විජය කුමාරතුංග මානවහිතවාදීයෙකි. ජනප්‍රිය නළුවකු උවත් , ඔහුගේ මානව හිතවාදය හූදු රංගනයක් නොවීය. ඒ නිසාම ඔහුට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවීය.
ජාතීන්ගෙ ගැටළුවට දේශපාලන විසදුමක් ලබා දීම ගැන කැපවූ ඔහු උතුරේ සංචාරයක නිරතවිය . එය එකල දකුණේ වර්ගවාදීන්ගේ වෛරයටද හේතුවීය . 83,කළු ජූලියට මුවාවී ජේ.ආර් ද්‍රෝහියා ජ.වි.පෙ , කො.ප. මෙන්ම නව සම සමාජ පක්ෂයද තහනම් කර තිබින .
ශ්‍රී ලංකා මහජන පක්ෂයට මෙන්ම එක්සත් සමාජවාදී පෙරමුණට ද ඔහු නායකත්වය දුන් අතර බලය බෙදීමට පක්ෂ වීම නිසාම ඔහුව ඝාතනය කරනු ලැබීය.සම සමාජ , කො.පෙ.මෙන්ම නව සම සමාජ පක්ෂයද ඊට ඇතුලත් වීය .
චංද්‍රිකා ජ.වි.පේ සමග දීගකනවිට විජය ඝාතනය කලේ යූ.එන්.පී.ය කියයි. දීගය කැඩුනු පසු විජය ඝාතනය කලේ ජ.වි.පේ යැයි කියයි. විජය ජේආර් – ප්‍රේමදාස ආන්ඩුවේ සතුරෙකු වූ අතර ඔහුට “නැක්සලයිට් චෝදනා දමා සිරගත කරනු ලැබීය. ඒසේම ඔහු ජ.වි.පේ නායකත්වය දුන් දේ.ජ.ව්යා. යේද සතුරෙකු වීය.
එහෙත් චංද්‍රිකා ජනාධිපති තනතුරේ සිටි කාලයේදී විජය ඝාතනයට යුක්තිය සෙවීම කෙසේ වෙතත් 17 වසරක යූ.එන් .පී සාපය ගැන කියමින් , මිනී වල් හාරමින් බලයට පැමිණි ඇය ” බටලන්දේ කොමිෂමේ නිර්දේශ පෙට්ටගමේ දමා ” බටලන්දේ වධකයා වූ රනිලාව ගලවා ගත් බව කව්රුත් දනී.
මට කීමට අවශ්‍ය වූයේ විජයව දේශපාලනීකව මරා දැමීන් ගැනයි. විජයගේ දේශපාලනයේ ආකර්ශනය නිසා ලංකාවේ දේශපාලනයට ආවෝ බොහෝයි. උන් පසුකාලීනව පිල් මාරු කරමින් ජන ඝාතක යුද්ධයට රාජපක්ෂලාට ගොම්පස් අල්ලමින් .. යුධ විරෝධි විජයගේ දේශ පාලනය ඝාතනය කලෝහ.
” ත්රස්තවාදයට හෝ බෙදුම්වාදයට ඉඩ නොදෙමියි” කටතොළු කතා කියමින් සී.අයි.ඩී ය සමග ගිය රේණුක පෙරේරා මහජන පක්ෂයේ සිට රාජපක්ෂ වනචාරීන්ගේ ටොපා පක්ෂයේ ලේකම් කෙනෙකු වී විජයගේ දේශපාලනය මරා දැමු අන්තිමයා නොවනු ඇත..
By Sarath Maddumage