කෘතිය – අර්ධ
කර්තෘ – ශක්තික සත්කුමාර
ප්රකාශක – ග්රැෆිකෙයා
මිල – 400/ පිටු ගණන-124
විමසීම්- 0716 317 218
ලේඛක ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා සංග්රහය මෙයයි. මෙම කෙටිකතා සංග්රහයෙහි එන අර්ධ නම් නිර්මාණය 2019දී මාර්තු මස තම මුහුණු පොතේ පළ කිරීම නිසා ලේඛකයාට දින 130ක් රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීමට ද සිදු විය. අර්ධ කෙටිකතාව හේතුවෙන් සිරගත කරනු ලැබූ ශක්තික සත්කුමාර, තම සිරගත දිවිය තුළ ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් රචනා කරන ලද නිර්මාණ කිහිපයක් මෙම කෙටිකතා සංග්රහයට ඇතුළත්ය.
මහරගම ගිනි ගන්න අහස යට
ඔබේ කෙස් ටිකත් පිච්චුණා
හංසයෙක් පිපාසයෙන්
ඉඟිල ගියා අනන්තයට
තනිවුණ හංස ධේනුව
ඉකි බින්ද තුන්යම
ඒත් මං හිත හදාගත්ත
ඔබ හුස්ම ගන්න බව දන්න නිසා