1878 මැයි මස 05 වන දින ජර්මනියේ රයින් නැමති පළාතේ ට්‍රීර් හිදී කාල් හෙන්රි මාක්ස් උපත ලැබිය. ඔහු පර්සියා – ජර්මානු දාර්ශනිකයෙක් , සමාජ විද්‍යාඥයෙක් , ආර්ථික විද්‍යාඥයෙක්, ලේඛකයෙක්, කවියෙක්, දේශපාලන මාධ්‍යව්දියෙක්, වාග් විද්‍යාඥයෙක්, මහජන චරිතයක් මෙන්ම ඉතිහාඥයෙක් ද විය.
ඔහු විසින් කරන ලද ඉතා ජනප්‍රිය ක්‍රියාවන් වන්නේ 1848 දී ප්‍රෙඩ්රික් ඒංගල්ස් සමග එක්ව ජනප්‍රිය කොමියුනිස් පක්ෂයේ ප්රකාශණය සහ 1867-1883 කාලයේදී දේශපාලන , ආර්ථික විවේචනය ” ප්රාග්ධනය” කෘතිය නම් කල හැක.
මාක්ස්ගේ දේශපාලන හා දාර්ශනික චින්තනය පසුකාලීනව බුද්ධිමය හා ආර්ථික විද්‍යාව සහ දේශපාලන ඉතිහාසයට විශාල බලපෑමක් එල්ල කලේය.
මානව සමාජයේ සෑම සංවර්ධිත අවදියක්ම සමාජ පන්තීන් අතර ඇති වන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මාක්ස් ඔප්පු කරන ලදී. මෙහි හරය වන්නේ නිෂ්පාදන මාදිලි වල හිමිකරුවන් සහ වැටුප් සදහා තම ශ්‍රමය විකුණන කුළි කම්කරුවන් අතර ඇති වන ගැටුම්කාරීත්වයයි.
ඒ සදහා සමානව සෑම ඓතිහාසික යුගයකම සමාජ තත්වයන් යටතේ මතුවිම් මෙන්ම අතුරුදහන්වීම් කාලයත් සමග ඇති වේ.
ධනවාදය අනෙක් සමාජ ක්‍රම මෙන්ම අභ්‍යන්තර ප්රතිවිරෝධතා සහිතව ගමන් කරයි. එම තත්වයන් නිර්ධන පන්ති විප්ලවීය නායකත්වයකට මඟ විවර කර අලුත් සමාජ ක්‍රමයක් දක්වා ගෙන යයි.
මාක්ස්ගේ කාර්යයභාරයේ පදනම් පහත දැක්වෙන ලියවිලි වලින් පෙන්නුම් කෙරේ.
01. දර්ශනවාදය
අපෝහක භෞතිකවාදය (හේගල්ගේ දර්ශනයේ භෞතිකවාදි අර්ථ නිරූපනය)
02. සමාජ හා මානූෂිය විද්යාවන්හිදී
ඓතිහාසික භෞතිකවාදය (ලෝක ඉතිහාසය පිළිබද භෞතිකවාදි අවබෝධය)
03. ආර්ථිකය තුල
භාණ්ඩ ශ්‍රම බලකාය සහ අතිරික්ත වටිනාකම, පිරිවැය පිළිබද ශ්‍රම න්‍යාය
04. සමාජ භාවිතය සහ නවින සමාජ හා මානුෂිය විද්‍යාවන්හීදී
විද්‍යාත්මක සමාජවාදය පන්ති අරගලයේ න්‍යාය
අද ලෝකයේ බොහෝ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මාක්ස්ගේ අදහස් වෙනස්කර යොදා ගැනීම හෝ අනුගත වෙමින් ක්‍රියා කරයි.
තවදුරටත් මාක්ස් ” නූතන සමාජ පන්ති පැවැත්ම හෝ ඔවුන් අතර ඇති අරගලය මම සොයා ගත් බවට, මම හිමිකම් නොකියමි. මට බොහෝ කලකට පෙර ධනේෂ්වර
ඉතිහාඥයන් පන්ති අතර වර්ධනයේ ඉතිහාසය විස්තර කර ඇත. එසේ කර ඇත්තේ ධනේෂ්වර ආර්ථික විද්‍යාඥයන් ඔවුන්ගේ ආර්ථික ව්‍යුහ විද්‍යාව ලෙසටය “
මෙහිදී මගේ එකතු කිරීම් වූයේ
01. පත්ති වල පැවැත්ම හුදෙක්ම නිෂ්පාදනය වර්ධනයේ යම් යම් ඓතිහාසික අවදීන් සමග පමනක් බැදී ඇති බව පෙන්විමට.
02. පන්ති අරගලය අවශ්‍යයෙන්ම නිර්ධන පන්තියේ ආඥාදායකත්වය කරා ගෙන යන බව.
03. මෙම ආඥාදායකත්වය සියළුම පන්ති අහොසි කිරීම සහ පන්ති විරහිත සමාජයක් දක්වා වූ සංක්රමනයකට වඩා වැඩි දෙයක් නොවන බව.
ආසියා කොමියුනය
Asiacommune.org
00 33 6 52 12 44 84