ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ 1978 සිට 1984 දක්වා මා නේවාසිකයකු වීය. ඊට පෙර මගේ අම්මාට මාව පෝෂණය කිරීමට නොහැකි තරමේ දිළිදුභාවයෙන් අප පෙලුනේය . ඒ වගේම මා ඉතා දඟකාර / අකීකරු ළමයකු වීම ගැනද මගේ අම්මා බිය වූවාය. මා කොතරම් දඩබ්බර ළමයෙක්දැයි කීවොත් මම වයස අවුරුදු දහයේදී වීඳී දරුවන් සමග රාත්‍රී 9:30 සිනමා ශාලාවේ චිත්‍ර පට නරබා, දුම්රිය ස්ථානයක බංකුවක රාත්‍රීය ගතකල අවස්ථා ද , ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කල අවස්ථාද වීය. මගේ අනාගතය ගැන අම්මා බිය වීම සාධාරනය . කුඩා සරත්ව ඈ පොලීසියට රැගෙන ගියේ මාගේ ඥාති සොහොයුරකු…