විශේෂාංග – Republished From : https://roar.media/sinhala/main/features/ancient-ambalam-in-siyane-korale Kusumsiri Wijayawarden Contributor 15 Feb 2022 පුරාණයේ පයින් ගමන් කරන අතරතුර නැවතී විවේක ගැනීමට ඉදි කළ අම්බලම් කිහිපයක්ම සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ හමුවෙනවා. බොහෝ දෙනෙක් මේවා ගැන සැලකිල්ලක් දක්වන බවක් නම් පේන්නේ නැහැ. නමුත් පුරාණ සංස්කෘතියේ අංගයක් වශයෙන් පැවති මේ අම්බලම් ගැන විමසා බැලීමට අපි හිතුවා. පුරාණ මංමාවත් සාමාන්‍යයෙන් අම්බලමක් ඉදි කෙරුණේ මගීන් නිතර යන එන තැනක යි. ඒ මංසන්ධියක් අසල හෝ ප්‍රසිද්ධ මංමාවත් අද්දර යි. පුරාණයේ බොහෝ මංමාවත් වැටී තිබුණේ කුඹුරු යාය ඔස්සේ නිසා බොහෝ අමබලම් තනා තිබුණේ කුඹුරු අද්දර යි. කැටයම්වලට ප්‍රකට…