ජාත්‍යන්තර කම්කරු සංගමය ආරම්භ කළහ. මෙය පළමුවන ජාත්‍යන්තරය නමින් ඉතිහාසගත විය. පළමු වන ජාත්‍යන්තරයේ අදහස වූයේ විවිධ රටවල විශාල නිර්ධන පන්ති පක්ෂ පිහිටුවීම සහ වැඩ කරන පොදු ජනතාවට විප්ලවීය න්‍යායේ හරය ඉගැන්වීමය. ජාත්‍යන්තරයේ ප්‍රධාන ප්‍රතිපත්ති ලේඛන, එනම්, ආරම්භක දේශනය සහ තාවකාලික ව්‍යස්ථා රීති කාල් මාක්ස් විසින් ම ලියන ලදී. කම්කරු පංතියේ විමුක්තිය කම්කරු පන්තිය විසින් ම දිනා ගත යුතු බවත්, එහි ප්‍රධාන කර්තව්‍යය දේශපාලන බලය දිනා ගැනීම සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීම බවත් මෙම ලේඛනය අවධාරණය කළේය. “පළමුවන ජාත්‍යන්තරය (1864 – 1872 ප්‍රාග්ධනයට එරෙහිව කම්කරුවන්ගේ විප්ලවීය ප්‍රහාරය සූදානම් කිරීම සඳහා කම්කරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානයකට පදනම දැමීය. සමාජවාදය සඳහා නිර්ධන පංතික ජාත්‍යන්තර අරගලයේ පදනම දැමීය”
වී අයි ලෙනින්
කාල් මාක්ස් සහ පැහැදිලි එංගල්ස් ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ ආරම්භකයෝ වූහ. ඔවුහු කම්කරු පන්තියේ අරගලයේ ආශිර්වාදය ලත් විප්ලවීය චින්තකයෝ වූහ.

මතු සම්බන්දයි….

Marxists university
මූලික සමාජ දේශපාලන දැනුම

Loading

Leave a Reply