එදා අන්තිම ලිපිය ලිව්වේ අක්ෂි රෝහලේ නැවතුතන පළමු දවසේ. දැන් ඇහේ තත්වය නම් සෑහෙන්න දුරට යහපත්. ඒත් හෙදිය දීපු පිළිපැදිය යුතු විනය නීති වලින් කන් දෙක පිරිලා. මම එදා නැවැත්තුවේ 2010/01/25 හෝමාගම පොලීසියෙන් පිටවුණ තැනින්. ගාමිණී මල්ලිත් එක්ක පොලීසියෙන් පිටවෙලා ආපසු ගෙදරට ආවා. ගෙදරට එනවාත් එක්කම සිරස මාධ්‍යයෙ මල්ලිලා දෙතුන් දෙනෙක් ගෙදරට ආවා. ජීවිතේ පළමු වතාවට කැමරාවක් ඉදිරියේ කතා කළා. ඒකත් ඔයා වෙනුවෙන් එදා ලොකු පුතා සංජයත් කතා කළා. ඔයා දන්නවනේ ඒ අවුරුද්දෙ තමයි ලොකු පුතා සාමාන්‍ය පෙළ ලියන්න නියමිතව හිටියෙ. එදා එයා කියපු වචන සියල්ල මේ මොහොතේ මගේ මතකයේ…
![]()