රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ජූලි 9 දින ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම නිසා හිස් වූ ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් මේ වනවිට රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙසට තේරී පත්ව ඇත. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරුන් පමණටම ජනතාවට පිළිකුල් කරන අයෙකි. ඔහුට පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවා අවස්ථාවක් නොලැබුණි. අවසන් මහ මැතිවරණයෙන් තමන් තරඟ කළ දිස්ත්‍රික්කයෙන් හා ලංකාවේ එකදු දිස්ත්‍රික්කයකින් ආසනයක් දිනා ගැනීමට නොහැකි වන තරමට ඔහු ජනතාවගෙන් ප්‍රතික්ශේප වී තිබුණි. ඔහුගේ පක්ෂයට 2020 මහ මැතිවරණයේදී ලංකාවෙන්ම ලබාගත හැකි වූයේ 2.15%ක ඡන්දයක් පමණි. එවන් අයෙක් රටේ ජනාධිපති ලෙස තෝරා පත්…
![]()