ශ්‍රි ලංකා රජයට ආසියා කොමියුනයේ දැඩි අප්‍රසාදය ශ්‍රි ලංකාවේ ජනතාව විසින් පැවති ජාතිවාදි, ආගම්වාදි , දූෂිත මිලිටරි රාජපක්ෂ පාලනය පලවා හැරියේය. එසේ පලවා හැරියේ දින සියයකට අධික අඛන්ඩ ජනතා අරගලයකිනි. මෙම අරගලයේ විකෘති ප්‍රතිඵලයක් ලෙස නව ජනාධිපති පත් කිරීම පැවති පාර්ලිමේන්තුවට භාර විය. මෙම පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය රාජපක්ෂ හිතවාදින් විය. පාර්ලිමේන්තුව තුල තම ආසනය පමණක් හිමි රනිල් වික්‍රමසිංහ පරාජිත රාජපක්ෂ පාලනයේ නියෝජිතයා විය. ඔහු පාර්ලිමේන්තුවේ ජන්ද 134 ක් ලබා 2022 ජුලි මස 21 වෙනි දින ශ්‍රි ලංකාවේ 8 වන ජනාධිපති ලෙස පත් විය. ඔහු ජනාධිපති වශයෙන් දිවුරුම් දී පැය 24…