” පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලය “

” වැරදියට චංදේ පාවිච්චි කරනවට වඩා හොදයි , චංදය පාවීච්චි නොකර ඉන්න එක”

ඒ අද උදේ මට හමුවූ වයෝවෘද්ධ කාන්තාවක් කියූ කතාවක්. අද 24.11 .2024 ස්වීට්සර්ලන්තයේ ජන මත විමසුන් දිනයක්. මෙහි වසර හතරකට වරක්, මහජන නියෝජිත ආයතන වලට නියෝජිතයින් පත්කිරීම , පාසල් පාලන මංඩලයේ නියෝජිතයින් පත්කිරීම සහ දිස්ත්‍රික් සහ මහ අධිකරණ විනිසුරුවන් , සාම විනිසුරුවන් පත් කිරීමට අමතර , සෑම වර්ෂයකම හතර වතාවක් විවිධ කරුණු අරබයා ජන මත විමසුන් පැවැත්වෙනවා.

ඉතින් මගේ චංදය ප්‍රකාශ කිරීමට යන අතරතුර තමා අර කියූ කාන්තාව හමුවුනේ. කාටත් සුපුරුදු පරිදි මා ඇයට ” සුභ උදැසනක් ” කීවා.
ඊට ප්‍රති උත්තරයක් විදියට ඇය මගෙන් විමසුවා ” අද ඉරිදාද කියා.

“ඔව් අද ඉරිදා “යැයි මම කීවාම
ඇය අහනවා එතකොට අද “මුලු දවසම ඉරිදාද කියා.”

ඉතින් මම කිව්වා “ඔව් අද දවසම ඉරිදා තමා. ඒ වගේම අද ජන මත විමසුමක් තියෙනවා. ඔබ ඔබේ චංදය ප්‍රකාශ කලාද කියා.”

“නෑ මට ඒක ගැන හරි අවබෝධයකට එන්න බෑ, ඒ නිසා මම චංදය දෙන්නෑ, චංදය වැරදි විදියට පාවිච්චි කරනවට වඩා හොදයි නොදා ඉන්න එක” ඇය කීවා.

ස්වීට්සර්ලන්තයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙහි ජීවත්වෙන අවුරුදු 18 ට වැඩි පුරවැසියන්ට චංද අයිතිය හිමියි. ව්‍යවස්ථාවේ ඒක ගැන කියන්නේ මෙහෙම ” වයස අවුරුදු 18 ට වැඩි තීරණයක් ගැනීමේ විනිච්චයක් දීමට හැකි මට්ටම පසුවන” යනුවෙන් . ඒ අනුව බලන කල අර කලින් කියූ කාන්තාව චංදය නොදී සිටීම හරි. මොකද ඇය දෙන චංදයට ඇයට වගවීමක් ගත නොහැකි නිසා.

ඉතින් අද පෙඩරල් ආන්ඩුවේ නීතී සම්පාදන කරුණු කිහිපයකට ජන මත විමසුන් පැවතුනා.

ෆ්‍රැන්ක් බිලියන 7 ක් වැය කර ඉදිකිරීමට යෝජිත මෙගා අධිවේගී මාර්ග ඉදිකිරීම ගැන , ජනතාව විසින් ජන මත විමසුමක් ඉල්ලා තිබුනා. ආන්ඩුවේ ව්‍යාපෘතියට විරුද්ධ ජනතාව කියා සිටියේ පර්සරය වනසන එවැනි ව්‍යාපෘති අනවශ්‍ය බව සහ ඊට වඩා පොදු ප්‍රවාහන සේවයට( දුම්රියට ) මුදල් ආයෝජනය කල යුතුබව . එම ඉල්ලීම කලේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය , හරිත පක්ෂය ඇතුලු වාමාංශීකයින් සහ සීවිල් සමාජ ක්‍රියාකාරීන් .

දැනටත් ස්වීට්සර්ලන්තයේ ප්‍රමානවත් අධිවේගී මාර්ග පද්ධතියක් තියෙනවා.

අද පැවති ජන මත විමසුමෙන් 52.07 %ක ජනතාවක් රජයේ මෙගා අධිවේගී මාර්ග ව්‍යාපෘතියට එරෙහිව චංදය දුන්නා. එය අපි ලැබූ ජයක්.

ඒ වගේම ගෙවල් කුලී පනතට අදාල වගන්ති දෙකක් සංශෝධනයට පෙඩරල් රජය ජනතාවගේ කැමත්ත ඉල්ලා සිටියා . ඊට එරෙහි වෙමින් කුලී නිවාස හිමියන්ට වාසී ගෙන දෙන කුලී නිවසියන්ට අහිතකර නීතී සංශෝධනයට එරෙහීව චංදය දෙන ලෙස වාමාංශීකයින් කල ඉල්ලීම අනුව 51.6 %ආන්ඩුවේ නීති සංශෝධනයට එරෙහීව චංදය දුන්නා. එයත් කුලී නිවැසියන් ලද ජයක්..

සෞඛ්‍ය සේවාවට අදාල ආන්ඩුවේ යෝජනාවට වැඩි පිරිසක් කැමත්ත පලකලා ඒ 53.3%ක්

ඊට අමතරව අප නගර සභාවද , පාසල් පාලන මංඩලයද ජන මත විමසුම් කිහිපයක් තිබුනා

නගරයේ ක්‍රිඩාංගන නවීකරණයට මුදල් වෙන් කිරීම
නගර සභාවේ නව බස් ඩිපෝවක් ඉදිකිරීමට
නගරයේ වැඩිහිටි නිවාසය නවීකරණයට

ඇස්තමේන්තු ගත මුදල් සදහා ජනතා කැමත්ත ඉල්ලා සිටියා.

නගරයේ පාපැදිකරුවන්ට ආරක්ෂාකාරී මන්තීරු ඉදිකිරීකිරීම ජනතාවගේ ඉල්ලීමටද ජන මත විමසුමක් තිබුනා.

එසේම නගරයේ පුරවැසියන්ගෙන් අයකරන බදු මුදල් වලින් ප්‍රාථමීක සහ ද්වීතීක පාසල් සදහා වෙන්කරන ප්‍රතිශතය ඉහල දැමීමට ජනතා කැමත්ත ඉල්ලා සිටියා.

Loading