බෞද්ධ අන්තවාදීන්ගේ සහ ව්‍යාජ වම්මුන්ගේ වෛරයට පාත්‍ර වු නතාෂා එදිරිසුරිය නිදොස් කොට නිදහස් !

ශාන්ත විජේසුරිය විසිනි

බුදුන්ට අපහාස කළා යැයි සහ එම ප්‍රකාශය අඩංගු Standup comerdy ප්‍රහසනය විකාශනය කිරීමට එරෙහිව ‌ගොනුකර තිබු නඩුවෙන් ප්‍රහසන ශීල්පි නතාෂා එදිරිසුරය සහ එස් .එල් .වි ලොග් යු ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අද (19) නියෝග කළේය .

විත්තිකරුවන්ට එරෙහිව නඩුකරය පවත්වාගෙන යෑම ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත්වරයාට ලිඛිතව දන්වා ඇති බවත් නීතිපතිගේ උපදෙස්මත විත්තිකරුවන් අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන බව කොටුව මහේස්ත්‍රාත් සේනාධිර ප්‍රකාශ කළේය .

එම අවස්ථාවේ නියෝගය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි පැමිණිල්ල මෙහෙයු අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්‌ සේනාධීරගෙන් ඉල්ලීමක් කළ ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ නඩුව පවත්වගෙන යා නොහැකි බව නීතිපතිවරයා විසින් පැහැදිලි උපදෙස් ලබා දී තිබෙන බවත් නීතිපති උපදෙස් සලකා බැලිය නොහැකි බවත්ය . එම උපදෙස් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග දින 14 ක් ඇතුළත ලිඛිතව නීතිපතිවරයා වෙත දන්වන ලෙසද එම ලිපියේ සදහන් කර ඇතැයි මහේස්ත්‍රාත්වරයා පැවසීය .

කොළඹ බිෂෝප් විද්‍යාලයේ” මෝඩාභිමානී “නමින් පැවැති ප්‍රහසනය වැඩසටහනකදී බුදුන්ට අපහාස වන අයුරින් භාෂාව හැසිරුවා යැයි එදිරිසුරියට චෝදනා එල්ල විය . එස් .එල් .වී. ලොග් යුටියුබ් නාලිකාව එම මෝඩාභිමානී ප්‍රසනය අඩංගු විඩියෝව විකාශනය කරමින් ඊට අනුබල දුන්නා යැයි එම නාලිකාවේ හිමිකරු වන බෲනෝට ද චෝදනා එල්ල විය .

නතාෂාගේ ප්‍රහසනයෙන් කුලප්පු වු බෞද්ධ අන්තවාදීන් ඇයට තර්ජනය කරද්දී , නතාෂා රටින් පිටවීමට උත්සහ දැරු අවස්ථාවේ ඇයව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මැයි 28 මධ්‍යම රාත්‍රියේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් අතර බ‍ෲනෝව මැයි 31 වන දා කොළඹ පරිගණක අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා යැයි කැදවාගෙන පසුව අත්අඩංගුවට ගන්නා ලදී .

බ‍ෲනෝ ජූනි 21 වැනිදා ඇප මත නිදහස් වූ අතර නතාෂා එදිරිසූරිය පසුගිය වසරේ ජූලි 05 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ ගොනු පෙත්සමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි .

“නතාෂා එදිරිසුරිය නැමති සැකකාරීය වැඩ සටහනේදී කළ සමස්ත ප්‍රකාශය කිසිසෙත්ම බෞද්ධයන් ඉලක්ක කරගෙන ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ හෝ සතුරුකම් කිරීමේ අරමුණෙන් එහි ‌ප්‍රේක්ෂකයන් උසිගැන්විමේ ක්‍රියාවලියක යෙදුනු බවට පෙනී නොයන බවත් එම නිසා අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(1) වගන්තිය මෙම සැකකාරිය කෙරෙහි යොදා ගත්තේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බව” සදහන් කරමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍යා පටබැදි සැකකාරියට ඇප නියම කළේය .

විත්තිකරුවන් දෙදෙනාම අද (19) අධිකරණය හමුවේ පෙනී සිටියේය.

කොළඹ ක්‍රියාකාරී කම්ටුව නතාෂා එදිරිසුරය වහා නිදහස් කරන්නැයි ධනපති ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර කලාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට තබන අත සිද දමමු යැයි මහජනයාගෙන් ඉල්ලා සිටියෙමු .නතාෂා සහ බෲනෝ වහා නිදහස් කරන්නැයි ඉල්ලා කොටුව උසාවිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් ද පැවැත්විණ . එදිනම සිංහල බෞද්ධ අන්තවාදීන් 100 පමණ පිරිසක් නතාෂා දඩුකදේ ගසන්නැයි ධනපති අධිකරණයෙන් ඉල්ලා සිටියහ .

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නතාෂාට එරෙහිව ෆැසිෂ්ට් නඩ උසිගන්වමින් ඇයට එරෙහිව පිටා ගත්තේ මෙසේය .

“මෑතකදී කිසියම් කාන්තාවක් සිදුහත් කුමරු සම්බන්ධයෙන් කතාවක් පදනම් කරගෙන‌ ලොකු සිද්ධියක් වෙලා තියෙනවා .ඒක අහම්බෙන් සිද්ධ වුනත් සැලසුම් කරලා සිද්ධ වුනත් අර දුෂ්ට ආගම්වාදී ජාතිකවාදී අරමුණු වලට එකතු වෙනවා .ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න දරණ උත්සහය හරියට හදුන ගන්න” .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ අදහස් මාධ්‍ය ඉදිරියේ මෙසේ දිග හැරියේය .

“පීඩාවට පත් මිනිස්සු විශ්වාස කරන සමහර ආත්මීය කරුණු සමහර සංස්කෘතික දේවල් ආගමික සංවේදී දේවල් වලට ප්‍රහාරයක් එල්ල වී ඇත . එය පාලක පන්තියේ අවශයතාවයක් බව සදහන් කළ ඔහු දේවගැති ජෙරම් සහ නතාෂා ආගම් අතර මේ බෙදීම හදන්න යනවා .මේකට ඉඩ දෙන්න එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය” .

මාක්ස්වාදී විප්ලවාදීන් සෑ‍මවිටම සිටින්නේ මහජනයට ඉදිරියෙනි . ව්‍යාජ වම්මු සෑම විටම පසුගාමී සමාජ මතය උලාකමින් සිටින්නේ මහජනයාට පිටුපසින්ය.

source by www.lankaskynews.com

Loading