අපට අවශ්‍යවන්නේ වමේ ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි මාක්ස්වාදී ව්‍යාපාරයකි.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ධනපති ක්‍රමය බිහිවීමෙන් පසු එය සිදු කරන සූරාකෑමටත්, ඉන් ඇතිවන දැඩි අහිතකර ප්‍රතිවිපාක වලටත් එරෙහිව ආරම්භ වූ පළමු සංවිධිත ව්‍යාපාරය වූයේ මාක්ස්වාදී ව්‍යාපාරයයි. මාක්ස් හා එංගල්ස්ගේ පුරෝගාමීත්වයෙන් 1847දී ආරම්භ කළ කොමියුනිස්ට් ලීගය හා 1864දී ආරම්භ කළ ‘පළමු ජාත්‍යන්තරය’ ලෙසින් හඳුන්වන ජාත්‍යන්තර වැඩකරන්නන්ගේ සංගමය එහිලා තැබූ දැවැන්තම පියවරයන් විය. අරාජිකවාදීන් මාක්ස්වාදීන්ගෙන් බෙදී වෙන්වූයේ පළමු ජාත්‍යන්තරය තුළදීය. මාක්ස්ගේ අභාවයෙන් පසු එංගල්ස්ගේ පුරෝගාමීත්වයෙන් 1889දී ආරම්භ කළ ‘දෙවන ජාත්‍යන්තරය’ හෙවත් ‘සමාජවාදී ජාත්‍යන්තරය’ ලෝක පරිමාණව මාක්ස්වාදී අදහස් මත පදනම් වූ දැවැන්ත බහුජන පක්ෂ ගොඩ නැඟීය. යුරෝපයේ බොහෝ (පාර්ලිමේන්තු වැනි) ව්‍යවස්ථාදායකයන් තුළට…

Loading

Read More