මෙහි පහත දැක්වෙන්නේ අද (09-06-2023) යූරෝ නිවුස්හි ලංකාවේ අලින් ඇතුළු අනිකුත් සතුන් ප්ලාස්ටික් ආහාරයට ගැනීම ගැන පුවතකි. මෙය අද ඊයේ සිට පවතින ප්‍රශ්නයක් නොවේ. වසර 2048 දී සුඛිත මුදිත ශ්‍රී ලංකාවක් ගැන වහසි බස් දොඩවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූෂිත පාලක පංති ප්රභූන්ට අවම වශයෙන් සංචාරක ව්‍යාපාරයට සුදුසු තැනක් බවට ලංකාව පත් කිරීමටවත් නොහැකි බව මින් පැහැදිලි වන්නේය. ප්‍රංශ භාෂාවෙන් පළවූ එම වාර්තාවේ සිංහල අනුවාදය පහත දැක්වේ.
“ශ්‍රී ලංකාවේ නැගෙනහිර අම්පාර දිස්ත්‍රික්කයේ වන අලි රංචුවක් ප්ලාස්ටික් කසල ඉවත් කරයි. දිවයිනේ ඊසානදිග ප්‍රදේශයේ විෂ සහිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිභෝජනයෙන් අලි සහ මුවන් මිය යාමෙන් පසුව, එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් අලෙවිය තහනම් කිරීමේ නව නීතිවලට පෙර ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ වැඩසටහනක් රට පුරා දියත් කිරීමට නියමිතය.”
From: https://fr.euronews.com/video/2023/06/08/sri-lanka-des-elephants-et-des-cerfs-victimes-du-plastique