විශේෂ වාර්තාකරුවකු විසිනි කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ හරහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයින් ඉවත් කිරීමට අධිකරණ තීන්දුවක් ගැනීමේ උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇත.අද පෙරවරුවේ රැස්වූ පොහොට්ටුවට හිතවත් නීතිඥ කණ්ඩායම් මේ වන විට ඒ සඳහා අවශ්‍ය ලේඛන සකස් කරමින් ඇත. ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් උද්ඝෝෂකයින් ඉවත් කර, ශැංග්‍රිලා හෝටලයට ඉදිරිපට උදේඝෝෂණ ස්ථානයේ පමණට පමණක් විරෝධතාව සීමා කරන ලෙස නියෝගයක් ලබා ගැනීමට මෙම පිරිස උත්සහ කරයි.රට පුරා උද්ඝෝෂණ ආරම්භවීමත් සමඟම පසුගිය අප්‍රේල් 4 දින තිලිණ ගමගේ කොටුව මහේස්ත්‍රාත් ලෙස වැඩබාරගත්තේය.ගෝඨාභය විසින් කොටුව මහෙස්ත්‍රාත් ලෙස පත් කළ තිලිණ ගමගේ දවසේ වැඩිම කාලයක්…