https://www.change.org/p/withdraw-the-court-case-against-22-plantation-workers-in-sri-lanka
මස්කෙලියේ අප්කොට්හි ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 දෙනෙකුට හා තරුනයන් දෙදෙනෙකුට එරෙහි බොරු නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින්, ශ්‍රී ලංකාවේ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වක්රික) පෙත්සම් උද්ඝෝෂනයක් දියත් කර තිබේ. මෙම බොරු නඩුව අටවනු ලැබ ඇත්තේ, රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලමින් සහ වතු කලමනාකාරිත්වයේ මර්දන ක්‍රියාවන්ට විරුද්ධත්වය දක්වමින් එම වත්තේ කම්කරුවන් ගෙනගිය වර්ජනය තුල ඔවුන් ඉටු කල ක්රිකලාපය හේතු කොටගෙන ය. පෙත්සමට ඔබේ අත්සන තබා අනෙකුත් විස්තර ඇතුලු කරන ලෙසත්, වක්රික උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
පෙත්සම:
සන්ජේ රාජරත්නම් මහතා,
නීතිපති,
අංක 159, අලුත්කඩේ,
කොලඹ 12.
හිතවත් මහත්මයානෙනි,
නඩු අංක බී 34932/21 යතේ හැටන් උසාවියට ඉදිරිපත් කර ඇති ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 දෙනෙකුට හා තරුනයන් දෙදෙනෙකුට එරෙහිව ගොතා ඇති බොරු නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙස ඉල්ලීමකි.
මෙම ලිපියට අත්සන් තබන අපි, මස්කෙලියේ අප්කොට්හි පිහිටි, හොරන වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ රැකියාවෙහි නිරත එමෙන්ම අනෙකුත් වතුවල හා ජාත්‍යන්තරව රැකියා කරන කම්කරුවන් ද වෙමු. නඩු අංක 34932/21 යටතේ කම්කරුවන් 22 දෙනෙකුට හා තරුනයන් දෙදෙනෙකුට එරෙහි ව ඉහත නම් සඳහන් වත්තේ කලමනාකාරීත්වය විසින් ඉදිරිපත් කර ඇති නඩුවට අවධානය යොමුකරමින් එම නඩු ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලමින් අපි මෙම ලිපිය ලියමු.
1. ඕල්ටන් වත්තේ කලමනාකාර සත්‍යමූර්ති සුභාෂ් නාරායනන් විසින් කරන ලද ව්‍යාජ පැමිනිල්ලක් මත 2021 පෙබරවාරි 18 හා 2021 මාර්තු 9 අතර අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයන්, හැටන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුනුවන ලදු ව, පසුව මාර්තු 10දා දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලදී.
ඉහත නම සඳහන් කලමනාකරුවාට කායික ව පහර දී, මුදල් හා දේපොල කොල්ලකන ලද බවට, මෙම වින්දිතයන්ට එරෙහි ව බොරු චෝදනා නගා ඇත. එවන් සිද්ධියක් සිදු නො වී ය. මෙම කලමනාකරුවා, පෙබරවාරි 2දා සිට වැඩ වර්ජනයේ යෙදෙමින් සිටි කම්කරුවන්ට එරෙහි ව විවිධ අඩත්තේට්ටම් සිදු කලේ ය. මෙම හිරිහැරවලට එරෙහි ව, කම්කරුවෝ වර්ජනයෙහි අඛන්ඩ ව නිරත වු අතර, ඔවුහු තම විරුද්ධත්වය පලකරමින්, ඔහුගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවේ ද යෙදුනාහ. ඉහල වැටුප් ඉල්ලමින් යුක්තිසහගත ලෙස වැඩ නැවැත්වූ කම්කරුවන්ගෙන් පලිගැනීම පිනිස, කලමනාකරුවා මෙම සිද්ධිය යොදාගෙන පොලීසියට පැමිනිලි කලේ ය.
මෙම පැමිනිල්ලේ වින්දිතයෝ, ඔවුන්ට එරෙහි සාවද්‍ය චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
2. ඇප දුන් තැන් සිට, සෑම තෙමසකටම වරක් මෙම කම්කරුවන් උසාවියට කැඳවනු ලැබ ඇත. විමර්ශනය තවමත් පැවැත්වෙන බව පලමුව ඔවුන්ට කී චෝදනා ඉදිරිපත් කරන පොලීසිය, ඉන්පසු විමර්ශන වාර්තාව ඔබගේ කාර්යාලයට භාර දී ඇත. සෑම වතාවක දී ම, දඩයමට ලක්වූ කම්කරුවන්ට කියා ඇත්තේ, ඔබගේ කාර්යාලය චූදිතයන්ට එරෙහි ව චෝදනා තවමත් ඉදිරිපත් කර නැති බව යි.
මෙම නඩුව දැනට වසර දෙකකටත් වැඩි කාලයක් ඉදිරියට ඇදී යමින් තිබේ. 2023 මාර්තු 15දා නඩුව කැඳවනු ලැබූ විට, එය ජුනි 21දා දක්වා කල් දමනු ලැබිනි. මෙම ව්‍යාජ චෝදනාව හේතුවෙන්, කම්කරුවන් අතිශය දුෂ්කරතාවන්ට මුහුන දෙමින් සිටිති.
3. හොරන වතු සමාගම ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකු දොට්ට දමා ඇත්තේ කිසිදු විමර්ශනයක් නො කරම ය. මෙම අත්තනෝමතික දොට්ට දැමීම්වලට එරෙහි නඩුවක් හැටන්හි කම්කරු උසාවියේ දී, විභාග වෙමින් පවතී.
මෙම කරුනු පිලිබඳ ව සලකා බලන ලෙසත්, ඕල්ටන් වත්තේ කලමනාකරුවා හා හැටන් පොලීසිය විසින් කරන ව්‍යාජ චෝදනා ඉවත් කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, අපි ඔබෙන් නැවත ඉල්ලා සිටිමු.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් 2021 මැයි 1දා ප්‍රකාශයක් නිකුත් කල වතු ක්‍රියාකාරී කමිටු විසින් දියත් කරන ප්‍රසිද්ධ උද්ඝෝෂනයට අපි අපේ සහයෝගය දක්වමු.