මාධ්‍යවේදී ශාන්ත විජේසුරියගේ නිවසෙන් අත්අඩංගුවට ගත් අත්පත්‍රිකා සහ පෝස්ටර් මුදා හරින්නැයි කැස්බෑව මහේස්ත්‍රාත් නියෝග කරයි

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් පෙබරවාරි 24 වනදා සෝදිසි වරෙන්තුවක් රැගෙනවිත් මාධ්‍යවෙිදී හා කොළඹ ක්‍රියාකිරී කම්ටුවේ ලේකම් ශාන්ත විජේසුරිගේ නිවස වටලා අත්අඩංගුවට ගන්නා ලද යුක්තිය මෙහෙයුම නමින් පීඩිත තරුණයන් ඇතුළු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භිෂණය පරාජය කරනු! අත්පත්‍රිකා තුන්දාහක් ,කම්කරුවන් හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සදහා පොත් 81 ක සහ ඊනියා යුක්තිය මෙහෙයුම නමින් සිදු කරන මිනිස් මර්දනයට එරෙහිව විරෝධය දක්වන්න පෙබරවාරි 27 කැස්බෑව එන්නැයි මුද්‍රණය කරන ලද පෝස්ටර් පන්සීය ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය මුදා හරින්නැයි කැස්බෑව මහෙස්ත්‍රාත් අද (11) නියෝග කළේය .

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අත්පත්‍රිකා ඇතුළු පෝස්ටර් මුදා හරින්නැයි සහ ප්‍රචාරක ද්‍රව්‍ය අත්අඩංගුවටගෙන කොළඹ ක්‍රියාකාරී කමිටුවේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් අධිකාරීවරයා ලවා විමර්ශනයක් සිදු කරන්නැයි මෝසමක් මර්ගයෙන් සිදු කරන ලද ඉල්ලීම සලකා බලමින්ය .

පොලිසිය එම නඩුව 29983 නඩු අංක යටතේ ගොනුකර තිබුණි .

කැස්බෑ‍ව පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ ක්‍රියාකාරී කම්ටුව විසින් මුද්‍රණය කර කම්කරු -පීඩිත මහජනයා අතර බෙදා හරින ලද අත්පත්‍රිකිව මගින් ලංකා දණ්ඩ සංග්‍රහයේ 484 සහ485 යන වගන්ති කඩ කර ඇතැයි ව්‍යාජ කරුණු අධිකරණයට ඉදිරිපත් කර සෝදිසි වරෙන්තුව ලබාගෙන ඇති බව මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය අයිතිවාසිකම් සදහා පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

ල. ද.නී.සයේ 484 වගන්තියේ, යමකු ඔ්නැකමින් ම නින්දා කර ඉන් යම් තැනැත්තකු ප්‍රකෝප කරවිමෙන් ඔහු ලවා මහජන සාමය කඩකරවිමේ හෝ වෙනත් වරදක් කරවිමේ අදහසින් හෝ එබන්දක් සිදුවන බවට දනිමින් ම එකී තැනැත්තා ප්‍රකෝපකර වුවහොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින්‌ හො ් දඩුවම් දෙකින් ම දඩුවම් කළ යුුුුතුය .

485 වගන්තියේ මහරජතුමන්ගේ නාවික හමුදාවේ හෝ යුද්ධ හමුදාවේ හෝ ගගන හමුදාවේ නිලධරයකු ,නැවියකු , සෙබළකු හෝ අහස් යානයක නැවියකු කැරළි ගැස්විමේ අදහසින් හො ් මහජනයාට බියක් හෝ තැති ගැන්විමක් ඇති කරවිමේ අදහසින් අසත්‍ය බව තමා දන්නා වු යම් ප්‍රකාශයක් දුෂමාන ආරංචියක් හෝ වාර්තාවක් ප්‍රචාරය කරවා හෝ ප්‍රසිද්ධ කරවා එයින් රාජ්‍යයට හෝ මහජන සාමයට විරුද්ධව වරදක් කිරීමට යම් තැනැත්තකු යමකු පෙළඹුවහොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ,දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින් ම දඩුවම් කළ යුතු යනුුුුවෙන් සදහන් වේ .

කොළඹ ක්‍රියාකාරී කම්ටුවේ ලේකම්ගේ මුලිකත්වයෙන් ‌මහජනයා අතර බෙදා හරින ලද අත්පත්‍රිකාව සහ ද.නී.සයේ 484 සහ 485 යන වගන්ති කඩ කර ඇතැයි පොලිසිි කරන චෝදනාව අතර කිසිදු සම්බන්ධයක් නැතැයි පෙන්වාදුන් නීතිඥ සේනක පෙරේරා ඊනියා යුක්තිය මෙහෙයුමට එරෙහිව සිදු කරන මහජන දැනුවත් කිරිම් සහ පෙබරවාරි 27 පැවති උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට පොලිසිය අධිකරණය නොමග යවමින් කටයුතු කර ඇති බවත් මහජනයාගේ මුලික අයිතිවාසිකම් කඩවන අයුරින් කටයුතු කිරීමට පොලිසියට නොහැකි බවත් පෙන්වාදුන්නේය .

කැස්බ‍ෑව පොලිසිය මගින් එම අත්පත්‍රිකා සහ පෝස්ටර් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරියගේ නො -61 සාරභුමී නිවාස බටකැත්තර නිවසෙන්ය .

කැස්බ‍ැව අධිකරණයේ මෝසම් විභාගයට ගන්නේ දහවල් 12 න් පසුවය. නීතිඥ ටිසාන්ති කුමුදුනී විසින් මෝසම ගෙනුකරන ලද අතර පසුව එම මෝසම දහවල් 12.30 විභාගයට ගැනිණ ‍. දහවල් 1 වෙද්දී නඩු භාණ්ඩ මුදා හරින්නැයි මහේස්ත්‍රාත්වයා නියෝග කළේය . දහවල් 12 සිට සවස 3 දක්වා නඩු භාණ්ඩ මුදා හරින බව එම නඩු භාණ්ඩ ගබඩා කර තිබේන කාමරයේ සටහන් කර තිබුනද එම නඩු භාණ්ඩ භාරව කටයුතු කරන නිලධාරිනියන් සවස 3 දක්වා කෑම ගැනීම නිසා පැය දෙකකට ආසන්න කාලයක් අධිකරණයේ රස්තියාදු වන්නට අපට සිදු විණ .

නඩු භාණ්ඩ අප වෙත ලබා දීමට සුදානම් වෙද්දී නැවත නඩු පොත රැගෙන එන්නැයි මහේස්තුත්වරයා නියෝග කළා යැයි එම පොත රැගෙන යන ලදී . පැය භාගයකට පසු අධිකරණයේ සේවකයකු විසින් එම නඩු පොත නඩු භාණ්ඩ කාමරයට රැගෙන ආවේය . විවෘත අධිකරණය හමුවේ මහේස්ත්‍රාත්වරයා සියලුම අත්පත්‍රිකා , පෝස්ටර් සහ පොත් මුදා හරින්නැයි නියෝග කළ ද නඩු පොත මහේස්ත්‍රාත්වරයාගේ කාමරයට රැගෙන ගොස් ආ පසු නඩු භාණ්ඩ හතරෙන් එක භාණ්ඩයකින් එක බැගින් තියා ගන්නැයි නියෝග කර ඇතැයි නඩු භාණ්ඩ බාර නිලධාරිනිය අප සමග පැවසුවාය .

නඩු භාණ්ඩ හතරෙන් අත්පත්‍රිකා ,පෝස්ටර් සහ පොත් වලින් එක බැගින් ලබා ගත් අතර ජනතාවනි , මාධ්‍යවේදි ශාන්ත විජේසුරිය මරා දමන බවට පොලිසිය කළ තර්ජනයට එරෙහි වෙමු ! යනුවෙන් අතින් අදින ලද පෝස්ටර එකාක් තිබු බැවින් එය අධිකරණය බාරයේ තබා ගත්තේය.

පොලිසිය වෙනුවෙන් සාජන් දිනේෂ් පෙනී සිටි අතර එම නඩුවට ආදාළ පරික්ෂණ අවසන් බව ඔහු අධීකරණය හමුවේ පැවසිය . අත්පත්‍රිකා තබා ගත්තේ ඉදිරියේදී නඩුවක් පවරන්නැයි දිනේෂ් තර්ජනාත්මක ස්වරුපයෙන් පැවසීය . ස්ථානාධිපතිතුමාට කියන්න ශ්‍රේෂ්ඨාධිකරණයේදී හමුවෙමු යැයි මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය ඊට පිළිතුරු දෙමින් පැවසීය .

නීතිඥ සංජය විල්සන් ද මාධ්‍යවේදී ශාන්ත විජේසුරියගේ අයිතිවාසිකම් වෙනුවන් පෙනී සිටියේය .

මෙම පත්‍රිකාව මුලින්ම ඩපාත ,සාරභුමී නිවාස සංකීරණයේ මහජනතාව අතර බෙදා හරින ලද අතර පසුව කොළඹ ක්‍රියාකාරී කම්ටුවේ සහෝදරවරුන්ගේ සහභාගිත්වයෙන් පිළියන්දල නගරයට පැමිණේන මහජනයා අතරේ බෙදා හරින ලදී . එහි දී කොළඹ ක්‍රියාකාරීී කම්ටුවේ විධායක සභිකයෙකු මෙන් ධීවරයෙකු වන පුණ්‍යවර්ධන සහෝදරයාව පිළියන්දල ‌පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන පසුව මුදා හරියේය . එදින සවස මාධ්‍යවේදී ශාන්ත විජේසුරියගේ මඩපාත නිවස වටලා අත්පත්‍රිකා සහ පෝස්ටර් අත්අඩංගුවට ගත්තේය .

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති සමරසිංහ ඇතුළු නිලධාරීන් මාධ්‍යවේදී විජේසුරියගේ වත්තට ඇතුල් වී සිටින අයුරු

ආණ්ඩුව ඊනියා යුක්තියේ මෙහෙයුමට මුවා වී සිදු කරන ඝාතන ,පැහැර ගැනීම් ,අතුරුදන් කිරීම් සහ මත්ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගැනිම් වහා නතර කර නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කර පෙබරවාරි 27 වනදා විරෝධතා උද්ඝෝෂණයක් පැවැතිවිණ . එම අද්ඝෝෂණය කොළඹ ක්‍රියාකාරී කමිටුව , සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සහ කැස්බෑව ක්‍රියාකාරී කම්ටු මගින් සංවිධානය කළ අතර එම උද්ඝෝෂණය සදහා පොරටුගාමී සමාජවාදී පක්ෂයේ ලහිරු විරසේකර ඇතුළු තරුණයන් පිරිසක් ද ඊට සහභාගි වී සිටියහ .

Loading