ජගත් ගුණවර්ධන විසිනි විසිවන සියවසේ සිටි වඩාත් නව්‍ය් නිර්මාන රැසකට හිමිකම් කියූ චිත්‍ර ශිල්පියෙකු වූ පැබ්ලෝ පිකාසෝ පිලිඹඳ සොයා බැලීමට මා පෙලඹුනේ පසු කාලීනව මුත්,ඔහුගේ ජීවිතයෙන් සහ විශේශයෙන් චිත්‍ර කලාවේ නියලීමේ ක්‍රමවේද අධ්‍යයනයට ලක් කිරීම තුලින් බොහෝදේ ඉගෙනිමට හැකි විය. දශක නවයකටත් වැඩි කලක්, එනම් 91 වසරක් ජිවත්වුනු පිකාසෝගේ චිත්‍ර ශිල්පීය ජීවිතය දශක අටකටත් වඩා වීම නිසාම සහ ඔහු පිලිඹඳව බොහෝදේ ප්‍රකාශිතව තිබීමත් නිසා මෙම කරුනු සොයාබැලීමට සුදුසු මූලාශ්‍ර ගනනාවක් සොයාගත හැකිවිය.මෙම ඇතැම් කරුනු චිත්‍ර ශිල්පීය ජීවිතයකට නොව පොදුවේ අප ඕනෑම කෙනෙකුට තම්න ජීවිතයටත් යොදාගත හැකි කරුනු වේ.පහතින් දැක්වෙන කරුනු…