රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි 1945 අගෝස්තු 6 වන දින, “Little Boy” ලෙස නම් කරන ලද පරමාණු බෝම්බය ජපානයේ හිරෝෂිමා නගරයට හෙළන ලද අතර, ඉන් දින 3 කට පසු “Fat Man” ලෙස නම් කොට තිබූ දෙවන පරමාණු බෝම්බය නාගසාකි වෙත හෙළන ලදී. මෙම ප්‍රහාර දෙකෙන් පුද්ගලයින් 200,000ක් පමණ මියගිය බවට ගණන් බලා ඇත. එහෙත්, එම නගර දෙකේ ජනයාට දිගු කලක් පුරා දිගින් දිගටම විනාශය අත්කර දුන් හා ඉදිරි පරම්පරාවන් සඳහාඳ විනාශකාරී අන්දමින් බලපාන, කලක් පවත්නා විකිරණවල බලපෑම මෙයට ඇතුළත්ව නැත. නාසි ජර්මනියේ පරාජයෙන් පසු, පැසිෆික් කලාපය තුළ දෙවන ලෝක සංග්‍රාමය තව…