STF බලකායේ මිලේච්ජත්වය පිටාර ගැලු ඝාතනයක්

ශාන්ත විජේසුරිය විසිනි

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් කේ .ඒ .මහේෂ් ඉන්දික ප්‍රභාත්ට එම විශේෂ බලකායේ නිලධාරියෙකුගේ දුරකතනයට ආ ඇමතුමක් ලබා දී ඇති බවත් එම දුරකතන ඇමතුමෙන් පසු ඉන්දිකගේ මුහුණ අදුරු වු බවත් පොලිස් විශේෂ බලකායේ නිලධාරියාගේ දුරකනයෙන් ඔහුට කතා කරන්නට ඇත්තේ පාතාල නායකයෙකු යැයි පොලිසිය පවසන කොස්ගොඩ සුජි බවට සැකකරන බව ඉන්දික ප්‍රභාත්ගේ ඥාතීහු පවසති .

ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගන්නේ 2022 ඔක්තෝම්බර් 12 වෙනිදා රාත්‍රියේය . ඔහුව අත්අඩංගුවට ගැනීමේ  මෙහෙයුමට සහභාගි වු සියලුම දෙනාගේ දුරකතන පරික්ෂා කළහොත් එදින ඉන්දිකට කතා කර මරණ බවට තර්ජනය කළේ කවුද යන්න නිවැරැදිවම සොයා ගත හැකිය.

රත්මලානේ රොහා අත්අඩංගුවට ගත් අවස්ථාවේ බස්නාහිර උතුර දිසාව අපරාධ කොටිඨාශයේ නිළාරිධාරියෙකු දුරකතනය මාර්ගයෙන් රත්මලානේ අංජු නැමැත්තා  රොහාට කතා කර තෝව අද ඉවරයක් කරනවා යැයි තර්ජනය කර ඇත. රත්මලානේ අංජු රොහා මරා දමන අයෙකුට කෝටි තුනක් දෙන බව ද සිය මුහුණු පොතේ ඵල කර තිබුණි .

ඉන්දික ප්‍රභාත්ව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ  අංක 213 වෙලේගෙදර බෙලිදෙනිය කොට්ටේගොඩ නිවසේ සිටියදීය. එම නිවස ඔහුගේ බිරිද වන නාඔටුන්න ගම්ආරච්චිගේ පියුමි වත්සලාට අයත් නිවසකි .

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් ඉන්දික ප්‍රභාත්ව විමර්ශන කටයුතු සදහා යැයි එදින රාත්‍රියේ අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් එහිදී ඔහු වළ දමා තිබු ආයුදයක් ගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය පෙරළා වෙඩි තැබිමෙන් ඉන්දික ප්‍රභාත් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සුපුරුදු පරිදි පැවසිය.

ඉන්දික ප්‍රභාත්ට කොස්ගොඩ සුජිගේ මෙන්ම අහුන්ගල්ලෙ මදුෂ් ආබෲගේ පාර්ශ්වලින් ද තර්ජන තිබි ඇත. මෙම පාර්ශව දෙකකටම පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගෙන් මෙන්ම සමාන්‍ය  සෙබලුන්ගේ සහය තිබෙන බවට කරුණු අනාවරණය වී  ඇත.

ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගන්නේ අහුන්ගල්ලෙ RIU සංචාරක හෝටලය අසල දී ටි. 56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තැබුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටය . අහුන්ගල්ලෙ RIU හෝටලය අසල දී වෙඩි තබන්නේ කොස්ගොඩ සුජිගේ පාර්ශ්වයේ සමාජිකයෙකු වන ඇන්ටන්ව ත්‍රිරෝද රථයේ දමගෙන ගියා යැයි කියන තරුණයාටය. ඇන්ටන්ට මිට පෙර අවස්ථාවක මදුෂ් අබෲ පාර්ශ්වයෙන් වෙඩි තබා ඇති බවත් එහි දීආර්.අයි.යු හෝටලය අසල වෙඩි කෑ තරුණයා ඔහුව ත්‍රිරෝද රථයේ දමා යෑම නිසා එම තරුණයාව පසුව වෙඩි තබා ඝාතනය කරන ලදී.

සි.සි.ටි.වි. කැමරා වල දර්ශන වලට අනුව අහුන්ගල්ලෙ RIU හෝටලය අසලදී වෙඩි තබා පළා යන වෙඩික්කරු ඉන්දික ප්‍රභාත්ට හැඩරුවෙන් සමාන වුවත් වෙඩික්කරුට රැවුලක් තිබි නැත .නමුත් ඉන්දික ප්‍රභාත් රැවුල වවා සිට ඇත. ඇන්ටන්ට වෙඩි තැබුවේ ඉන්දික ප්‍රභාත් යැයි  මුලින් සැක කළ කොස්ගොඩ සුජි ඔහුව මරා දමන්නැයි ගෝලයන්ට නියෝග කර තිබුණි . ඉන්දික ප්‍රභාත් දක්ෂ වෙඩික්කරුවෙකු මෙන්ම කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු නිසාත් ඔහු කාටවත් යටත් නොවීම නිසාත් කොස්ගොඩ සුජි පොලිස් විශේෂ කාර්ය බලකාය ලවා ඉන්දික ප්‍රභාත්ව මරා දමන්නට ඇතැයි ඥාතීහු සැක කරති .

රත්මලානේ ගොනාකෝවිල රොහාව බස්නාහිර උතුර දිසාව භාර අපරාධ කොට්ඨාශය මගින් මිගමුව කොච්චි කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන මරා දමන්නේ කෝටි 04 කොන්ත්‍රාත්තුවකට බව එම අපරාධ කොට්ටාශයට චෝදනා එල්ල වී ඇත. එම ඝාතන තොන්ත්‍රාත්තුව පිටුපස සිටින්නේ වැඩ තහනමට ලක්ව සිටින දේශබන්දු තෙන්නකොන් බව වාර්තාවේ . තෙන්නකොන් රත්මලානේ කුඩු අංජු සමග දුරකතනයෙන් සිදු කරන කතා බහාක් අන්තර්ජාලය ඔස්සේ සැරිසරයි . හිටපු පොලිස්පති තෙන්නකොන් මේ වන තෙක් එම දුරතකන සංවාදය අඩංගු හඩපටය ඔහුගේ නොවෙයි යැයි ප්‍රතික්ෂේප කර ද නැත.

පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගන්නේ අහුන්ගල්ලෙ සිද්ධිය මත නොව ඔහු කරන්දෙනිය සුද්දාගේ පාර්ශ්වයේ අයකු යැයි සැකපිටය .

“කරන්දෙනියේ සුද්දා ඉන්දිකගේ මිත්‍රයෙකු බවත් හැබැයි ඔහු සුද්දාගේ ගෝලයෙකු නොවන බවත් ඉන්දික ප්‍රභාත් 2018 න් පස්සේ කිසිම අපරාධ සිද්ධිකට සම්බන්ධ වි නැති බව ඔහුගේ බිරිද  පියුමි වත්සලා කරන්දෙනියේ සුද්දා ඉන්දිකට කොන්ත්‍රාත්දිලා නැතුවා සේම ඉන්දික කරන්දෙනිය සුද්දාගේ කොන්ත්‍රාත් කර නැති බවත් ඇය පැවසුවාය. 

ඉන්දික ප්‍රභාත් යුද හමුදා ඉජිනේරු බලකායේ හිටපු ලාන්ස් කොප්ප්‍රරල්වරයෙකි. ඔහු 2018 ට කලියෙන් මංකොල්ල සිද්ධියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට ඇත. ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල වී නැත.

ඉන්දික ප්‍රභාත් අත්අඩංගුවට ගන්නේ 2022 ඔක්තෝම්බර 12 වනදා රාත්‍රියේ වන අතර  එදින සිට ඔහුගේ බිරිදගේ කෝට්ටගොඩ නිවසේ  ඔක්තොම්බර් 13 සහ14 යන දින දෙකේ  නිති විරෝධී ලෙස රැදි සිටමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු ඉන්දික ප්‍රභාත්ගේ පවුම් 05 ක මාලයක් ,ඩෙක්ෂුස් වර්ගයේ සපත්තු කුට්ටම් දෙකාක්දෙකාක්, වත්සලාගේ කැරට් 18 වළලලු හතරක් සහ ඉන්දික ප්‍රභාත්ගේ ඇදුම් සොරාගෙන ඇතැයි පවසන ඔහුගේ ඥාතීහු ශීතකරණයේ පුරවා තිබු සියලුම කැම වර්ග දවස් දෙකට කා දමා ඇතැයි පවසති . වත්සලාගේ ගෙදර ගෑස් ඉවර වු පස් එම නිවසේ තිබු දර පලාගෙන කෑම උයාගෙන කා ඇති බවත් පොල් ඉවර වු පසු පොල් ගන්න සල්ලි පවා ඉල්ලාගෙන ඇත්තේ වත්සලාගේ මවගෙන්  බව ඥතිහු කියති . වත්සලාගේ ගෙදරට බලහත්කාරයෙන් ඇතුල් වු පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු ඇතුළු නිලධාරීන්ට නාන්න අවශ්‍ය තුවා පවා අරගෙන ඇත්තේ වත්සලාගේ අල්මාරි වලින් බවත් එම ගෙදර සුරතලයට ඇති කරන බල්ලාගේ බෙල්ලෙ වැද තිබු  සුදු යකඩ දැම්වල පවා සොරාගෙන ගොස් ඇතැයි වත්සලා අප සමග පැවසුවාය . ඇය ඉන්දික ප්‍රභාත්ව පැහැරගෙන ගොස් මරා දැමීමට අදාළව දික්වැල්ල ලොලිසියට කළ පැමිණිල්ලෙ ,නිවසට බලහත්තාරයෙන් ඇතුල් වී සිදු කළ සොරකම් ගැන සදහන් කර ඇත. නමුක් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.

පොලිස් විශේෂ බලකායේ සෙබළු දින දෙකාක් වසලාගේ නිවසේ බලහත්කරයෙන් රැදි සිටිමින් උයාගෙන පියාගෙන ජෝගි දමා ඇත්තේ වත්සලා සහ ඇය ගේ මව නිවාස අඩස්සියේ තබාගෙනය .ඇගේ ස්වාමී පුරුෂයා පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි සිතමින් මානසිකව විදවමින් සිටින මොහොතක එම හතුරන් වත්සලාගේ දේවල් බලහත්කාරයෙන් පරිභෝජන කරමින්  නිවසේ ඔබ මෝබ ඇවිදින දර්ශන ඇගේ මානසික පීඩනය තවත් තිව්‍ර කරන්නට ඇත.

ගොනපිනුවල කපිල කුමාර ද සිල්වා හොරෝව්පොතාන දී මාර්තු 25 පැහැරගෙන ගොස් දින විසිපහක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අතුරුදන් කර තබාගෙන සිටියේය . ගාල්ල අකුරල කපිල කුමාරගේ මවගේ නිවසට මාර්තු 27 බලහත්කාරයෙන් කඩා වැදුණු පොලිස් විශේෂ බලකායේ නිළධාරීන් පිරිසක් ඔහුගේ මව පිය සහ ගෙදර සිටි දරුවන් කිප දෙනෙකුව නිසාස අඩස්සියේ තබා ගනිමින් කයික සහ මානසික වධබන්ධයන්ට ලක්කර තිබුණි. එස්. ටි.එෆ්. සෙබළුන් මාර්තු27සහ28 දින දෙකාක් එම නිවසේ රැදි සිට ඇත. කපිල කුමාරගේ පියා එස්.ටි.එෆ්. නිලධාරීන් තැඹිලි ගෙඩියක් කපා දෙන්න දැයි එම නිලධාරියෙකු ගෙන් විමසු අවස්ථාවේ කෑම බිම ගැනීම නීතියෙන් තහනම් යැයි පවසා ප්‍රතික්ෂේප කර ඇත.  එම දවස් දෙකම කපිල කුමාරගේ මවගේ නිවස ඇතුලේ රැදි සිට ඇත්තේ විශේෂ කාර්ය බලකා සෙබලියන් වන අතර සෙබළුන් සිට ඇත්තේ එම නිවසේ මිදුලේ බතර කර තිබු වාහනයේය .

වත්සලාගේ අසල් වැසියන් වත්සලා සහ ඇයගේ මව මරා දමා ඇතැයි සිතා දික්වැල්ල පොලිසයට දැනුවත් කර ඇති බවත් පසුව දික්වැල්ල පොලිසියෙන් පැමිණ වත්සලා සහ ඇයගේ මවට වුණේ කුමක්දැයි එම නිවසේ සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ගෙන් විමසා ඇත. ඔවුන් රැගෙන ගිය බවත් නිවසේ ආරක්ෂාවට ඔවුන් සිටින බව පොලිස් විශේෂ බලකායේ සෙබළුන් දක්වැල්ල පොලිසියේ නිලධාරීන්ට පිළිතුරු දෙමින් පවසා ඇත.

ඉන්දික ප්‍රභාත් පැහැරගෙන ගොස් මරා දැමීමේ මෙහෙයුම මෙහෙවා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා නීතිඥ වරුන ජයසුන්දරය. නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර ඉන්දික ප්‍රභාත්ව පැහැර ගත් දිනයේ වත්සලාගේ නිවසේ මිදුලේ සිටි බවත් ඊට පෙර මාධ්‍ය වලින් ඔහු දැක තිබු බව ඇය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්කි දෙමින් පවසා ඇත. කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ වැටලීම් අංශයේ ප්‍රධානීයා නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දරට එරෙහිව දෙන සාක්කිය ඉල්ලා අස් කර ගන්නැයි වත්සලාගෙන් ඉල්ලා ඇත. ඇයට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් මෙන් වෙනත් පාර්ශ්ව වලින් මරණ තර්ජන එල්ල වි ඇති නිසා ඇයට අපරාධයක වින්දිතයන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීම සදහා වු ජාතික අධිකාරිය මගින් ආරක්ෂාව පවා ලබා දෙයි .  ඉන්දික ප්‍රභාත් මරා දමන විට ඇය දික්වැල්ලෙ ප්‍රසිද්ධ බැංකුවක සේවය කර ඇත.  වත්සලා නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දරට එරෙහිව බොරු සාක්කි දුන්නා යැයි කියා ඇයව අත්අඩංගුවට ගැනීමේ වෑයමක් ඇතැයි ද වාර්තාවේ . කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ වැටලීම් අංශයෙන් වත්සලාව කිප අවස්ථාවක් කොළඹට මෙන්ම දික්වැල්ල පොලිසියට කැදවා කටඋත්තර ලබාගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නියෝජ්‍ය පොලිස්පති වරුන ජයසුන්දර ඉන්දික ප්‍රභාත් පැහැරගත් සහ වෙඩි තබා ඝාතනය කළ මෙහෙයුම මෙහෙව්වේ ඔහු නොවේ යැයි තහවුරු කරන්නට විශාල මෙහෙයුමක් දියත් කර ඇත. එහි ප්‍රධාන සාක්කිය වන්නේ වත්සලාගේ සාක්කියයි . ඇයගේ ජිවිතයට යම් අනතුරන් වුහොත් ඊට නියෝජ්‍ය පොලිස්පති වරුන ජයසුන්දර මෙන්ම විශේෂ කාර්ය බලකාය වගකිව යුතුය .

ඉන්දික ප්‍රභාත් නැමැති මරණකරුගේ මරණය සිදු වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ආත්මාරක්ෂාව සදහා සිදු කළ වෙඩි තැබිමකින් නොව ආයුද පෙන්වන්ට යැයි රැගෙන ගොස් චෙිතාන්විතව සිදු කළ වෙඩි තැබිමකින් මරණකරුගේ මරණය සිදු වී ඇතැයි බලපිටිය මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය වාර්තාව  සහ සාක්කි පදනම් කර ගනිමින් තින්දු කළේය . ඉන්දික ප්‍රභාත් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂකයෙකු වන දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේය . ඔහුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇලිපිටියට දන්වා ඇතත් මේ වන තෙක් කොළඹගේ අධිකරණයට ඉදිරිපත් කර නැත.

ධනපතියන්ට , ප්‍රභුවරුවන්ට , දේශපාලනඥයන්ට . වරුන ජයසුන්දරලාට සහ කොළඹගේලාට එක නීතියකුත් සමාන්‍ය ජනයාට තවත් නීතියක් ක්‍රියාත්මක වන බව ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනයත් සමග එළියට කාන්දු වි තිබේ .මෙරට කම්කරු -පීඩිත මහජනයා ධනපති ක්‍රමයේ පරස්පරයන් හරහා උගන්වා ගනිමින් ධනපති ක්‍රමය පෙරළා දැමිමට බලමුළු ගැන්විය යුතුයි. ධනපති ක්‍රමය ෙෙපරළා දැමිමෙන් මෙපිට කිසිදු සමාජ ආර්ථික ප්‍රශ්න පමණක් නොව ඒහි ප්‍රතිඵලයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු පාතාලය බිහි වීමට ආදාළ සමාජ කොන්දේසි මුළුමනින්ම උගුලා දැමිය නොහැක.

Source www.lankaskynews.com

Loading