විජයගේ මේ සතියට යෙදී තිබෙන ජන්ම දිනය (ඔක් 9) නිමිත්තෙනි. ජේ.ආර්. ජයවර්ධනගේ 77 ආගමනයෙන් පසු ගෙන ආ විවෘත ආර්ථික විනාශය හා ඒකාධිපති වියරුව 80 දශකයේ ශ්‍රී ලංකාව උඩු යටිකුරු කිරීමට හේතු වු බව කිව යුතුය. ඒකාධිපති ව්‍යවස්තාව, 80 ජූලි වැඩ වර්ජනය,(මා ද මෙම වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි වූවෙක් මි.) 83 ජාතිවාදී විනාශය, 87 පලාත් සභා පනත, 88 භීෂණය මීට ගැටලු සහ විසඳුම් ලෙස මතුවිය. ජන නැගිටීම් හා ධවල මර්ධනයන් ගහණ වූ මේ දශකයේ ඇතිවූ පීඩිත ජනතාව ඉල්ලා සිටි දේශපාලන නායකත්වයේ එක් ප්‍රකාශනයක් ලෙස විජය කුමාරතුංගයන් ගේ ආගමනය සිදුවිය. විජය ජයග්‍රහණය…